spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“සිවුරක්වත් ලෝගුවක්වත් විස්වාශ කරන්නේම නැහැ.”නගරාධිපති ඇන්ටන් ජයවීර

Must read

මීගමුව මහා නගර සභා භූමියේ දැනට ඉදිකරමින් යන බුද්ධ ප්‍රතිමාවේ එම ඉදිකිරිම වහාම නැවැත්විය යුතු බවටත්  එමෙන්ම එය පෙර පිහිටි කිඹුලාපිටිය පාරේ නගර සභාවට අයත් පැරණි ඉඩමේ සුදුසු ස්ථානයක ඉදි කල යුතු බවටත් ප්‍රකාශ වන යෝජනාවක් නගර සභාවේ එජාපයේ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මංත්‍රිවරයා විසින් ඔක්තෝබර් 11 වැනි දින පැවැති මහා සභාවට ඉදිරිපත් කර තිබිණි.

 

වැඩබලන විපක්ෂනායක කැලිසන් ජයකොඩි මහතා-

මෙම යෝජනාව ගෙන එන්න බලපාපු ඉතිහාසය දෙස ආපසු බැලීය යුතුයි කියලා මම කල්පනා කරනවා මුලින්ම. මෙම ඉඩම පර්චස් 118 ප්‍රමානයකින් යුක්තයි. රජය විසින් තක්සේරු කල මුදල බැංකුවේ තැන්පත් කරලා තමයි තමයි මේක පවරා ගත්තේ නගර සභාවට. ඔතැන ඉදලා තියෙනවා පවුලක් දෙකක්. ඔවුන් වන්දනා මාන කිරිමට තියාගෙන ඉදලා තියෙනවා දේවමාතාවන්ගේ කුඩා සුරුවමක්.  ඒවාගේම නගර සභාව සතු ඉඩමක මීට ඉහතදී දන්සැලක් පවත්වන්න කටයුතු කරපු පිරිසක් ඒ දන්සලට අරං ආව කුඩා බුද්ධ ප්‍රතිමාව ආපසු අරං ගියේ නැහැ. ඒක එතැන තියලා ගියා. එහෙම තමයි ඔය බුද්ධ ප්‍රතිමාවක් එතැනට ආවේ. දැන් මේ සුමේධ තිස්ස ස්වාමීන් වහන්සේ එවාපු ලිපියෙන් ඉල්ලා තියෙනවා වර්ග අඩි 172 ක ප්‍රමානයක්. ඒ කොටස අයත්වන්නේ නගර සභාව යටතේ පුස්තකාලය හදන්න තියෙන භුමියටයි. නගර සභා අඥා පණත උල්ලංඝනය කරලා එම පනතේ 37 (අ) කොටසේ මේ කාරාණවන් ගැන පැහැදිලිව සදහන් කරලා තියෙනවා. ඉතිං මේ බෞද්ධ ප්‍රතිමාව තියෙන ස්ථානය මේ සදහා යොදා ගැනීමම විශාල වැරැද්දක් . මෙය සභාවේ වෙනත් තැනක කලින් තිබු ස්ථානයේම ඉදිකර ගැනීම සුදුසුයි කියලයි මම යෝජනා කරන්නේ.

ආණ්ඩු පක්ෂ නාගරික මංත්‍රි ෂෙල්ටන් බෝතලගේ මහතා-

මෙම යෝජනාව මධ්‍යස්ථව පැහැදිලි කර ගත්තාහම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ක්‍රිස්තු ප්‍රතිමාව හදන්න යද්දී විරුද්ධ වුනා එහි පුස්තකාලය හදන්න පවරා ගෙන තියෙන ඉඩම නිසා එය හදන්න බැහැ කියලා කිව්වා. දැන් මේ බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නෙත් ඒ පුස්තකාලය සදහා පවරා ගත් ඉඩමේ . දැන් එතැන පුස්තකාලය හදන්න බැරි වෙනවා. මේක යම් කට්ටියක් මෙහෙයනවා කියලයි මම හිතන්නේ . කෙසේ වුවත් පුස්තකාලය හදන්න පවරා ගත්තු ඉඩමේ මේක හදනවාට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

