spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිතියම්ගත ඇලක් ගොඩකර තැනු රැනෝවෙල් හෝටලයට මහින්ද පොහොට්ටු අපේක්ෂකයෝ යළි කැදවති !

Must read

2017 දෙසැ 23 වෙනිදා රැනෝවෙල් හෝටලයේ පැවැති රැස්විම
2017 දෙසැ 23 වෙනිදා රැනෝවෙල් හෝටලයේ පැවැති රැස්විම

Sarath G 2

2017 පළාත් පලාන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයන් සියලු දෙනාව ඊයේ දිනයේ කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයට කැදවා තිබුණි.
මෙය ඇත්තටම දෛවයේ සරදමකි.
රෙනොවේල හෝටලය යනු මහින්ද ලංසා සහ සරත් පාලනයේ දුෂිත බව මීගමුවට සහ රටට ලෝකයාට  කියන කදිම ජිවමාන සාක්ෂියකි.
ඒ හෝටලයටම යළිත් සිය අපෙක්ෂකයන් කැදවමින් මේ අය කියන්නේ කුමක්ද ?
මිපුර වෙබ් අඩවිය සහ පුවත් පත් විසින් පමණක් හෙළිකරන ලද මේ මහා මංකොල්ලයේ ඉතිහාසය යළිත් අප මතක්  කරනුයේ මහින්ද ලංසා සහ සරත් පාලනය යේ දුෂිත බව මීගමුවේ ඡන්ද දායකයාට කියා සිටිමටය.මෙම කටයුත්ත හරියටම පසුගිය  පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදිම ගොඩකිරිම ආරම්භ කිරිමෙන් පෙනි යන්ෙන් මෙම රාජ්‍ය විරෝධි කටයුත්ත සිදුන කළ කැළුම් නැමැත්තා අනිවාර්යෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි විශාල මුදලක් ඒ ප්‍රදේශයේ දේශපාලකයන් වෙත වියදම් කර ඇති බවය.
සරත් ගුණරත්න සහ ඔහුගේ ගෝල බඩියා වු බන්දුල නාඔටුන්න මෙහි ප්‍රධාන චරිත වෙති.
නිමල් ලංසා මෙන්ම ඇන්ටනි ජයවිරද මේ සාපරාධි ක්‍රියාවේ තවත් චුදිතයෝ වෙති.

කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.

දන් මේ සියල්ල තවත් හොදින් පෙනෙන්ට පටන් ගෙන ඇත්තේ මෙසේ  ඇල ගොඩකරමින් අල්ලාගත් ඉඩමේ ඉදිවු  හෝටලය 2013 දෙසැම්බර් 01 වනදා  ඇමති බැසිල් රාජපක්ෂ විසින් විවෘත කිරිමට ඇති සුදානමත් සමගින්ය

Ranowell
රැනොවෙල් හෝටලය විවෘත කළ දා

රැනොවෙල් හෝටලය විවෘත කළ දා

ranowell-lansa-

ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ  පුර්ණ අනුග්‍රහය මත අධිකරණයෙන්ද නිදහස්ව දැන් සතුටින් කල් යවති.ඉපැරණි ඇල මෙසේ ගොඩ කර  අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
නීතියේ ආධිපත්‍ය බිදවැටිමේ ඇති අයුරු ගැන කියන්නට මීගමුවේදුි තවත් උදාහරණ අවැසිද ?? ඉතින් හොර නඩය විසින් යළිත් වරක් මීගමුව පාලනය කිරිම සදහා තමන්ට බලය දෙන්නට යැයි කියා සිටිති.?????

2016 පෙබවාරි 14 වෙනිදා මහින්ද රාජපක්ෂ විසින් සිය පළාත් පාලන අපේක්ෂකයන්ව මෙම රැනොවේල හෝටලය ට කැදවා තිබුණි.එදා එහි බරපැන දරා තිබුනේ යහපාලන ඇමති නිමල් ලංසා විසිනි.රැනෝවේල් යනු මේ කප්පම් දේශපාලකයන්ගේ නිළ ගුබ්බෑයමයි …
..

අද රැස්විමට පැමිණි සරත් සහ බැසිල්

2016 පෙබරවාර 14 වනදා රැස්විමට පැමිණි සරත් සහ බැසිල්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article