spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මාධ්‍යවේදියාව අතුරුදහන්කර වසර 9යි ? වගකිවයුත්තෝ නිදැල්ලේ ?

Must read

සුබ1මිනියම්ගේ මව සහ පියා
සුබ1මිනියම්ගේ මව සහ පියා

2015 පෙබරවාරි 15 වන දින යාපනයේදී එම ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් විය.ඔහුව හමුදා කදවුරු වල හා මුරපොළවල් වල රදවා තබාගැනීමක් සම්බන්දයෙන් ඇසින් දුටු සාක්ෂි පැවතියත් අදවන තුරුත් ඔහු ආගිය අතක් පිළිබද තොරතුරක් නැත. ඔහුගේ වැඩිහිටි දෙමව්පියන් හා පවුලේ සාමාජිකයන් මේ වන තුරුත් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මගබලා සිටී. මෙරට යුද්ධය පැවති වකවානුව තුල යාපනය කේන්දු කරගත් මාධ්‍යවේදීන් අතරින් හමුදාවන් හා හමුදාවට සමාන කණ්ඩායම් සිදුකරන අකටයුතුකම් හා නීතිය කඩකිරීම් සම්බන්දයෙන් වාර්ථා කල මාධ්‍යවේදීන් කිහිපදෙනා අතරින් මොහුත් ඒ අයෙකි. එම නිසාම ඔහුගේ මිතුරන් මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඔහුව හැදින්වුයේ කිසිදු බියකින් තොරව මාධ්‍ය වාරථාකරනයේ යෙදෙන්නෙකු ලෙසය. නමුත් මේ වන විටත් අනෙකුත් මාධ්‍යවේදීන්ගේ , ක්‍රියාධරයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අතුරුදහන්වීම් හෝ මාරාදැමීම් සම්බන්දයෙන් වන පරීක්ෂණ මෙන්ම ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ද පරීක්ෂණත් වසර 9කට පසුත් තවමත් පවතින්නේ කිසිදු විමර්ෂණයකින් තොරවයි.

සිදුවුයේ කුමක්ද

ඔහු අතුරුදහන්වීමට සති කිහිපයකට පෙර , ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා හමුදා නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන නීති විරෝධී වැලි ගොඩදැමීමක් හා ඒවා ප්‍රවාහනය කිරීම සම්බන්දයෙන් ලිපියක් ලියන්නට යෙදී තිබුණි. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව එම ජාවාරමට යොදාගත් වාහනයක් රාජසන්තක කරන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කෙරුණු අතර ඒ කාලයේදීම LTTE විසින් එම ව්‍යාපාරිකයාටම අයත් තවත් වාහනයක් ගිනි තැබූ සිද්ධියක්ද වාර්ථා විය. එම නිසාම ඔහුගේ මිතුරන් පවසන්නේ මේ අතුරදහන්වීමට සැක කල හැක්කේ එම සිද්ධිය නිසා කලබලයට පත් පිරිස විය හැකි බවයි.

මේ පිලිබදව සාක්ෂි ලබා දුන් එක් ඇසින් දුටු සාක්ෂි කරුවෙකුට අනුව මෙම සිදුවීම සිදුවූ දිනයේදී රාමචන්ද්‍රන් තමාගේ රාජකාරී නිමවීමෙන් අනතුරුව නිවසට පැමිණෙමින් සිට තිබෙනවා. එම වකවානුව තුල සවස 6න් පසු යාපනය ප්‍රදේශයට ඇදිරි නීතිය පැනවීම නිත්‍ය පිලිවෙතක් බවට පත්ව තිබුණ අතර නිවසට පැමිණෙමින් සිටි රාමචන්ද්‍රන්ව ඔහුගේ නිවසට නුදරු කලිකායි හංදියේදී හමුදාව විසින් නතර කොට ප්‍රශ්ණ කිරීම් සිදු කරනු තමන් දුටු බව ඇසින් දුටු සාක්ෂිකරු පවසා තිබෙනවා. එලෙසම රාමචන්ද්‍රන්ගේ අසල්වාසීන් පවසන පරිදි සවස 7ට පමණ හමුදා වාහනයක් ඔවුන්ගේ ප්‍රදේශට පැමිණෙනු ඔවුන්ට ඇසී තිබෙනවා.ඔවුන් විශ්වාසකරන්නේ එම අවස්ථාවේදී එම වාහනයෙන් රාමචන්ද්‍රන්ව රැගෙන යන්නට ඇති බවයි.