 

විපක්ෂ නාගරික මංත්‍රි වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා-

මේ ක්‍රමවේදයේ යම් ප්‍රශ්ණයක් තියෙනවා. මොකද මට මතකයි ඔය හාමුදුරුවෝ මේ සභාවට ඔය ලියුම එවපුවාහම නගරාධිපති තුමා ඕක කියෙව්වා. ඒ වෙලවේ ඒ ලිපිය යෝජනාවක් නොවෙන නිසා  අපිට ඒකට කථා කරන හැකියාවක් නැහැ මේ සභාවේ. ඒක අපිට කථා කරන්න බැරි නිසා ඒක යෝජනාවක් හැටියට නැවත සභාවට ගේන්න කිවාහම එහෙම ගේන්නේ නැතිව හාමුදුරුවන්ට ලිපියක් යවලා තියෙනවා මේ මහා සභාවෙන් ඒක අනුමත  වුනා කියලා. කොමසාරිස්තුමිය අත්සන් කරලා තමයි ඒ ලිපිය යවලා තියෙන්නේ . සමාන්‍යයෙන් ඔය වාගේ ලිපියක් යවද්දී ඒ සදහා නිසි ක්‍රම වේදයක් තියෙනවා .හරිනං ලෙටර් හෙඩ් එකක ඒ ලිපිය ලියලා තමයි කොමසාරිස්තුමිය අත්සන් කල යුත්තේ.

නමුත් මේ ලිපියේ තියෙන කොමසාරිස්තුමියගේ අත්සන එතුමියගේමද කියලා සැකයක් ඇති වෙනවා. මේක හොදට සැලසුම් කරලා තියෙනවා වාගෙයි. මේ සභාව ඉන්න  අපියි මේක වරද්දාගෙන තියෙන්නේ . මේක යෝජනාවක් විදිහට ගේනවා නම් නඩු ප්‍රශ්ණ නැතිව මේක විස`දගන්න තිබුනා.

දැන් අපිත් බලා ඉන්නවා මෙතැන ඉන්ටර්නැෂනල් ලයිබ්‍රරියක් හදනවා කියලා. ඇත්තටම මේක නිකන් බොරු ප්‍රශ්න නැතිව සමාදානයෙන් විසදගන්න තිබුනා. ගරු නගරාධිපතිතුමා මේ ක්‍රියාවලිය යට ගැහැව්වා කියලයි මම හිතන්නේ. ඒක නිසා මේවා සියල්ලම සැලසුම්සහගත වැඩ කියලයි මම නැවතත් කියන්නේ . මේ විදිහට පවා කථා කරන්න වුනේ නගරාධිපතිතුමෙනි ඔබ තුමා ඇතුළු මේ සභාව ගොඩක් වැරදි කරාපු නිසයි.

 

විපක්ෂ නාගරික මංත්‍රි නීතිඥ නිශාන්ත ප්‍රනාන්දු මහතා-

මේ යෝජනාව පොදුවේ ගත්තහාමත් නීත්‍යානුකූලව ගත්තත්  හොඳ යෝජනාවක්. අපිට මතකයි මෙතන ක්‍රිස්තු ප්‍රතිමාව හද්ද්දී ඒක එම භූමියේ උතුර පැත්තට අරං යන්න සිදු වුනා එදා. මේ ප්‍රශ්නය නිසා අනවශ්‍ය ආකාරයට බෞද්ධ- කතෝලික ප්‍රශ්නයක් ඇති වෙන එක වලක්වන්න ඕනේ. මේ සිදුවිම පිලිබදව ඛෙදා හැරපු අත් පත්‍රීකාවේ තියෙනවා යම් අල්ලසකට නතුවූ නගරාධිපතිවරයා සහ මංත්‍රිවරු කියලා.

