සෙත්තප්පාඩුවේ පුද්ගලයෙකු ඝාතනය කිරීම ජාවාරම්කාර කල්ලියක වැඩක්ද?

0
205

මීගමුව දුන්ගාල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් සෙත්තප්පාඩුව ප්‍රදේශයේදී 25 දින රාත්‍රියේ ඉතා දරුණු ලෙස පහරදී පුද්ගලයෙකුව කුරිරු ඝාතනය කර ඇත. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා අවස්ථා කිහිපයකදීම උසාවිය මගින් වරදකරුවකු කරනු ලදුව සිර දඬුවම් ලබා ඇති සුරංග මනෝජ් නැමැත්තෙකි.

සෙත්තප්පාඩුව කලපුව ආශ්‍රිතව සිදුවෙන නිත්‍යානුකූල නොවන බීඩි කොළ ගොඩබෑම, කසිප්පු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව මේ තැනැත්තා පොලිසියට ඔත්තු සැපයීම නිසා මෙම නීති විරෝධී කටයුතුවල නිරත වන පුද්ගලයින් විසින් මෙම තැනැත්තා ඝාතනය කර ඇති බවට ප්‍රදේශය තුළ කටකතාවක් පැතිර යමින් තිබේ

මෙම ඝාතනයට පුද්ගලයන් පස් දෙනෙක් හෝ හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ බවට පොලීසිය විසින් මේ වන විට කර ඇති පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇතැයිද වාර්ථා වේ.

ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සැලසුම් කළ සහ එය මෙහෙයවූ තවත් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දුන්ගාල්පිටිය පොලිසියේ කටයුතු කරමින් සිටින බවද සැලය.

විශේෂ ලියුම්කරුවකු විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here