සිවිල් ආරක්ෂක කමිටුවත් NPPකරණය වෙයි?

0
276

 

ගම්වල තිබුන සිවිල් ආරක්ෂක කමිටු බොහොමයක ප්‍රධානින් වෙලා තිබුනේ ගම්මුන්ගෙත් වැඩි කැමැත්තක් දිනාගෙන තිබුන පොදු වැඩවලත් හිටපු යම් පිරිසක්.මේ අතර ඇතැම් කොට්ටාශවල ගැටලුසහගත අයවලුන්ද සිටින බව සැලය.

⁣සිවිල් ආරක්ෂක කමිටුවේ ලේකම් බවට පත්වෙන්නේ නිලබලයෙන්ම ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයා.

මේ සෑම වසමකට පොලිසියේ නියෝජිතයෙකුත් අනුයුක්ත කරල තිබුන.

මේ දවස්වල මිගමුවේ හුඟක් තැන් වලින් ඇහෙන පොදු කතාවක් තමයි සිවිල් ආරක්ෂක කමිටුවල හි⁣ටපු හැමෝම පැත්කකින් තියල ගම්මල මාලිමා ක්‍රියාකාරින්ව පත්කරගෙන යන වැඩසටහන නිසා එක්තරා විදියකට ගමේ බෙදිල්ලක් දැනටමත් හැදිල කියල.

සමහර තැන් වල හිටපු කෙනෙකුයි  අලුත් කෙනයි දෙන්නමව නම්කරල සම සභාපතිල කියල සිවිල් ආරක්ෂක කමිටුවෙන් තිරණය කරල තියෙද්දි පොලිසියේ ලොකු මහත්තයෙක් කතා කරල කියනවලු හිටපු දැන් සමසභාපතිට ඔයා ඉල්ලල අස්වෙන්න කියල.මේකට පසුබිම්වු සිදුවිමක් ඇති බවද කමිටුවේ ඇතැම් සමාජිකයෝ කියා සිටිති.

 

දැන් මාලිමාවේ ලයින් එක හරි පැහැදිලියි.හැමතැනකම බලය මාලිමාවෙන් පුරවන්න කියන ව්‍යාපෘතියකට ඉහලින්ම උපදෙස් ලැබිල ඇති.

හැබැයි දේවල් සාර්ථක වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදි විදියට දේවල් ගොඩනැගෙනව නම් විතරයි.

මාලිමාවට දැක්ම පැහැදිලි නම් ඒ අනුව වැඩසටහන් ගොඩනැගෙනව නම් ඒ ලයින් එකට සිවිල් ආරක්ෂක කමිටු වැඩේ ගානට දුවවන්න පුලුවන් ගම බෙදාගන්නේ නැතුවම.

ගම නොබෙදන එකමුතුව ගොඩ නගන සංස්කෘතියක් තමයි ගොඩනගන්න ඕනා.

ජුඩ් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here