දිට්වා සුලි කුණාටුව සහ ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට රජයෙන් ලබාදුන් සහනාධාර ලැබීමේදී කටාන සෙල්ලකන්ද ග්‍රාමයේ වින්දිතයින්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ගංවතුර ගලා ඇවිත් හානිවූ නිවෙස් වලට මෙම සහනාධාරය නොලැබුණ බවට ගම්වාසීන් විසින් සාක්ෂි දරන අතර මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කටාන ප්‍රා.ලේකම්වරයාටද දැනුම් දි ඇතත් තවමත් අපට සාධාරණයක් ඉටුවී නැහැ. ග්‍රාම සේවා වසම 161/C සෙල්ලකන්ද යන ග්‍රාමයේ එකම හිමිකරු නිවාස දෙකකට ආපදා මුදල් ලබාගෙන තිබෙනවා. ඒ වගේම තමන්ගේ ගෙදරට ගංවතුරෙන් කිසිදු හානියක් සිදුනොවු සාමාජිකයින් ද වන්දි ලැබූ ලයිස්තු අතර සිටිනවා.
මේවා ගැන සොබැලීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වන්නේ නැහැ.මෙම ආපදා මුදල් අවභාවිතාවීම වලක්වන්න රජයෙන් ප්‍රජා සවිබල ගැන්වීමේ කමිටුව කියලා කමිටුවක් පත්කෙරුවා. නමුත් මෙම කමිටුවටද මෙම අසාධාරණකම් නැවැත්විමට කිසිදු හැකියාවක් නැති බවයි පෙනී යන්නේ. පෙර පැවති රජයන් කාලයේදි සිදුවූ අසාධාරණකම්,වංචනික ක්‍රියා තවමත් සිදුවන අතර මේවා හෙළිදරව්කර ඒවා සිදුකරන නිලධාරීන්ට නිසි දඩුවම් ලබාදෙන ලස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
සෙල්ලකන්ද ගම්වාසී පිරිසක්












