spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිතියම් ගත ඇලක් ගොඩකර කොච්චිකඩේ තැනු හෝටලයට අද පරිසර ඇමති එයි !

Must read

තෝප්පුව ඇලRanowell-මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගය හදුන්වන්නේ   තෝප්පුව  ඇල කියලා.
මේ ඇල දෙපැත්තේ කොච්චිකඩේ ව්‍යපාරිකයෙකුට අයත් ඉඩම් දෙකක් පිහිටලා තියෙනවා .මේ ඇල මේ ඉඩම් දෙක මැදින් ගලා යන්නේ වංගුවක් සහිතවයි.
ඉතින් මේ කැලුම් කියන පුද්ගලයට ඕන වෙනවා මේ ඉඩම් දෙක යාකරන්න .
ඒකට තියෙන්නේ එකම විදියයි.
සිතියම් ගත තෝප්පුව ඇල වෙනස් කරන එක .එයා මොකද කරන්නේ අර වංගුව කෙලින් කරල ඉඩම් දෙක යාකරගන්නවා.
අඩි 20 ක් පමණ පළල  මේ ඇලේ  ස්වාභාවික පිහිටිම වෙනස් කරලා  2011 ඔක්තෝබර් 10 වනදා එනම් පළාත් පාලන මැතිවරණය තිබ්බ දවසේ අළුත් ඇල මාර්ගයක් කපන්න කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නම් ව්‍යාපාරිකයෙකු කටයුතු කරනවා.
මේක කරන්න ඇයි කැලුම් කියන ව්‍යාපාරිකයා පළාත් පාලන මැතිවරණ දවස තෝරගන්නේ .
එයා දන්නවා එදාට රාජ්‍ය නිලධාරින් හරි පොලිසිය හරි මේකට මැදිහත්වෙන්න එන්නේ නෑ කියල.
මේ රාජ්‍ය විරෝධි වැඩේ සැහෙන දෙනෙක් හවුල්…..
මේ ප්‍රදේශයේ කටාන පැත්ත භාර ග්‍රාම සේවක එක ප්‍රධාන කෙනෙක් . එයා දන්නේ නැද්ද මේක රාජ්‍ය දේපලක් සිතියම් ගත ඇලක් කියල.?
එහෙම තියෙද්දි එයා කොහොමද එකට ලියුම් දෙන්නේ .?
අනික කටාන ප්‍රාදේශිය ලේකම් කියන්නේ බබෙක්ද එයා දන්නේ නැද්ද මේක සිතියම් ගත ඇලක් කියල.?
බන්දුල නාඔටුන්න කියන්නේ ඒ පැත්තේ ඒ කාලේ හිටපු නාගරික මන්ත්‍රිවරයා. මෙයා අනිවාර්යෙන්ම සම්බන්ධයි. ඒ කාලේ එයා හිටපු ඇමති සරත් ගුණරත්නගේ බඩියෙක්.
ඊලගට නගර සභාව මේකට නගරාධිපතිත් වගකියන්න ඕනා .
ඒ විතරක්ද කොච්චිකඩේ පොලිසිය .
මේ ප්‍රදේශයේ ගම්වාසින් කිපදෙනක් මේ නිතිවිරෝධි කටයුත්තට එරෙහිව මැදිහත්වෙනවා.
නමුත් කොච්චිකඩේ පොලිසිය මේ ප්‍රශ්ණය අධිකරණය හමුවට ගෙනියන්නේ මහජන ආරවුලක් හැටියට සහ ඒ ජනතාවට මේ නිසා පිඩනයක් වෙනවා කියන අදහසින්.
ඒ හින්ද රාජ්‍ය දේපලක් කොල්ලකාපු කැලුම්ට අධිකරණයෙන් දෙන නියෝගය තමයි ඇල දෙපස තිබෙන නිවැසියන්ට ආපදාවක් නොවෙන විදියට ඇල දෙපැත්තේ ගල්වලින් තාප්පයක් නිර්මාණය කරන්න කියන එක.
ඒ වැඩේ වුනත් කැලම් කරගන්නේ තමන්ගේ වාසියට .

එයා ඉස්සරවෙලාම හදන්නේ තමන්ගේ පැත්තේ ගල් තාප්පේ .
කොහොම වුනත් අද දේශපාලකයොත් යන එන මාධ්‍ය නාලිකා උත්සව තියෙන රැනොවේල් කියන හෝටලය තියෙන්නේ මේ රාජ්‍ය දේපලක් වෙච්ච තෝප්පුව ඇලේ කොටසක් ගොඩකරපු ඉඩමක.
මේ සේරම කෙලි සිද්ධ වුනේ රාජපක්ෂලාගේ වනචාරි යුගයේ.
දැන් එක් ඉවරයි.
ජනාධිපති කැබිනට් මණ්ඩලය අමතල කිව්වේ ඇමතිවරු රහසින් වත් හොරවැඩ නොකල යුතුයි කියලයි
කැලුම්ලාගේ මේ රජගේම් හෙලිකරන්නට දැන් කාලය  ඇවිල්ල
.ඒ රාජ්‍ය දේපලක් සොරාකන්නට උඩගෙඩි දුන් සියළුම රාජ්‍ය නිළධාරින් සහ දේශපාලකයන්ගේද රෙදි ගලවා දමල .
මේක එහෙම පිටින්ම රාජපක්ෂලාගේ දේශපාලනඥයන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් සිද්ධ වුන බව කියන්න වෙනත් කිසිම සාක්ෂියක් ඕනේ නැ.
ගිහින් බලන්නකෝ රනොවේල් හෝටලයේ විවෘත කිරිම දවසේ ඉස්සහරින්ම ඉන්න දේශපාලකයෝ කව්ද කියල.
බැසිල් සරත් සුදර්ශණි නිමල් ලංසා වණිගරත්ත ලීලානන්ද ලලන්ත , අරුන්දික සහ තවත් බොහෝ අය …..11sm

හෝටලය විවෘත කරපු දා

හෝටලය විවෘත කරපු දා

මේ දැවැන්ත අකටයුත්ත ගැන එදා සිට අද දක්වා කථා කළ එකම මාධ්‍යය වු මීපුර මේ අවනිතිය යළිත් වරක් රටට හෙළිකර සිටින්නේ අදාල වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිම යහපාලනයට භාරදෙමිනි.
අද තවත් හොද දෙයක් වෙනවා

මොකද අද මේ හෝටලයේ මගුල් ගෙයක් .මේකට එනවා රටේ පරිසර ඇමති ඒ විතරක්ද ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන කියන්නේ පරිසරයට ආදරයක් දක්වන කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධයි,

ඒත් කව්ද එයාට කියන්නේ අද මගුල් ගෙදර සතුටුවෙන්නේ සිතියම් ගත ඇලක් ගොඩකරල හදපු ඉඩමක් තියෙන හෝටලයක් ඇතුළේ ඉදන් කියල …..

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article