සිරස මාධ්‍යවේදියා ට පහරදුන් රෝහල් ආරක්ෂකයින් තවමත් නිදැල්ලේ

0
143

හලාවත -මැරවල ප්‍රදේශවාසීන් පිරිසකට හලාවත පොලීසිය විසින් පහරදුන් සිද්දියක් වාර්තා කිරීමට හලාවත මූලික රෝහලට ගොස් සිටියදී රෝහලේ ආරක්ෂයින් පිරිසක්
විසින් සිරස මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ට පහර දෙන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන්  පැමිණිල්ලක් හලාවත අධිකරණයේ විභාග වන අතර අද එම නඩු විභාගය හලාවල දිසා
අධිකරණයේදී පැවැත්විණි. මාධ්‍යවේදීයාට පහරදුන් අයගෙන්  මේ වනතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙක් පමණි.

පොලිස්  පරීක්ෂණ කටයුතු ද සම්පූර්ණ කර නොමැති හෙයින් අද උසාවිය විසින් නියෝග කර ඇත්තේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගෙන  පරීක්ෂණ කටයුතු අවසන් කරන ලෙසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here