තමන්ගේ සහෝදරයා රාත්‍රී 8පසුවන විටත් නිවසට නොපැමිණීම නිසාවෙන් කලබලයට පත්වන ජෙයරත්නම් කමලාශිනී ඔහුට දෙවරක් දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. එම අවස්ථා දෙකෙහිදීම ඔහු පවසා අත්තේ ඔහු හමුදා කදවුරකදී ප්‍රශ්ණ කිරීම් වල ලක්වෙමින් සිටින බවත් තවත් සුළු මොහොතකින් නිවස පැමිණිය හැකි නිසා බිය විය යුතු නැති බවයි.නමුත් පසුදා අලුයම 4 වන තුරුත් තමන්ගේ සහෝදරයා නිවසට නොපැමිණීම නිසා ඇය නැවතත් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.එම අවස්ථාවේදී ඔහු ඇයට පවසා ඇත්තේ ඇය නැවතත් කථා කලහොත් ප්‍රශ්ණයක් ඇතිවිය හැකි නිසා නැවත දුරකථන ඇමතුම් ලබා නොදෙන ලෙසයි.ඉන්පසු ඇය තම පියාත් සමගින් තමන්ගේ නිවසට ආසන්නම හමුදා කදවුර වෙත ගොස් ඇත්තේ තමන්තේ සහෝදරයාට සිදුවූයේ කුමක්ද යන්න විමසීමටයි. ඔවුන් රාමචන්ද්‍රන් පිලිබදව හමුදා නිළධාරන්ගෙන් විමසූ අවස්ථාවේදී, රාමචන්ද්‍රන් දුටු බව හා ඔහුව රාදවා තබාගත් බව ඔවුන් ප්‍රතික්ෂේපකර තිබෙනවා. එම අවස්ථාවේදී රාමචන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් ඔු පිලිබදව තොරතුරක් අවශ්‍යබවට හමුදා නිළධාරීන්ට බල කර සිටීමේදී හමුදා නිළධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කොට ඔවුන් රලවාගෙන තිබෙනවා.

එදිනම රාත්‍රියේදී නෝර්වේහි ජීවත්වන රාමචන්ද්‍රන්ගේ තවත් සහෝදරියක් ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ඉක්මනින් නිවසට පැමිණෙන බවත් එමනිසා බිය විය යුතු නැති බවයි. නමුත් ඔහු සිය පවුලේ සාමාජිකයන් ඇමතූ අවසාන අවස්ථාව වූයේ එයයි. ඉන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් 2012 වසර වනතෙක්ම ඔහුගේ දුරකථන අංකය දිගින් දිගටම අමතා ඇති අතර දුරකථනය ක්‍රියාත්මක නමුත් කිසිවෙකු ඒ වන විටත් ඒ සදහා පිලිතුරු ලබා දී තිබුණේ නැහැ. 2012 වසරෙන් පසු අදාල දුරකථන සමාගම විසින් එම අංකය වෙනත් අයෙකුගේ භාවිතය සදහා ලබාදී තිබුණ අතර නමුත් ඉන් පසුව එම අංකයත් තහනම් කර තිබෙනවා.

ඔහුව රැගෙන ගිය බල බලධාරීන් විසින් පිලිගැනීම

මෙම සිදුවීමෙන් පසු, අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සියළුදෙනාම කරන්නා සේම කමලාශීනී හා ඇයගේ පියා හමුදාවේ මහජන සම්බන්ධතා කාරයාලය ඉදිරිපිට පැය ගණන් ගත කරන්නේ තමන්ගේ සහෝදරයා සම්බන්දයෙන් යම්කිසි හෝ තොරතුක් ලබා ගතහැකි වේ යැයි විශ්වාසයෙන්. අවසානයේදී ඇයගේ මෙම උත්සාහය ඵල දරන සිදුවීමක් සිදු වෙනවා. ඉහළින් ලැබුන නියෝගයන්ට අනුව රාමචන්ද්‍රන් රදවා තබාගත් බව ඔවුන් පිලිබදව අනුකම්පා වන එක් බුද්ධි අංශ නිළධාරියෙකු විසින් ඔවුන් වෙත දන්වා සිටිනවා. එවකට ඇමතිවරයෙකු වන හා EPDP පක්ෂයේ නායකයා වන ඩග්ලස් දේවානන්දා මහතා හමුවන ලෙසත් බුද්ධි අංශ නිලධාරියා විසින් ඔවුන්ට දන්වා තිබෙනවා.Subramiam MotherSubramaniam_Ramachandran_-perants 2

