සාෂා අවන්හලේ (Sasha Food Court ) පොසොන්, ප්‍රයිඩ් රයිස් දන්සලට, අති විශාල ජනකායක්. …..
මීගමුව ,කුරණ, සාෂා අවන්හල ( Sasha Food Court) අනුග්‍රහයෙන්, සංවිධානය කර පවත්වනු ලබන පොසොන් මහා ප්‍රයිඩ් රයිස් දන්සැල අද (29/06/2026) සවස එම අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.
බෞද්ධ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්, චිරාගත සම්ප්‍රදායනුකූලව පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව, මෙම පොසොන් මහා ප්‍රයිඩ් රයිස් දන්සල ජනතාව වෙත විවෘත කරන ලදී.
මීගමුව ,කුරණ සාෂා අවන්හල ( Sasha Food Court ) මගින් සංවිධානය කර 06 වන වරටත් පවත්වනු ලබන මෙම පොසොන් ප්‍රයිඩ් රයිස් දන්සලේ සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් ඉටුකිරීම සඳහා මීගමුව, හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ආචාර්ය, ගෞරවනීය රාජාංගනයේ රත්නවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම අවන්හල් පරිශ්‍රය වෙත වැඩම කළ අතර සාෂා අවන්හලේ (Sasha Food Court) අධිපති අජිත් අත්තනායක මහතා සහ ඔහුගේ පුත් රනුක් අත්තනායක මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් එම සමාරම්භක අවස්ථාවට සහභාගි වූහ. එලෙසම මීගමුව කුරණ, සාෂා අවන්හලේ (Sasha Food Court) කළමනාකරු ෂෙඩ්රික් රෝලන්ඩ් මහතා සහ එම අවන්හලේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම ආරම්භක අවස්ථාවට සහභාගි වූහ.
මෙම ෆ්‍රයිඩ් රයිස් දන්සැල පැවැත්වෙන එම විශේෂ කුටිය වෙත පැමිණීමට අති විශාල ජනකායක්, කුරණ, සාෂා අවන්හල (Sasha Food Court) ඉදිරිපිට මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගය සමීපයේ රැඳී සිටින ආකාරයද දැකගත හැකි විය.
සාෂා අවන්හලේ (Sasha Food Court ) කලමනාකරු ඇතුළු එම කාර්ය මණ්ඩලය පැවසුවේ , මෙම මහා ප්‍රයිඩ් රයිස් දන්සල අද (29/06/2026) දින මධ්‍යම රාත්‍රිය තෙක් පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මෙම දන්සැල සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගි වනු ඇති බවයි.








































