spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘සයින්දමරුදු’ ‘යූ ටර්න්’ : ‘සිංහල අන්ත ජාතිවාදීන්ගේ ජයක් ! -බැසිල් කනස්සල්ලෙන් !!

Must read

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීන්දුකර කර තිබේ.ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය එම තීරණය ගනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සදහන් කලේය. ඒ, එම නගර සභාව ගැසට් කිරීමෙන් පසු ඇතිවූ විරෝධතා සැලකිල්ලට ගනිමිනි.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය ගත් තීරණය එරෙහිව පසුගිය දිනවල ‘ජාතික සංවිධාන’ කිහිපයක් ම විසින් විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කර තිබුණි. විමල් විරවංශ ඇමතිවරයාගේ ජාතික නිදහස් පෙරමුණ එහි පෙරමුණ ගෙන තිබිණ.

වීඩියෝ


කෙසේවුවද ‘කැබිනට් මණ්ඩලය විසින් සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ.

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව බැසිල් රාජපක්ෂ එම ප්‍රදේශයේ ජනතාව අමතමින් පැවසුවේ මෙසේය.


”ගෝටා තමා විසින්ම අවුලවන ලද ජාතිවාදී ගින්නට මැදි වෙලා” – සුනන්ද දේශප්‍රිය 

ආණ්ඩුවේ මෙම තීරණය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

”ගෝටාගේ ආන්ඩුව කුණාටු සයුරක අතමං වූ රුවළක් නැති නෞකාවක් බවට සෛන්දමරුදු නගර සභාවක් කිරීමත් අවලංඟු කිරීමත් පෙන්වනවා. ඒ විතරක නොවෙයි ගෝටාගේ ආන්ඩුවේ සුක්කාකම තියෙන්නේ සිංහල අන්ත ජාතිවාදීන් වෙත බව පෙන්වනවා. ගෝටා දැනටම තමා විසින්ම අවුලවන ලද ජාතිවාදී ගින්නට මැදි වෙලා.

තර්ක බුද්ධිය වෙනුවට ප්‍රාථමික හැගිම් වලට යටවීම නිසා තමයි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත් වෙන්නෙත්. මේ අන්තවාදය මහ ඡන්දය කරා යන්නේ සුනාමියක් විදිහට. නමුත් ඒක ආපහු යන සුනාමියක් නොවෙයි.

සෛන්දමරුදු නගර සබාවක් කිරීම ගැන දාර්ශනික සටහන් ලියමින් ගෝටා වැණූ ‘බුද්ධිමතුන්’ දැන්වත් සමස්ථ යතාර්තය තේරුම් ගැනීමයි වැදගත්. එමපියවර ගත්තේත් පටු ලාභ ප්‍රයෝජන තකා. මුස්ලිම් ජනයාගේ ඉල්ලීමක් ඉටු කරන්න නොවෙයි.

දේශපාලන විග්‍රහයන්හිදී වැදගත් වන්නේ දිශානතිය සහ සන්දර්භය තුල සිදුවීම් තැබීමයි. නැත්නම් සිදුවන්නේ අනුභූතිකවාදියට යට වී කෑල්ලෙන් කෑල්ලේ යහගුණ සහ අවගුණ කීම.

ගෝටා පාලනයේ දිශානතිය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ ඇස්බැන්දුම් ඒකාදිපතිත්වයක් ඇති කිරීම. එම යතාර්තයෙන් පිට ගෝටා තේරුම් ගන්න බැහැ.”

ගැසට් නිවේදනය  අත්හිටුවීමට පිළිබඳ The Sunday Morning පුවත්පතේ කාටුනය පහතින්
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article