මෙම සිදුවීමෙන් පසු රාමචන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ඇමතිවරයා හා ඔහුගේ ලේඛම්වරිය හා EPDP පක්ෂයේ උපදේශිකාවක් වන මහේෂ්වරී වේලායුදම් මෙනවිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. එම අවස්ථාවේදී ආමාත්‍ය දේවානන්දා මහතා පවසා ඇත්තේ රාමචන්ද්‍රන් විසින් සිදුකරන ලද අනවශ්‍ය ක්‍රියාවන් නිසා ඔහුව රැගෙන ගොස් ඇති බවයි. ඉන්පසු රාදචන්ද්‍රන්ගේ සහෝදරිය විසින් පෞද්ගලිකව මහේෂ්වරී මෙනවිය මුණගැසී සාකච්ඡා කර ඇති අතර, රාමචන්ද්‍රච් මුණගැසීමට අවස්ථාවක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සලසා දීමට ඇය එම අවස්ථාවේදී කැමත්ත පල කර තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්දයෙන් නඩුවක් ගොනුකිරීමේ ඇති හැකියාව පිලිබදවත් වෘතීයෙන් නීතිඥයෙකු වන මහේෂ්වරී මෙනවිය ඔවුන් වෙත දන්වා තිබෙනවා. නමුත් මෙම හමුවීමෙන් ටික කාලයකට පසු LTTE සංවිධානයේ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙනවා. පසුව රාමචන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් විසින් දේවාන්නදා ඇමතිවරයා හමුවන අතර එම හමුවීමේදී රාමචන්ද්‍රන්ගේ පියා හා ඇමතිවරයා අතර වාදයක් ඇතිවී තිබෙනවා. එම වාදයේදී රාමචන්ද්‍රන්ගේ පියා ඇමතිවරයා වෙත පවසා ඇත්තේ EPDP පක්ෂ්‍ය හමුදාවන් වෙත උදවු කරන බවත් මිනිසුන් පැහැරගැනීම් සිදුකරන බවයි. එම අවස්ථාවේදී ඇමතිවරයා රාමචන්ද්‍රන්ගේ පියාට අනතුරු අගවමින් දන්වා ඇත්තේ හමුදාවට විරුද්ධව කිසිවක් නොපවනසන ලෙසත් එසේ වුවහොත් ඔහුටත් වෙඩි වැදීමට හැකි බවයි.

යුද්ධය නිමා වීමෙන් අනතුරුව කමලාශිනී හමුවීමට පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් 6 දෙනෙකු පැමිණෙනවා. රාමචන්ද්‍රන්ගේ සියළුම පෞද්ගලික ලියකියවිලි හා අධ්‍යාපන සහතික ඔවුන් විසින් ඉල්ලා තිබෙනවා.ඉන්පසුව රාමචන්ද්‍රන්ගේ පියා විසින් එම ලියකියවිලි සියල්ල පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලබාදී තිබෙනවා. එම අවස්ථාවේදී එම නිලධාරීන් පවසා ඇත්තේ මෙම ලියකියවිලි ලබා ගන්නේ රාමචන්ද්‍රන්ට රැකියාවක් ලබා දීමට බවයි.

