සෞදියේ රැකියාවට ගොස් සේවය කරමින් සිටියදී දැනට මාසයකට පෙර ඝාතනයට ලක් වී ඇතැයි කියන කාන්තාවකගේ දේහය දිවයිනට ගෙන දෙන්නයි සහ සම්බන්දයෙන් සාධාරණ පරික්ෂනයක් කර දෙන ලෙස ඉල්ලා ඇයගේ දියණිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
මෙලෙස සෞදියේදී ඝාතනයට ලක්වී ඇතැයි කියනු ලබනුයේ මෙයට වසරකට පෙර රැකියාවට ගිය අංක 373/2 දංගොල්ල පැපිලියවත්ත යන ලිපිනයේ පදිංචි 55 හැවිරිදි බුලත්සිංහලගේ ධම්මිකා කුමාරි යන අයකි.