spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුභ අනාගතයක් වෙනුවෙන් වාසනාව විකුණන සුනිල්..

Must read

ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි ?
නම සුනිල් ධර්මපාල දැන් මාගේ වයස අවුරුදු 44 යි ග මගේ ගම කුලියාපිටිය.  මගේ තාත්තා වඩු වැඩ කලේ. මම කුලියාපිටියේදී සමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත්තා. මම විවාහකයි ග මට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා  දුවයි පුතයි .ඒ අය පාසල් යනවා.
මාගේ බිරිඳ සමන්තා මාලනී එයාගේ ගම මීගමුව. ආදර සබඳතාවයකින් පසුව තමයි අපි විවාහ වුනේ ඊට පස්සේ මම බිරඳත් එක්ක එයාගේ ගමට ඒ කියන්නේ මීගමුවට පදිංචියට ආවා.
මම පාසලින් අස්වෙලා පොඩි පොඩි රැකියා කිහිපයක්ම කලා. විශේෂයෙන්ම මේෂන් බාස්ලාට අත් උදව් දෙන්න ගියා. ඔය වාගේ කම්කරු මට්ටමේ රැකියාවල නිරත වුනා. එහෙම ඉන්න අතර තමයි මම මැදපෙරදිග රැකියාවකට ගියේ.
එහෙදී තමයි මගේ මේ වම් අත අනතුරකට ලක් වෙලා ඒක මැනික් කටුව ළඟින් වෙන් වුනේ එහේ නොසෑහෙන දුක් විඳලා වම් අතත් නැති කර ගෙන ආපහු ලංකාවට ඇවිත් මම පොල් කටු අඟුරු පුච්චලා ආදායමක් හදා ගන්න බැලූවා ඒත් වැඩක් වුනේ නැහැ පසුව තමයි මම මේ ලොතරැයි විකුණන්න පටන් ගත්තේ.
මොකද අතට වුනේ.?
2005 දී තමයි මම සෞදි ආරාබියට ගියේ බඩු ප්‍රවාහනය කරන ලොකු ලොරියක සහයකයෙක් විදිහට අපි හිටියේ සෞදියේ රියාද් වල ඉඳලා කිලෝ මීටර් 2000 ක් විතර ඈතින්  එහෙට කියන්නේ ජීසාන් සන්තා කියලා.ඒක ආරාබි කොම්පැනියක් හැමදාම හැන්දෑවට වැඩ ඉවර වුනාම අපි සහයකයෝ විදිහට අපේ ලොරියේ ඇතුල පිරිසිදු කල යුතුයි.
ඒ ලොරි වල පිටුපස තියෙන දොර සම්පුර්ණයෙන්ම හයිඩ්‍රොලික්  එදා මම ලොරියේ දුවිලි ශුද්ධ කරමින් ඉන්න කොට එක පාරටම මේ දොර මගේ වම් අත උඩට වැටුනා. දොර අත උඩට වැටුන පාරට මැනික් කටුව ළඟින් අත වෙන්වුනා.
හැබැයි ඒ කොම්පැනියේ අයටයි මට ඛෙහෙත් කරපු රෝහලේ දොස්තරලාටයි  උවමනාව තිබුනා නම් එදා ඒ වෙන් වුන අත නැවත මට බද්ධ කරන්න තිබුනා. එහෙම ඔපරේෂන් මේ ලංකාවේත් ඔය ඕනෑ තරම් කරලා හරි ගිහිල්ලා තියෙනවා. නමුත් මුදල් වැය වෙය වෙනවා ගොඩක් ඒ වැඩේට. ඒක නිසා ඒ අය එදා ඒ මාගේ අත බද්ධ කලේ නැහැ. ඒ අනතුරෙන් තමයි මට මාගේ වම් අත අහිම්ි වුනේ .
වන්දියක් ලැබුනද
අනතුරෙන් පස්සේ මාව එයලා ලංකාවට එව්වේ නැහැ  එයාලා කිව්වා වන්දියක් හම්බවෙනකම් ඉන්න කියලා ග එහෙම කියලා මම තවත්  අවුරුද්දක් විතර යන කම් ඒ කොමිපැනීයේ පොඩි පොඩි වැඩ ඔය සිකි්‍යුරුටි වාගේ වැඩ කලා. ඒත් අවුරුද්දක් විතර ගියත් වන්දියක් හම්බ වුනේ නැහැ ඒක නිසා ඒ කොම්පැණියේ වැඩ කරපු ලංකාවේ කොල්ලෝ හිටියා 25 ක් 30 ක් විතර හිටියා ඒ අය මම වෙනුවෙන් ලොකු ස්ට්‍රයික් එකක් කෙරුවා මට වන්දියක් අරං දෙන්න ස්ට්‍රයික් එකෙන් පසු මට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් දුන්නාග ඊට පසු මම මාගේ කැමැත්තට ආපහු ලංකාවට එන්න පලමුවෙන්ම රියාද් වලට ආවා මාගේ වියදමෙන්
