spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”සොරෙකු මාධ්‍යවේදියෙකු වු වගයි..” Nightcrawler

Must read

ඔහු ලොස් ඇන්ජලිස් නුවර  සොරෙකි.නමින් ලුවිස් බ්ලූම්ය.තමා ගැන දැඩි ආත්ම විස්වාසයකින් ක්‍රියාකරන්නෙකි.නමුත් සොරුකුට රැකියාවක් ලබාදීමට කිසි කෙනෙකු ඉදිරිපත්වන්නේ නැත..මන්දයත් සමාජයේ සොරා යන නාමට පටබැඳී අවසන්ය.නිතර සොරකමක් සොයා පාරේ ගමන් කරයි.සොරකම් කෙරූ භාණ්ඩය විකිනීමටද  ඔහුට ඇති හැකියාව ඉමහත්ය.
    දිනක් ඔහු පාරේ යමින් සිටියේදි අනතුරක් දකී.අනතුර ලඟ පොලීසියට අමතරව විඩීයෝ කරන්නෙක් වූහ.එනම් ඔහු මාධ්‍යවේදියෙකි.ඔහු සමඟ කල කතාබහකින් ඔහුගේ ක්‍රියාකලාපය බ්ලූම් ගේ සිතට වදී.එනම් මාධ්‍යවේදියෙකු වීමට ඔහුත් සිතා ගත්හ.සොරකම් කර සොයාගත් මුදලින් කැමරාවක් හා පොලිස් රේඩියෝවක් මිලට ගෙන කාර්යබහුල ලොස් ඇන්ජලිස් නුවර නිතර වන අනතුරු සොයා ගමන් කරයි.ඔහුගේ ඇස තියුණුය.කැමරාවේ කාචයට හසු කරගන්නා දසුන් දුර්ලභය.එම නිසා ඔහුට ඒම දසුන් මුදල් බවට පත් කර ගැනීමට අපහසුවන්නේ නැත.ඔහුට නීතියෙන් මාධ්‍යවේදියෙකුගේ බලතල නැත.ඔහු මාධ්‍ය ගැන ඉගෙනගෙන නැත.ඔහු  ලබාගත් දැනුමක් වේ නම් එය ලබාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි.ඔහුගේ උනන්දුව හා තියුණු  ඇස  නිසා ලොස් ඇන්ජලිස් නුවර පුවත් වැඩිවේ. වෘත්තිය මාධ්‍යවේදියෙකුගේ පුවත් වලට වඩා බ්ලූම්ගේ පුවත් හා  විඩියෝ දසුන් වෙනස්ය එම නිසා ඔහුගේ දසුන් නිතර රූපවාහිනියේ පුවත් වල දක්නට ලැබේ.
   ඔහු හුදකලා මිනිසෙකි.ඔහුට ආදරය අවශ්‍යයි නමුත් ආදරය කරන්නට කෙනෙක් හමුවන්නේ නැත.ඔහු උත්සහ කරයි නමුත් එය සාර්ථක නොවේ.ඔහු ඔහුගේ විනෝදාංශයට ආදරය කරයි.ඔහු නිතර නිතර පුවත් මවන්නෙක් වෙයි.මාධ්‍ය ආයතන හටද ඔහුව නැතිවම බැරි වෙයි.නගරයේ පොලිස් නිළධාරින්ටත් ඔහු තර්ජනයක් වෙයි. බ්ලූම් ඔහුගේ අරමුණ කරා යයි.දිනපතා මුදල් උපයයි.අවසානයේ ඔහු තම සාර්ථකත්වය කරා ගමන් කරයි..
     මෙම චිත්‍රපටියේ ලුවිස් බ්ලූම් රැඟපෑ චරිතය පැහැදිලිය.එනම් පුරවැසි මාධ්‍යකරුවයි. Citizen Journalist   . පුරවැසි ජනමාධයේ ප්‍රබලත්වය මෙයින් පැහැදිලිය. මිනිසෙකුගේ සාර්ථකත්වයට අවශ්‍ය වනුයේ  වුවමනාව හා ආත්ම විස්වාසයයි.ඔහු සේවය කලේ ඔහුටමය.එය ඔහුගේ සාර්ථකත්වයයි.
එහෙත් එය සැබැවින්ම විවාදාත්මකය.??
සටහන -ඩිල්ෂාන් තිසේරා
nightcrawler-posternightcrawler-2014-film-poster

https://www.youtube.com/watch?v=X8kYDQan8bw

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article