සරත්ගේ තනියට ලංසාත් පැමිණේ ?

0
46

sarath and nimalsara and nimalදේශපාලනයේදි සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි යළි යළිත් තහවුරු කරමින් කලක පරම සතුරන්ව සිටි මීගමුව හිටපු සංවිධායක සරත් ගුණරත්න අද දින උසාවියට පැමිණෙන අවස්ථාවේදි ඔහුගේ තනියට පැමිණ තිබුනේ යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසාය.
පසුගිය ජනාධිපතිවරණය තෙක්ම මේ දෙදෙනාගේ පසමිතුරුකම් වල රග  පත්තරවල පිටුපුරා සතිපතා දිගහැරෙන මඩතලි බවට පත්ව තිබුණි.
පාලකයා හිවලකු මෙන් කපටි විය යුතුයැයි එදා කුමාරයා පොත ලියමින් මැකියාවේලි නම් විද්‍යාර්තියා කියා සිටියේය.
එය රාජ්‍ය පාලනයේදි අත්පොතක් ලෙස බහුතරයක් පාලකයන් භාවිතා කරන්නට ඇත.
නියොජ්‍ය ඇමති නිමල් ලංසා කුමාරයා  පොත පරිශිලනය කොට ඇතැදැයි අප නොදනිමු.
එහෙත් ඒ මග යන බව පමණක් දනිමු.
ඡායා- එම්.ඉසෙඩ් සහජාන්