
සුභ සාධක කටයුතුවලට ප්‍රධාන තැනක් දෙමින් පවත්වාගෙන යන ත්‍රීවීල් රථ සමිතියක් පිළිබඳව කොච්චිකඩේ ප්‍රදේශයෙන් වාර්තාවේ.
ගමට වැඩදායක විශේෂයෙන් සුභ සාධන කටයුතුවල යෙදෙන ත්‍රී රෝද රථ සංගමයක් කොච්චිකඩේ මඩම්පල්ලල පාර පවත්වාගෙන යන බව දැන ගැනීමට හැකි වි තිබේ.
ඇත්තෙන්ම එම ස්ථානයට ගියපසු පළමුව දැක ගැනීමට හැකි වූයේ එම ත්‍රිරෝද රථ රියදුරන්ගේ විනයගරුක භාවයයි.ඔවුන් කතා කරන වචන හැසිරීම එතනට සේවය ලබාගැනීමට පැමිණෙන මඟින්ට ලැබෙන යහපත් ප්‍රතිචාරයකි,
අංක 08 ,මුරුතාන පාර බම්බුකුලිය කොච්චිකඩේ පදිංචි, සමිතියේ ලේකම්වන මයිකල් ප්‍රනාන්දු යන අය අදහස් දක්වමින් මෙසේ පැවසීය, අප සංගමයේ මූලික පරමාර්ථය සේවය ලබාගැනීමට පැමිණෙන මගීන්ට එය යහපත් ලෙස ඉටුකරදීමයි, සාමාජිකයන් 28 ක් පමණසිටින අප සංගමය නමින් ශාන්ත පිලිප්නේරි ත්‍රී රෝද රථ සංගමය නමින් හඳුන්වයි ,ගමේ දේවස්ථානයේ මුනිවරයාගේ නම අපි මේ සඳහා යොදාගෙන තිබෙනවා.
වෘත්තීයක් වශයෙන් ත්‍රීරෝද රථ ධාවනය කළද සුභසාධනයද අප සංගමයේ ප්‍රධාන පරමාර්ථයක්. පාසල් ළමුන්වෙත පාසල් පොත් ඇතුළු උපකරණ බෙදා දීමද ,දේවස්ථානය අවශ්‍යතාවයන් ඉටු කිරීමද,විවිධ අමාරුකම්වලින් පෙළන අය හඳුනාගෙන උදව් කිරීමද අපි සිදුකර ඇත,එසේම ඇතැම් මගීන්ගේ රන් ආභරණ හෝ වටිනා දේපළ දමා ගියහොත් අයිතිකරු සොයා කඩිනමින් ලබාදීම අපගේ ප්‍රධාන පරමාර්ථයක් කරගෙන ඇත,අපේ කිසිම රියදුරෙකුට මත්පැන් පානය කර ත්‍රී රෝද රථයකට නැගීමටවත් අවසර නැත,කාන්තාවන්ට ගෞරවය ඇතිවන අන්දමින් සේවය ලබාදීමට අප සාමාජිකයෝ නිතරම සූදානම්ව සිටිති,
වර්ෂයකට වරක් බත් දානයක් දීම සිදු කරන අතර අප සංගමය මගින් ස්ථාපිත කර ඇති දේවමාතාා ප්‍රතිමාවේ වාර්ෂික මංගල්‍යයද ප්‍රදේශවාසීන්ගේ සහ මගීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව උත්සවාකාරයෙන් සැමරීමට කටයුතුකටයුතු යොදා ඇත,එදිනට සහභාගි වන සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමද අපි සතුටු සිතින් කරන්නෝය.එක් අවස්ථාවක හදිස්සියේ නිවසක් ගිණි ගැනීම සිදුවිය,අප සංගමය විසින් ඒ සඳහා ආධාර කරන ලදී,ගංවතුර සමයේදී අවට ගම්වල ගංවතුරෙන් අනාථ වන පවුල්වලට වියලි සලාක ලබාදීමට කටයුතු කරන ලදී,අප සංගමයේ සාමාජිකයෙක් මියගියහොත් රුපියල් ලක්ෂයක මුදලක් දීමටද,අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර ගැනීමට අවශ වුවහොත් රුපියල් 5000 ක මුදලක් දීමටද,ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කිරීමට අවශ්‍ය වුවහොත් ණය මුදලක් දීමටද කටයුතු කර ඇත,පවුලේ සාමාජිකයෙක් මියගියහොත් ඒ සඳහාද සංගමය ආධාර කිරීමට බැඳී සිටිති, විශේෂයෙන් අපගේ පරමාර්ථය වනුයේ විනයගරුක ත්‍රී රෝද රථ රියදුරක වශයෙන් සේවය කරමින් ජීවත්වීම බව එහි රැඳී සිටි සියලුම සාමාජිකයෝ පවසා සිටියහ .පොලිසිය හා දේවස්ථානය සමග කිට්ටු සම්බන්ධතා පවත්වමින් අවවාද සහ අනුශාසනා ලබා ගන්නා බව එහි ලේකම්වරයා පවසා සිටියේය,මෙම සංගමයේ සභාපති වශයෙන් දැනට මීගමුව බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රසන්න බිටෝ පුල්ලේ යන අය කටයුතු කරන බව පවසා සිටියේය .
රේමන් අපෝන්සු