තවත් ඇසින් දුටු සාක්ෂි

කමලාශිනී පවසන පරිදි රාමචන්ද්‍රන් දුටු බවට වන තවත් සාක්ෂි දෙකක් ඔවුන් වෙත ලැබී තිබෙනවා. ඉන් එක් අවස්ථාවක් කන්කසන්තුරේ අධිආරක්ෂිත කලාපයේදී වන අතර අනෙක් අවස්ථාව වාර්ථා වී ඇත්තේ 524 බලකායට අයත් පල්ලප්පෙයි හමුදා කදවුරෙනුයි. 2009 -2010 කාලයේදී සිදුවූ පලමු සිදුවීමේදී සාක්ෂිකරු පවසන පරිදි ඔහු රාමචන්ද්‍රන් සමග කතා කර තිබෙනවා. මේ සිදුවීම සත්‍යයක් බවට තහවුරු වී ඇත්තේ එම සාක්ෂකරු විසින් පෙන්වන ලද ඡායාරූප වල රාමචන්ද්‍රන් සිටින බව පවුලේ සාමාජිකයන් විසින් හදුනා ගැනීමෙන් අනතුරුවයි. එම අවස්ථාවේදී රාමචන්ද්‍රන් විසින් සාක්ෂිකරු වෙත පවසා ඇත්තේ හමුදාව විසින් තමන්ව නිදහස් කරන බවට පොරොන්දු දී ඇති නමුත් තවමත් ඔවුන් තමන්ව රදවාගෙන සිටින බවයි. දෙවන අවස්ථාව වාර්ථා වන්නේ රජයේ නිලධාරියෙක් පලප්පෙයි හමුදා කදවුර වෙත පැමිණි අවස්ථාවකයි. එම අවස්ථාවේදී එක් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් සාක්ෂිකරුවෙත රාමචන්ද්‍රන් පෙන්වමින් පවසා ඇත්තේ සාක්ෂිකරුගේ ගමේ මාධයවේදියෙක් ඔවුන් සමග සිටින බවයි. එම බුද්ධි අංශ නිලධාරියාගේ නමත් කලින් රාදචන්ද්‍රන්ගේ හමුදා නිලධාරීන් විසින් රැගෙන ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පැවසූ නිධාරියාගේ නමට සමාන වීමත් විශේෂත්වයකි.

පොලිසියේ ක්‍රියාකලාපය හා පරණගම කොමිසමට කරන ලද ඉදිරිපත් කිරීම්

මෙම සිදුවීමෙන් දින කිහිපයතට පසු රාමචන්ද්‍රන්ගේ පියා විසින් පේදුරුතුඩුව පොලීසිය වෙත සිද්ධිය සම්බන්දයෙන් පැමිණිල්ලක් කර ඇති අතර ඊට පොලීසියෙන් කිසිදු පරීක්ෂනයක් පවත්වා නැහැ. යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට අනුව පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ද පුවතක් දැකීමෙන් අනතුරුව මේ පිලිබදව පරීක්ෂණ කරන ලෙස පොලීසියට දන්වා තිබෙනවා. ඉන්පසුව පොලිස් නිලධාරීන් විසින් රාමචන්ද්‍රන්ගේ සහෝදරියගේ නිවසට පැමිණ ඇති අතර ඇය පොලීසියට රැගෙන ගොස් පෙරවරු 11 සිට සවස 7වන තෙක් රදවාගෙන ප්‍රශ්ණ කර තිබෙනවා.එම ප්‍රශ්ණ බොහෝමයකින් අසා ඇත්තේ රාමචන්ද්‍රන් හමුදාව විසින් කලිකායි කදවුරේදී රැගෙන ගිය බව ඔවුන් දැනගත්තේ කෙසේද යන්නයි. එමගින් ඇය හැගී ගොස් ඇත්තේ පොලීසිය වඩාත් උනන්දු වන්නේ තමන්ගේ සාක්ෂිකරුවන් පිලිබදව තොරතුරු ලබා ගැනීමට වීනා රාමචන්ද්‍රන් සෙවීමට නොවන බවයි.

2015 දෙසැම්බර් 13 වන දින කමලාශිනී විසින් අතුරුදහන් වූ පුද්ගලයන් පිලිබදව සෙවීමේ ජනාධිපති කොමිසමට සම්පූර්ණ වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබනවා.(පරණ/ම කොමිසම). ඇයට අසන්නට ලැබුණ ඇසින් දුටු සාක්ෂි සියල්ල පිලිබදවද ඇය දන්වා තිබෙනවා. 2016 ජනවාරි 26 වන දින කොමිසම විසින් ඇයට ලිපියක් එවා තිබෙනවා. එම ලිපියේ දක්වා ඇත්තේ ඇය විසින් කරන ලද පැමිණිල්ල පරීක්ෂණ කටයුතු සදහා යොමුකර ඇති බවයි.එම ලිපිය මගින් තවදුරටත් ඇය වෙත දන්වා ඇත්තේ ඇය සුදුසුකම් ලබා ඇති ආර්ථිකමය අනුග්‍රහයන් පිලිබදව දැනගැනීම සදහා අදාල රජයේ නිලධාරියා හමුවන ලෙසයි.