එහේදී මට ඉන්ෂුවරන්ස් එකක් ලැබුනා කියලා ඒ සල්ලි වලින් මේ කෘතිම අත දාලා දුන්නා . එච්චරයි මට ලැබුනේ මගේ වියදමෙන්ම තමයි මම ආපහු ලංකාවට ආවේත් .
මිනිස්සු උදව් කරනවද?
සමහර අය ලොතරැයි ගන්න අකමැති වුනත් මට උදව්වක් කරන හැටියට මගෙන් ලොතැරැයි මිලදී ගන්නවාග කිඹුලාපිටිය සිට මිනුවන්ගොඩ පාරේ මීගමුව නගරයට ඒන ගමන් මාර්ගයේ ඉන්න අයත් ඒම මාර්ගයේ යන එන අයගෙන් බොහෝ දෙනෙක් දැන් දිනපතාම වාගේ මම එනකම් බලාගෙන ඉන්නවා ලොතරැයි ගන්නග බොහෝ දෙනෙක් මේ ලොතරැයි මගෙන්ම ගන්නේ මට උදව්වක් හැටියට බව මම දන්නවා ග ඒ අයට වැටහෙනවා මම  ජීවත් වෙන්න මොන තරම් උත්සහයක් කරනවාද කියලාග ඒක නිසයි බොහෝ දෙනෙක් මට උදව් කරන්නේ .
මේ රෑකියාව කරද්දී අමතක නොවෙන සිදුවීම් එහෙම ඇති නේද ?
එක දවසක් නීති විරෝධී ලෙස ව්‍යාජ විදිහට සකස් කරපු ලොතරැයි පත් වගයක් මට ගෙනත් දීලා ඒවා වලට දිනුම් තියෙනවා කියලා මගෙන් රු 3000 ක මුදලක් ලබා ගත්තා ග පසුව තමයි මම දැන ගත්තේ එ ලොතරැයි හොර ඒවා කියලා ඒක මට කවදාවත් අමතක නොවෙන සිදුවීමක්
 අනාගතය ගැන හිතේ තියෙන බලාපොරොත්තු මොනවාද ?
මම මේ රැකියාව පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ කවදා හෝ ලොතරැයි අලෙවි නියෝජිතකමක් ගන්න පුළුවන්ද කියලයි මම දැනටත් සමාන්‍යයෙන් දිනකට  ලොතරැයි 350 ත් 400 ත් අතර ප්‍රමානයක් විකුණනවාග
මේ ගනන සමහර දවස් වලට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මම ඇත්තටම උත්සහ ගන්නවා ලොතරැයි අලෙවි නියෝජිතකමක් ගන්න  කවුරුහරි ඒකට මට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්  ඒත් එක්කම මම ඉන්න නිවසේ දැනට හතරෙන් තුනක් විතර වැඩ ඉවරයි  නිවසේ ඉතිරි හරියත් ඉක්මනින්ම ඉවර කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒවාගේම මගේ දරුවන් දෙන්නට හොදට උගන්නලා සමාජයට කරදරයක් නැතිව යහපත් ලෙස ජීවත් වෙන්න පුළුවන් හොඳ පුරවැසියන් කරන්න තමයි මම හුඟාක්ම බලාපොරොත්තු වෙන්නේ  ඒකට තමයි මම මේ තරම් මෙහෙම මහන්සි වෙන්නේ. වෙන නම් ලොකු ලොකු බලාපොරොත්තු මාගේ ජීවිතයේ නැහැග මම වෙන අය වාගේ අරක්කු සිගරට් බීලා මට ලැඛෙන අදායමෙන් වැඩි කොටසක් විනාශ කර ගන්න කෙනෙක් නෙමෙයිග මම හැමදාම දෙවියන් බුදුන් අදහන කෙනෙක්ග ඉදිරියටත් අවංක විදිහට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න කැමති කෙනෙක් අනාගතයටත් එහෙම ජීවත් වෙන්න  තමයි මාගේ බලාපොොරොත්තුව

ඔබේ ලිපිනය සහ දුරකතන අංකය ?
ආර්. එම් .සුනිල් ධර්මපාල ල 260/08 ඉද්දගොඩැල්ල පාර ල කිඹුලපිටිය
දුරකතන අංකය – 077-4807149

සටහන – තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article