spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමාජ ශාලාවක් වෙනුවෙන් නීතිය නමන නගරාධිපති!

Must read

club
රාත්‍රි සමාජ ශාලාවක් වෙනුවෙන් කොන්ක්‍රිට් දමා තවත් පහසුකම් ලබා දි තිබෙන අයුරු

මීගමු මහනගර සභාවට අයත් බිම් කැබැල්ලක් බද්දට යැයි කියා ගත් ව්‍යාපාරිකයෙකු දැන් එහි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර රාත්‍රි සමාජ ශාලාවක් පවත්වාගෙන යනු ලබයි.නීතියට අනුව නම් මේ සමාජ ශාලාවේ අයිතිය ඇත්තේ මීගමුව මහනගර සභාව වෙතය.මේ සමාජ ශාලාවට යාබදව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකි.කලකට ඉහතදි මේ ඉඩම බද්දට ගෙන එහි කඩහදා ලොකු ගාණක් හම්බකර ගැනිමට ලංසා පවුල හා ඒ අයට සම්බන්ධ තවත් දේශපාලකයන් කටයුතු කර තිබුණි.raily-shops-4raily-shops-7

railyway-shops-2වත්මන් නගර පාලනය ආරම්භ විමත් සමගින් අනවසර ඉදිකිරිම් කඩනවා යැයි කියමින් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා නගරාධිපති දයාන් ලංසා විසින් මෙසේ මේ දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමේ ඉදිකර තිබුණ කඩවලින් කොටසක් කඩා දමන ලදි.
අප මේ මාධ්‍ය සංදර්ශන කඩකැඩිල්ල එදාම හෙළිකර සිටියේ මේ කඩවලින් කොටසක් කඩා ඉවත් කරන්නේ රාත්‍රි සමාජ ශාලාව පාරට පෙනෙන ලෙස පෙනුමක් ලබාදිමටත් එමෙන්ම එම රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන වාහන වලට රථ ගාලක පහසුකම් සපයා දිම වෙනුවෙනුත් බවය.එය එලෙසින්ම විය.දැන් තවත් සෙල්ලමකි.
දැන් අනුන්ට අයත් ඉඩමකට කොන්ක්‍රිට් දමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු ලෙසින් පෙනි සිටින ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිය අගේට නවා තිබේ.මේ සියලු නීති නැමිලි සිදුවන්නේ 19දෙනෙකුන් සමන්විත එජාප මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂය ලෙසින් සිටියදිය.එහෙත් මේ අයගෙන් අති බහුතරයක් සිටින්නේ ලංසා පවුල සමගින් ඩීල් දමාගෙනය.එබැවින් නගරාධිපති දායන් ලංසා ඉතා අගේට සකලාකාර නීති විරෝධි ක්‍රියාවන්හි නියැලෙමින් සිටි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article