spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාමය සහ ආදරය පදනම් කරගත් පාස්කු දන්සැල

Must read

DSC_0237පාස්කුව   පදනම් කර ගනිමින්  පෙරියමුල්ල  තුෂාරයේ අප ස්වාමිදුවගේ   දෙව්මැදුරට  ආසන්නව  කැඳ දානයක්  පැවැත්වේ.
ඒ  ජූඩ්  මහතාගේ  නිවස   ඉදිරිපිට   ඒ මහතාගේ  සත්  ක්‍රියාවක  ප්‍රතිඵලයක්  ලෙසිනි. වසරකට  වරක්  පැවැත්වෙන  මෙම   උතුම්  කටයුත්ත  මේ පැවැත්වෙන්නේ  31වෙනි  වරට  බව  ජූඩ්  මහතා  අප සමග  පැවසීය. මේ පිළිබදව   වැඩිදුර  දැනගැනීම  උදෙසා  දානය  පැවැත්වෙන  ස්ථානයේ  දීම  ඔහුගෙන්    විමසීමක්  කළෙමු.

ඇයි  ඔබ  මෙවැනි  දෙයක්  කරන්නේ?

සාමාන්‍යයෙන්   කතෝලිකයො  පාස්කු  සමයේ  උදේ  ඉදලම  නිරාහාරව  ඉන්නෙ.  පල්ලි  ගිහිල්ල  එනකොට  ඒ අයට  බඩට  කැද  සව්  වගේ  දෙයක්  වැටෙනව නම්  ඒක සෞඛ්‍යට  හොද දෙයක්. ඒකනිසා  මම මේ  දානය අවුරුද්දකට  වතාවක්   සිදු කරනව. 1500ක්  පමණ  පිරිසක්   සහභාගි වෙනව.

මේ  කටයුත්ත  පටන්  ගත්ත  ඉතිහාසය…

ඒ  කාලෙ  මීට  වඩා  තැන්තැන්වල  කැඳ දන්සැල්   පවත්වල  තියෙනව.  මම  ඉතා සුළුවෙන්  තමයි  පළමුවෙන්  පටන් ගත්තෙ.  1988 ඉදල මේදක්වා  අඛන්ඩව  මේ  වැඩපිළිවෙල  කරගෙන යනව.  ඒ  කාලෙනම්  මිනිස්සු  ගෙවල්වල   සියයට 80ක්ම  දවල්ට  උයන්නෙ නෑ.  ඒනිසා  පල්ලි  යන  අයට  මේ වගේ  කැද පානයක්   දෙන  ස්ථාන  තිබුන.DSC_0240

මේ  ගැන යම්  අදහසක්   කිව්වොත්…

අපි  කතෝලිකයො  හැටියට   යේසුස් වහන්සේ  අනුගමනය  කිරීම  තමයි  වැදගත්.  උන්වහන්සේ  වැරදි  කළවුන්ටත්  සමාව දීම  කියන පනිවිඩය  අපටදුන්න. ඒ අනුව  සමාව  සහ  ආදරය  ආදර්ශයක්  ලෙස අපට   පෙන්නල  දුන්න. මේකෙදි  ජාතිවාදය ,  ආගම් වාදය, අතහැරදාල  සියළුදෙනා  සමග  එක්ව කටයුතු  කිරීමේ  ආදර්ශය  තමයි  වැදගත්  වෙන්නෙ.මෙහිදී   ජූඩ්  මහතා  විසින්  විශේෂ  පින්තූරයක්  අපට පෙන්වමින්  එහි  අදහස  අපට  පැහැදිළි කරනලදී. යේසුස් වහන්සේ   විවිධ  ආගම්වල   සංකේත  සහිත  කොඩි  දක්වන  සහ  විවිධ  රටවල්වල  කොඩි  සහිත  ඇදුමක්  ඇද  සිටි අතර  ඉන්  දැක්වෙන්නේ  සියළු  ආගම්වල  සිටින  ජනයා  සමග  මුළු ලෝකයම  එක්ව  ජීවත්විය යුතු බවයි.DSC_0242

 

????????????????????????????????????

 

සටහන- සැම්සන් ඥානසිරි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article