කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.
මෙම කටයුත්ත හරියටම පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදිම ගොඩකිරිම ආරම්භ කිරිමෙන් පෙනි යන්ෙන් මෙම නීති විරෝධි කටයුත්ත සිදු කළ කැළුම් නැමැත්තා අනිවාර්යෙන්ම 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදි විශාල මුදලක් ඒ ප්‍රදේශයේ දේශපාලකයන් වෙත වියදම් කර ඇති බවය.
දන් මේ සියල්ල තවත් හොදින් පෙනෙන්ට පටන් ගෙන තිබුනේ මෙසේ ඇල ගොඩකරමින් අල්ලාගත් ඉඩමේ ඉදිවු හෝටලය 2013 දෙසැම්බර් 01 වනදා එවකට ඇමති බැසිල් රාජපක්ෂ විසින් විවෘත කිරිමත් සමඟින්ය.
ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ පුර්ණ අනුග්‍රහය මත අධිකරණයද නොමඟ යවමින් නිදහස්ව දැන් සතුටින් කල් යවති.
ඉපැරණි ඇල මෙසේ ගොඩ කර අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව තිබුන බව ප්‍රදේශවිසින් පවසා තිබුණි.
ඇලක් ගොඩකරමින් වැඩිපුර පර්චස් 10ක්ද අල්ලාගත් මෙම ව්‍යාපාරිකයා මුළු ඉඩම රැනොවේල් හෝටලයේ හිමිකරු රවි වෙත අලෙවි කර තිබුණි.
රවි යනු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ සමිපතයන් අතර සිටි අයෙකි.
දැන් ඇත්තේ පුනරුද පාලනයකි.දශකයකටත් වඩා වැඩි කාලයක් නීතිය වල්වැදි තිබුන නගරයක තවත් පමා නොවි නිතිය ස්ථාපිත කොට නිතියට පිටින් වැඩකර ඇති නිලධාරීන්ට මෙන්ම දේශපාලකයන්ටද නිසි දඬවුම් දියයුතුව තිබේ.
අප කරන ඇතැම් හෙලිදරව් කිරිම් දිරවන්නේ නැති ලංසලාගේ බඩියන්ට අපට කියන්නට ඇත්තේ අප සතු සියලු තොරතුරු ඉදිරියේදි සමාජ ගතකරන බවය.















