සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ් වෙතින් මීගමු රෝහලට පරිත්‍යාගයක්

0
150

P1150222new
”සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ්” අනුග‍්‍රහයෙන් මීගමු රෝහලට රු.150,0000 ක පමණ වටිනාකමකින් යුත් රෝහල් උපකරණ සහ මෙවලම් තොගයක් ප‍්‍රදානය කිරීම අද දින පෙරවරුවේදී සිදු කෙරිණි.
මෙහිදී ප‍්‍රධානය කෙරුණු උපකරණ සහ මෙවලම් අතර රුධිර පීඩන මැනුම් යන්ත‍්‍ර, ඔක්සිජන් රෙගු්‍යුලේටර්, ග්ලූකෝ මීටර්, ඇතුඵ වටිනා අත්‍යවශ්‍ය ශල්‍යාගාර  උපකරණ සහ මෙවලම් රාශියක්ම අන්තර්ගත වේ. මෙම සංවිධානයේ සභාපති එස්.ඒ. සිරිසේන මහතා සහ ලේකම් තුෂාර ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මීගමුව රෝහලට ඉදිරියේදීද  මෙවැනිම ප‍්‍රදානයන් කිරීමට කටයුතු කරන බවයි. මීගමු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලාල් අරුණසිරි මහතා සහ එහි හිටපු වැඩ බලන වෛද්‍ය අධිකාරී ධුරයේ කටයුතු කළ වෛද්‍ය සනත් ගල්ගමුව මහතා සහභාගී වුහ.
වර්ෂ 2008 දී පමණ ආරම්භ කළ මෙම සංවිධානය මගින් පසුගිය වසරේදී දිගන පුනරුත්ථාපන රෝහල් වෙතද රු.180,000 ක පමන වටිනාකමකින් යුත් පරිත්‍යාගයක් සිදු කල බව මෙම සංවිධානයේ සමාජිකයෙකු වන ජෝන් සරත් විතාරණ මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා ‘සන්රේස් වර්කර්ස් ‘වෙල් ෆෙයා ක්ලබ් සංවිධානයේ සමාජිකයන් රැසක් සහභාගී වුහ.
(1 වන ඡායාරූපයේ දැක්වෙන්නේ සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ල්බ් සංවිධානයේ අනුශාසක වෛද්‍ය එන්.ඒ. කොට්ටච්චි මහතා විසින් මීගමුව රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලාල් අරුණසිරි මහතාට උපකරණ තොගයක් පරිත්‍යාග කරන අවස්ථාවයි.)

P1150219newnew

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here