අප දැනටමත් ස්වාධීන කණ්ඩායම් ගැන කර ඇති ඇතැම් ඉඟි සම්බන්ධයෙන් සමහරු කලබල වි ඇති සැටියකි.
අප විසින් ඉතා පැහැදිලි ලෙස කියා සිටියේ ස්වාධීන කණ්ඩායම් හතරක් ලංසා පවුල් පාලනයට එරෙහිව සිය භාවිතාවෙන්ම තමන්ගේ පිළ ගැන කලක පටන්ම සාක්ෂි දරා ඇති බවය.
අනිත් බොහොමයක් කණ්ඩායම් පිටුපස අඩු වැඩි වශයෙන් සිටින්නේ ලංසා පවුලම බව අමුතුවෙන් පැහැදිලි කර දිම් අවශ්‍ය නොවේ.
මේ අතර තවත් අය තිරණාත්මක අවස්ථාවකදි හිටගන්නේ කා සමඟද යන්නද පැහැදිලි නැති නිසාම ඒ කණ්ඩායම් ගැනත්.ඒවායේ නායකත්වයන් ගැනත් සහතික දිම සැබැවින්ම අපහසුය.
මේ ඇතමුන්ට ලංසලා අවශ්‍ය අවස්ථාවන් වලදි උදව් කර ඇති බවද දැන් රහස් නොවේ.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින ඇතැම් දේශපාලන පක්ෂවල තිරණ වලට බලපෑම් කිරිමට තරම් හැකියාවක්ද ලංසා පවුල සතු බව කියැවේ.
කෙසේ වෙතත් තවත් ඇත්තේ දින 10 කි .මිගමුව අලුතින් ගොඩනැගිමට තරම් දැක්මක් හැකියාවක්ව ඇති අය මේ ලස්තු සියල්ලේම සිටින්නෙ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. වැඩිපුරම ඇත්තේ වැඩිබැරි ටාසන්ලාය.ඇතමුන්ව කල්ඉකුත් වු භාණ්ඩ වැනිය.
මාලිමාව පවා අද මුහුණ දි සිටින ප්‍රධානතම අභියෝගයක් වන්නේද එයයි..මේ අභියෝගය ජයගැනිමට මාලිමාවට නොහැකි බව බහුතරයක් දෙනාට තෙරුම් ගොස් තිබුනද දැන් පමා වැඩිය.ගිය නුවන දැන් ඇතුන් ලවාවත් ඇදගන්නට බැරිය.
එස් .ප්‍රනාන්දු