2010 ජනවාරි මාසයේදී අතුරුදහන්වීමට ලක්වූ සිංහල මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීද සම්බන්ධයෙන් සිදුවන අත්අඩංගුවට ගැනීම් හා අධිකරණ කටයුතු සම්බන්දයෙන් මේ දිනවල සැලකිය යුතු ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා.එම සිදුවීම මෙතරම් ඉදිරියට පැමිණියේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදගේ හා පවුලේ සාමාජිකයන්ගේ නොපසුබට ධෛර්‍යය හා අධිෂ්ථානය නිසා බව කිව යුතුමය. හරියටම සිදුවන පරීක්ෂණ පිලිබදව පැහැදිලිව දැකගතහැකි නුවූවත් ඝාතනයට ලක්වූ ඉංග්‍රීසි පුවත්පත් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්දයෙන්ද සිදුකෙරෙන පරී්ෂණ පිලිබදව රජය විසින් යම් පොදු පොරොන්දු කිහිපයද ලබා දී තිබෙනවා.නමුත් ඒ සිදුවීම් වලට අමතරව මාධ්‍යවේදීන්,මාධ්‍ය ක්‍රියාකාරකයින්, හා මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්දයෙන් සිදුකරන පරීක්ෂණ වෙනුවෙන් ඇත්තේ ඉතාමත් නිහැඩියාවකි.පසුගිය කාලය පුරාවටම උතුරේ හා නැගෙනහිර පළාත්වල දමිල මාධ්‍යවේදීන්,මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය ආයතනත් අනේක විධ පැරගැනීම්, ප්‍රහාරවලට ලක්වීම්, මරාදැමීම්,තර්ජන කිරීම්, තහනමට ලක් කිරීම් වලට මුහුණ දී තිබෙනවා.ඒ අතරට දරුණු ගිනි තැබීම් ද ඇතුලත්. උතුරේ ඉතාමත් ජනප්‍රිය දෛනික දමිල පුවත්පතක් වන උදයන් පුවත්පතට මෙවැනි ප්‍රාහාර කිහිපයකටම මුහුණ දෙන්නට සිදුවුනා.එම පුවත්පතේ අයිතිකරු හා කතෘතුමන් පවසන පරිදි එම එකදු සිදුවීමකටවත් මේ වන විට කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.

අතුරුදහන්වීමෙන් අනතුරුව ඔහුට සිදුවුයේ කුමක්ද යන්නටවිසදුම් සෙවීමට බලකෙරෙන සාක්ෂි මෙන්ම ඇසින් දුටු සාක්ෂිද සහිත අතුරුදහන්වීමේ සිදුවීම් කිහිපයෙන් එකක් ලෙස රාචන්ද්‍රන්ගේ සිදුවීම දක්වන්නට පුළුවන්. එම වාර්ථා අතරට ඔහුගේ අතුරුදහන්වීමෙන් වසර 6කට පසු එනම් 2013 වසරේදී නිෂ්චිතවම හමුදා කදවුරකදී ඔහුව දුටු බවට වන සාක්ෂිද ඇතුලත්ය.තත්වය එසේ වූවත් එම සිදුවීම සම්බන්දව අදා බලධාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සහ දරීමක් පිලිබදවවත් මේ වන තෙක් රාමචන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන්ට දැනගන්නට ලැබී නැත.ඔහුගේ පවුලේ සාමාජිකයන් අවුරුදු 9ක් තිස්සේ ඔහු නැවතත් නිවසට පැමිණේවිය යන බලාපොරොත්තුවෙන් මගබලා සිටිනවා.Subramanima R 6

රාමචන්ද්‍රන් කෙදිනක හෝ නැවතත් නිවසට පැමිණේවිද?

ඔහුගේ අතුරුදහන් වීමෙන් පසුව ඔහුට සිදුවුයේ කුමක්ද යන්න පිලිබදව පැහැදිලි විසදුමක් රජය පාර්ශවයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හා මිතුරන්ට දැනගන්නට ලැබේවිද?
Ruki Fernando & Swasthika Arulingam විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි

පරිවර්ථන සටහන – මිතිලයා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article