මේ වැනි දේවල් කරන්නේ කතෝලික සභාවම නෙමෙයි . වැඩකට නැති පදනමක් නැති පොඩි කණ්ඩායමක් කියන එකත් මෙහිදී පැවසිය යුතුයි. කෙසේ වෙතත් මේ   පත්‍රිකාවේ තියෙන මේ චෝදනා මම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා. මොකද මමත් මේ සභාව නියෝජනය කරන මංත්‍රිවරයෙක් නිසා. මම හොද කතෝලිකයෙක්. හැබැයි මම ඔය ප්‍රතිමා ගැන එතරම් උනන්දු වන්නේ නැහැ. මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නය දේශපාලන වාසියක්   කර ගන්න උත්සහ කරන්න එපා කියලා. අනිත් එක අපේ කතෝලික ශාසණාරක්ෂක බල මන්ඩලයක් කියලා දෙයක් තියෙනවා කියලත් දන්නේ නැහැ. ඉදිරියේදීත් මේ වාගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ යන විදිහට වැඩකටයුතු සිදු වුවහොත් මේ කතෝලික මංත්‍රිවරුවත් සම්බන්ධ කර ගන්න බැරිවේවි කතෝලික සභාවට.

 

ආන්ඩු පක්ෂ නාගරික මංත්‍රි දයාල් නිලංග මහතා-

මේ වාගේ යෝජනාවක් මේ සභාවට ඉදිරිපත් කරපු එක ගැන මම කනගාටු වෙනවා. මේ රට සිංහල බෞද්ධ රටක් .මමත් බෞද්ධයෙක්. හැබැයි මට ඡන්දේ දුන්නේ බෞද්ධ අය පමනක්ම නොවේ. ඒ මම ආගම්වාදියෙක් නොවන නිසයි. එක්සත් ජාතික පක්ෂය මේ වාගේ ප්‍රශ්නයක් ඉස්මතු කරලා බලය ගන්න උත්සහ කරනවා. පසුගිය පලාත් පාලන ඡන්දේ වේලාවේදීත් මේ වාගේ ප්‍රශ්නයක් ගෙනත් ජනතාව රවටා ඡන්දේ ගන්න උත්සහ කලා. ඒවාගේ මේ සිද්ධිය දේශපාලන ප්‍රශ්ණයක් කරගන්න හදන්න එපා. එදා ඔය ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාව තියන වෙලාවේ අපි ඒකට විරුද්ධ වුනේ නැහැ. අද මේ කැගහන ඔය කාගේ කාගෙත් මුතුන් මිත්තන් හරියට හොයලා බැලූවොත් පෙර බෞද්ධ අයයි.

පෘතුගීසි ලංකාවට ආවට පසුව තමයි වෙන ආගම් වලට බැදුනේ . ඒ නිසා මම කියන්නේ ආගම තමන්ගේ වාසියට හරවාගන්න එපා. මම අහලා තියෙන විදිහට ක්‍රිස්තුන් වහන්සේ ආසාධාරනයට එරෙහිව විරුද්ධව නැගී සිටි අයෙක්. ඒවාගේම මම දන්නවා ගරු නගරාධිපතිතුමෙනී ඔබතුමත් මේ දේ කෙරුවේ බොහෝම සද් භාවයෙන්.

