- මීගමුව මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් වලින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් අද දින මීගමුව නාගරික කොමසාරිස් නුවනී සුදුසිංහ මහත්මිය ඉදිරිපිට දිවුරුම් දීම සිදු කළේය
දිවුරුම් දීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරුන් මාධ්‍යයට කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන මංගල සභා රැස්වීමේදී නගරාධිපතිවරයා ප්‍රකාශ කරන ප්‍රකාශනයන් අනුව තමන් රජයට පක්ෂව කටයුතු කරනවද නැතිනම් විපක්ෂයට සමග එකතු වි ඔවුන් සමග කටයුතු කරනවද කියා තීරණයක් ගන්නා බවයි
මේ අතර නගර සභා සේවකයන් අතර අද පැවැති කසුකුසුව වි තිබුනේ මෙසේ අද දිවුරුම් දිමට පැමිණ තිබුනේ ලංසා පාර්ශවය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරනයට ඉදිරිපත්ව සිටි ස්වාධීන කණ්ඩායම් වල සාමාජිකයන් පිරිසක් යන කරුණයි.
තවත් දෙදෙනෙකු අද දිවුරුම් දිම සඳහා පැමිණිමට නියමිතව සිටියද ඒ අය අද පැමිණ තිබුනේ නැත.
මේ අතර ලංසා පාර්ශවය හා ඉතාමත් සමිපව කටයුතු කරමින් සිටින චරිත කිපයක්ද මෙම ස්වාධීන කණ්ඩායම් සමාජිකයන් සමඟින් පැමිණ සිටි බවද නගර සභා සේවක ආරාංචි මාර්ග දක්වා සිටිති.
මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වු ,වත්මන් ස්වාධින කණ්ඩායම් සභික සජිත් මෝගන් කියා තිබුනේ හිටපු නගරාධිපති සරත් චන්ද්‍ර ගුණරත්නගෙන් පසු මිගමුවට වැඩ කළ එකම නගරාධිපතිවරයා නිමල් ලංසා බවය.