සැම⁣ට ආරක්ෂාව සැලසෙන නව සංස්කෘතියක් අවැසියි!

0
323
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

අප රටේ ජනතාව වෙනසක් අපේක්ෂා කරති. අරගලයක් සිදු කලේ ඒ සදහාය. එම අපේක්ෂාව සැබෑකර ගන්න නම් අපේ සංස්කෘතියේ වෙනසක් ඇතිවිය යුතුය.

ඉතා උතුම් බෞද්ධ ධර්මය මත සැකසුන සංස්කෘතියක් අපේ ඉතිහාසය තුල තිබී ඇත. එමෙන්ම අනිකුත් සියලු ධර්මයන් එම සංස්කෘතියේ පෝෂණය සදහා දායක වී ඇත. ඒ නිසාම මහපොළවේ “සියලු ජීවීන්ට” ආරක්ෂාව සැලසුනි.

අද පවතින සංස්කෘතිය එදා මෙන් සියළු ජීවීන්ට එම ආරක්ෂාව ලැබේ ද? තමන්ගේ ජාතිය, වර්ගය, ආගම, කුලය, පවුල, පාසල හා තමන් පමණක් රැකගන්නට අද හැමෝම තරග කරති.

එම නිසා අපේක්ෂිත වෙනස ඇතිකර ගන්න මෙම සංස්කෘතිය කිසිවිටක රුකුලක් නොවේ. පවතින සංස්කෘතිය ඉතාමත් හානිකරය.

එබැවින්, “මනුෂ්‍යයා” ඇතුළු “සියලු ජීවීන්ගේ” ආරක්ෂාව පදනම් වූ නව සංස්කෘතියක් ගොඩ නැගීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ.

මෙහිදී ජන මාධ්‍යට විශේෂ කාර්යක් පැවරේ. යමෙක් කිසියම් ජීවියෙකුට හානියක් වන ආකාරයේ වටිනාකම් හෝ අදහස් හෝ මතවාදයන් හෝ ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් ඒවාට ප්‍රචාර කිරීමෙන් වැළකී සිටිය යුතුය. ප්‍රචාරය කල යුත්තේ “සියලු ජීවින්” පෝෂණය කරණ දේ පමණකි.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමා ගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here