නමුත් පැට්‍රික් කියන පියතුමා තමයි මේ පත්‍රිකාව කරලා තියෙන්නේ. ඒවාගේම — මේ වල් බූරු නිදහස ක්‍රියාත්මක කරන්නට ඉඩ දෙන්න එපා කියලා කාදිනල්තුමාම තමයි මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තියෙන්නේ. අපි දන්නවා නත්තලට මේ සභාවේ මුදල් වලින් රු.ලක්ෂ 10 ක් දිලා ලයිට් දානවා , ඒවාගේම මේ ළගදී කඩොල් කැලේ පිට්ටනියේ තිබුණු කතෝලික නාට්‍යට ලක්ෂ 03 ක් දුන්නා අපි ඒවාට විරුද්ධ වුනේ නැහැ. .අපි කවදාවත් කියලා නැහැ ඒවාට දෙන්න එපා කියලා. මේ ඉඩමේ පෙර අයිතිකරු පී.එච්.ඩබිලි්‍යු. වීරරත්න කියන තැනැත්තා ලබා දීපු ලිපියක් මා ලග තියෙනවා. මේ තිබුණ බුද්ධ ප්‍රතිමාව තිබුනේ වර්ග අඩි 142ක නමුත් දැන් ඉල්ලා තියෙන්නේ වර්ග 218 ඉඩක්. දැන් ගත්තොත් මේ ක්‍රිස්තූ ප්‍රතිමාවේ ක්‍රිස්තුස් වහන්සේගේ  වම් අත තියෙන්නෙත් නීති විරෝධීවයි එහෙම බැලූවොත්. හැබැයි හාමුදුරුවෝ කවදාවත් කිව්වාද ඒක කඩලා ඉවත් කරන්න කියලා. මීගමුවේ 85% ක් කතෝලිකයෝ ඉන්නවා. හැබැයි මුළු ලංකාවේම බෞද්ධයෝ  85% ක් ඉන්නවා . ඒක අමතක කරන්න එපා. වෙන බෞද්ධ නාගරීක මංත්‍රිවරයෙක් එහෙම අද මෙතන හිටියා නම් ගිණි විජුම්බරයක් කරනවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි ඝණ්ඨාර ගහලා සෙනග එක් රැස් කලේ නැහැ. දැන් බස් නැවතුම්පලේත් කතෝලික සුරුවමක් තියෙනවා. ඒතැන කතේලික තැනක්ද . එතකොට රේල් පාර ගාව බොස්කෝතුමාගේ පිලිරුවක් හදලා තියෙනව. එතැනත් කතෝලිකයන්ට අයිති තැනක්ද ?

 

විපක්්ෂයේ නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා-

අවේගශීලීව  කතා කරනවාට වඩා ප්‍රශ්ණය නිරාකරණය කර ගැනීමට කතා කල යුතුයි කියා මා සිතනවා. එක් එක් මාධ්‍ය ආයතන වල වෙබ් අඩවි වල මේ සම්බන්ධයෙන් විවිධ දේ පල කරලා තියෙනවා. දැන් මේ ලිපියේ තියෙන්නේ නගරාධිපතිතුමා නීතිය අතට අරගෙන කටයුතු කරලා තියෙනවා කියලයි. අපි නිශ්සබ්දව හිටියොත් අපි අල්ලස් ගත්තා වාගේ කියලයි මට හිතෙන්නේ. තවත් එක කරුණක් මෙහිදී කියන්න අවශ්‍යයි, යම් අයෙක් කොලයක් ගහලා ඛෙදුවට ඒක කතෝලික සභාවෙන් කලා කියලා හිතන්න එපා.

 

ආන්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මහතා-

ගරු නගරාධිපතිතුමෙනී  පසුගිය මහා සභා වරෙකදී හාමුදුරුවෝ එවාපු ලිපිය කියලා මන්ත්‍රිවරුන්ගේ අදහස් විමසද්දී මම එතැනදී කිව්වේ මේක යෝජනාවක් විදිහට මහා සභාවට ඉදිරිපත් වුනොත් පමනයි මන්තී්‍රවරුන්ට අදහස් දක්වන්න විවාද කරන් පුළුවන් වෙන්නේ කියලා. මම කිසිම ආගමකට වෙනස්ව සලකන කෙනෙක් නෙමෙයි. අපි ඕනෑම නත්තලකට අපට හැකි හොදම ආයකත්වය ලබා දෙනවා. වෙසක්, පොසොන්  වාගේ බෞද්ධාගමමික උත්සව ගත්තත් මුස්ලිම් හින්දු උත්සව ගත්තත් අපිට හැකි ප්‍රමානයට අපි උදව් කරනවා.

