හයේෂිකාගෙන් පහර කෑ තරුණයාට ඇප

0
279

 

“ටීචර් අම්මා” යන අනුවර්ත නාමයෙන් හඳුන්වන හයේශිකා ප්‍රනාන්දු යන ටියුෂන් ගුරුවරියගේ කටාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බව කියන සිදුවීමක් සම්බන්ධව එම අධ්‍යාපන ආයතනයේම සේවය කළ රිතික් ත්‍රිෂාල් නැමැති 21 හැවිරිදි තරුණයාට එරෙහිව කටාන පොලිසිය විසින් ගොනුකරන ලද පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද දින (16/07/2025 ) පෙරවරුවේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවන ලදී.
ඒ අනුව ,මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හී, මීගමුව අතිරරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියේ දී මෙම නඩුව විභාගයට ගැනුනු අද දිනයේ ප්‍රථම වතාවට රිතික් ත්‍රිෂාල් නැමැති මෙම සැකකාර තරුණයාද අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මෙම සැකකාර තරුණයාව නිල වශයෙන් ඇප මත මුදා හරින ලෙසයි.
මෙම සිදුවිම සම්බන්ධයෙන් පසුගිය මැයි මස 14 වනදා මිගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයකට පසුව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකාර ⁣තරුණයාව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිනි.

පසුගිය මැයි මස 17 වැනි දින කොළඹ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු එදින මෙම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් මෙම තරුණයා හට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප 02 ක් මත ඇප ලබා දී තාවකාලික ලෙස අප මත මුදාහැර තිබිණි.
මේ අතර හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියගේ පාර්ශවයේ නීතිඥයින් පෙර නඩු වාරයකදී මෙම සිදුවීම සම්බන්ධව කටාන පොලිසිය ක්‍රියා කල ආකාරය පිළිබඳව, විශේෂයෙන් පොලිසිය හරහා අධිකරණය වෙත නඩුකරයක් ගෙන ඒමේ නිසි ක්‍රමවේදය කටාන පොලිසිය විසින් නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව කරුණු ගෙන හැර දැක්වීය. එලෙසම හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය හා ඇගේ අධ්‍යාපන ආයතනයේ කළමනාකරු විසින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිදුවීමට අදාළව මෙම සැකකාර තරුණයා විසින් ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමට පෙර වෙනත් ජනමාධ්‍යයන් වෙත මෙම සිදුවීම අනාවරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ද කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත නියෝග කර තිබේ.
ඒ අනුව මෙම සියලු කරුණු කාරණා හේතුවෙන් මේ සිදුවීම සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට මීගමුව, කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වී තිබේ. ඒ අනුව එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා සහ පොලිස් කොස්තාපල් උදය කුමාර මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් අධිකරණය වෙත දන්වා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තම කාර්යාංශය මගින් විමර්ශන වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. ඒ අනුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම සිදුවීම සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකර, එම විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
තවද ,
එහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නඩුව එළඹෙන නොවැම්බර් මස 12 වැනි දිනට (12 / 11 /2025 ) කල් තබන ලදී.
හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියගේ පාර්ශවය හෙවත් පැමිණිලිකාර 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළුව ගීත්ම ප්‍රනාන්දු , චාන්දනී දයාරත්න, නිරෝෂන් සිරිවර්ධන සහ ආශා රත්නායක යන නීතිඥවරුන්ගෙන් සැදුම්ලත්, නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර රිතික් ත්‍රිෂාල් නමැති 21 හැවිරිදි සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.

IMG 20250517 174603 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here