දැන් මුස්ලිම් පල්ලියේ නෝම්බි කාලේ නගර සභාව විසුරුවා තියෙද්දී මම හැමදාම ඒ මුස්ලිම් පල්ලියට කටානෙන් වතුර ගෙනල්ලා දුන්නා. ඒවාගේම මම අපේ ගමේ කතෝලික පල්ලියට තර`ගයක යෙදමින් තමයි උදව් පදව් කරන්නේ.

මේක නිසා මේ අපි අතරේ තියෙන සමගියට මෙය ප්‍රශ්ණයක් විය හැකි නිසයි මේ කටයුතු නීත්‍යානුකූලව සිදු කල යුතු බවට මම එදා මේ සභාවේදී ප්‍රකාශ කලේ. මේක ඇව්ලූනොත් නගර සභාව විදිහටත් මංත්‍රිවරු හැටියටත් අපිටයි මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.  කැලිසන් මංත්‍රිතුමා කියනවා මේ බුද්ධ ප්‍රතිමාව නිසා නගර සභා අඥා පණත උල්ලංඝනය වෙනවා කියලා. නමුත් එහෙම මේකේ නගර සභා ආඥා පනත උල්ලංණය වීමක් වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කිවයුතුයි. මම කැමතියි මේ රූප දෙකම මෙතන තියෙනවාට. නැතිනම් මේ රූප දෙකම අයින් වෙනවාට. එහෙම නැතිනම් උසාවියට ගිහිල්ලා නීතිය අනුව විසදගන්න එක තමයි වඩා හොද කියලයි මම විස්වාශ කරන්නේ. කෙහොම වුනත් ගරු නගරාධිපතිතුමෙනී. මේ ප්‍රශ්ණය හරිහට අර කියමනක් තියෙනවානේ — මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී ˜ වාගේ වැඩක්. ඒක නිසා මේ යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් මේ සභාවේ මම ඡන්දේ දීමෙන් වැලැකී සිටිනවා කියන එක මම ප්‍රකාශ කරනවා.

 

විපක්ෂයේ නාගරික මන්ත්‍රි රවී ජීවානන්ද මහතා-

මම බෞද්ධයෙක්. මගේ බිරිද කතෝලිකයෙක්. මාගේ දියණියන් දෙදෙනාත් දැන් කතෝලික ආගමට බන්දලා තියෙනවා. ඒක නිසා මට පන්සලත් එකයි. පල්ලියත් එකයි. එදා මේ ක්‍රිස්තු ප්‍රතිමාව තියන්න ආපු අවස්ථාවේදීත් ප්‍රශ්නයක් ඇති වුනා.  අපි කිව්වා අපි ආගමීක නායකයෝ එකතු කරලා කම්ටුවක් හදමු කියලා . මේ මීගමුවේ ප්‍රශ්ණ අපි අපිටම එතකොට බේරා ගත හැකියි. අද ඒ විදිහට ආගමීක නායකයන් එකතු  කරලා කම්ටුවක් හදලා තිබුනා නම් මෙහෙම වෙයිද ?.

 

නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා- 

කතෝලික පියතුමන්ලා අතර පහල වුනු ශ්‍රේෂ්ඨතම කතෝලික සාහිත්‍යධර පියතුමා වන ගරු මර්සලීන් ජයකොඩි පියතුමා කියලා තියෙනවා මෙහෙම කවියක් , වෙහෙරක් නැති තැන වෙහෙරක් මතුවෙන්නයි….. …… යනුවෙන් .

ඒ වාගේම එදා කාදිනල් තුමාගේ ප්‍රදානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එතුමා කියනවා, — බෞද්ධ ආගම නිසා තමයි ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා වෙලා තියෙන්නේ — කියලා. දැන් මෙන්න මේ වාගේ තත්වයක් තියෙද්දී තමයි මම එදා සුමේධ හාමුදුරුවන් ඉල්ලීම් කරලා තිබුණ ලිපියට පිලිතුරක් යැව්වේ.  ඒ ලිපියේ තිබුනා 2000 සිට මේ නගර සභා භූමියේ  තියෙන බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ වර්ග අඩි 142ක. ඒක නිසා එය යම් ආකාරයකින් නවීකරණය කර ගන්න අවශ්‍යයි, ඒ සදහා වර්ග අඩි 218 ක ප්‍රමාණයක් අවශ්‍යයයි කියලා. ඉතින් මම බැලූවා වැඩි පුර අවශ්‍ය වෙන්නේ වර්ග අඩි 76 ක ප්‍රමානයක්. මට ඒ සදහා විරුද්ධ වෙන්නත් බැහැ .

මොකද මම එක ආගමීකයන් කොටසකට පමනක් වෙන්වුණු නගරාධිපති කෙනෙක් නෙමෙයි. සමස්ථ මීගමුවේම නගරාධිපති. ඒ අනුව තමයි මම ඒ හාමුදුරුවෝ එවාපු ඒ ලිපිය පසුගිය සභා වාරෙකදී මම කියෙව්වේ. ඒ වෙලාවේ මංත්‍රිවරු එකගවුනා කියලා පමනක් මම හාමුදුරුවන්ට වාචිකව පමනයි කිව්වේ. එහෙම නැතිව මංත්‍රිවරු අනුමත කලා කියලා මම කිසිම තැනක කියලා නැහැ. මම එහෙම කිව්ව ගමන් හාමුදුරුවෝ ඒක ලොකු කරලා තිබුන තැනටත් සැහෙන මෙහායින් ඒක හදා ගත්තා . ඔය අතරේදී තමයි නගරාධිපති ඇතුළු මංත්‍රි මන්ඩලය මේ සිදුවිමේදී අල්ලස් ගත්තාය කියලත් ඒත් ඒක්කම මේ නගර සභාව විශේෂ කොමසාරිස් කෙනෙක් යටතට පත්කර පාලනය කරන්න කියලා ගරු පැට්‍රික් අනුනායක තුමාගේ නම සදහන් කරලා අත් පත්‍රකාවක් මේ මීගමුව පුරා ඛෙදා හැරලා තියෙන්නේ. මම හොද කතෝලිකයෙක්. මම විස්වාශ කරන්නේ මම අදහන ආගමේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය නිසා තමයි මම අද මේ තත්වයේ ඉන්නේ.

ඒ හින්දා මම මගේ ආගම කිසිම ආගමකට පවා නොදෙන බව මෙහිදී කියන්න ඕනෑ. ඒත් එක්කම කියන්න ඕනෑ මම කිසිම දවසක වෙනත් ආගමකට ගරහන්නෙත් නැහැ. ඒ මම හොද කතෝලිකයෙක් නිසා මම හැම ආගමකටම ගරු කරනවා. මේ සිද්ධියේදී අපේ හාමුදුරුවෝ අතින් වැරැද්දක් සිද්ධ වුනා. මේ මට විරුද්ධව ඛෙදපු අත් පත්‍රිකවේ තියෙන්නේ කතෝලික පියතුමන්ලාගේ මතය නෙවෙයි. මේකේ තියෙන්නේ මේ සිදුවිමෙන් දේශපාලන වාසි ලබන්න යම් පුද්ගලයෙක් ගේ මතයයි එලියට දාලා තියෙන්නේ. මංකොල්ලකාලා මිනිස්සුන්ව රට වයනවා කියලා මුදල් අරගත්තු ඒ විතරක් නෙවෙයි,  තමන්ගේ නැන්දාගේ දුවගෙන් රු.ලක්ෂ 06 ක් වංචා කරපු  පුද්ලයෙකුගේ මතයයි, මේකේ තියෙන්නේ. අන්තීමේදී මේ අනුනායකතුමාවත් නොමග යැව්වා. මේ දුෂ්ඨ අරමුණු වෙනුවෙන් මේ කොලයක් නිසා මාව විනාශ කරන්න බැහැ.

දැන් ඇත්තටම මෙතැන වැරැද්ද කරලා තියෙන්නේ සුමේධ හාමුදුරුවෝයි.  උන්වහන්සේගෙන් මම අහපුවාහම කිව්වේ මේ තියෙන කුඩා බුද්ධ ප්‍රතිමාවම මෙතැන තියන්නේ කියලා .නමුත් දැන් බලපුවාහම 03 ගුණයක් විතර විශාල බුදු ප්‍රතිමාවක් තමයි තියලා තියෙන්නේ. සුමේධ හාමුදුරුවෝ මාව රැවැට්ටුවා. මාගේ 40 වසරක පමන දේශපාලන ජීවිතයේදී මම මේ වාගේ රැවටිලා නැහැ. මේ ප්‍රශ්නයේදී මම හිතා ගත්තා ආයේ කිසිම දවසක ගිහියෙක් විස්වාශ කලත්  සිවුරක්වත් ලෝගුවක්වත් විස්වාශ කරන්නේ නැහැම කියලා. අද මේ සභාව බලන්න ඇවිත් ඉන්න බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලන්න කැමතියි ඔයලා මේක හාමුදුරුවන්ට කියලා උන්වහන්සේට මේකේ තීන්දුවක් ගන්න කියන්න. නැතිනම් මම හිතන්නේ අපි සභාව හැටියට මේ සදහා තීන්දුවක් ගත යුතුයි.

 

වැඩබලන විපක්ෂනායක කැලිසන් ජයකොඩි මහතා-

මම මාගේ බලවත් අප්‍රසාදය පල කරනවා, අපේ විපක්ෂයේ රොයිස් මංත්‍රිතුමාට කථා කරන්න අවස්ථාව ලබා නොදීම සම්බන්ධව. ගරු නගරාධිපතිතුමෙනී මම නැවතත් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කලේ කිසිම ආගමකට ගැරහීමකටවත් අගෞරවය කීරිමකටවත් නෙමෙයි. මේ තත්වය පැහැදිලිවම නගර සභා ආඥා පණතේ 37-1 (අ) අනුව නීති විරෝදී කටයුත්තක්. ඒවාගේම දයාල් නිලංග මංත්‍රිවරයා කල ප්‍රකාශයකටත් පිලිතුරු දිය යුතුයි. මංත්‍රිතුමා කිව්වා වාගේ අපේ කිසිම අරමුනක් නැහැ. එහෙම බලය ලබා ගැනිමේ අරමුණකින් නෙමෙයි මේ යෝජනාව අපි ගෙනාවේ. ඒ බව ස්ථීර වශයෙන් කිව යුතුමයි. විශේෂයෙන්ම නගර සභා ආඥා පණත උල්ලංණය වීම නිසා එහි නීතිවිරෝධී බව නිසාමයි මේ යෝජනාව ඉදිරිපත් කිරීමට මුලිකවුනේ. ඒනිසා මෙම යෝජනාව ස`දහා සභාවේ සිය`ඵ දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

 

(( ඉන්පසු ඡන්ද වීමසීමක් සිදු වූ අතර යෝජනාවට පක්ෂව බහුතර මංති්‍රවරු ඡන්දය පකාශ කලහ. ඒ අනුව මෙම යෝජනාව සම්මත විය. ))

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article