හයේෂිකාගේ පාර්ශවයේ පැමිණිල්ලක් නිසා අත්අඩංගුවට පත් වු තරුණයාට ඇප , ?.

0
74

 

හයේසිකා ප්‍රනාන්දු සහ ඇගේ කළමනාකරු විසින් රිතික් ත්‍රිෂාල් නැමැති තරුණයාට කර තිබුන අමානුෂික පහර දිම් හේතුවෙන්
පසුගිය 13 වනදා රාගම රෝහලට වැඩ්දුර ප්‍රතිකාර සදහා ඇතුලත්ව තිබුන අතර එහිදි කරන ලද පරික්ෂන වලින් පසු එම තරුණයාව කොළඹ ජාතික රෝහලේ 33 වන වාට්ටුවට මාරු කර යවා තිබුණි.

මේ අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් පසුගිය මැයි 14 වනදා මිගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසුව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ⁣තරුණයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ හයේෂිකාගේ පාර්ශ්වය විසින් සිදුකර තිබුන පැමිණිල්ලක් හේතුවෙනි.

ඇය යටතේ.සේවය කරන ⁣සේවිකාවකට ලිංගික අතවරයක් කිරිමට තැත් කර ඇතැයි යන චෝදනාවක් ද.සහිතව හයේසිකාගේ පාර්ශවය විසින් කටාන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

මේ සිදුවිම හෙළා දකිමින් සහ එම සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඊයේ මෙම (05/16) තරුණයාගේ.මව , පියා සහ වැඩිමහල් සොහොයුරිය ඇතුළු පවුලේ අය විසින් මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ තමන්ට බලවත් ආසාධරණයක් සිදුව ඇති බවය..
මේ අසාධාරණය පිලිබදව මේ අය ජනාධිපති කාර්යාලය , අගමැති කර්යාලය, නිතිපති කාර්යාලය,විපක්ෂ නායක කාර්යාලයද ඇතුලු ස්ථාන වලට ගොස් මේ අවනඩුව ඉදිරිපත් කළ බවද එම මාධ්‍ය හමුවේදිම කියා තිබුණි.

එමෙන්ම ඊයෙ පැවැති එම මාධ්‍ය හමුව සහ එහි දි මතුවු කරුණු මාධ්‍යවලද වැඩි අවධානයක් දිනාගෙන තිබුනි.

මෙම තරුණයාගේ මව කියා තිබුනේ තම පුතාව පොලිසිය විසින්
පැය 36 කටත් වඩා වැඩි කාලයක් රදවා තබාගෙන ඇති අතර එය නිතිවිරෝධි බවය.

කෙසේ වෙතත් මේ පසුබිම තුල මිගමුව අතිරේක මහෙස්‍ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මියගේ නියෝග මත අද දිනයේ (17/05) කොළඹ ජාතික රෝහලට ගොස් තිබුන මාලිගාකන්ද වැඩබලන මහේස්‍රාත්වරයා කොලඹ ජාතික රෝහලේ 21වැනි වාට්ටුවට ගොස් විත්තියේ මෙන්ම පැමිණිලි කාර පාර්ශවයේද එලෙසම පොලිසියේද කරුණු සලකා බලමින් මෙම තරුණයට ඇප ලබා දිමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් යටතේ ඔහු ඇප මත මුදාහැර තිබිණි.

මෙම තරුණයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ඇතුළු ජනනි පෙරේරා, දුලීෂා විජේසූරිය සහ චමරී සඳුනිකා යන නීතිඥ පිරිසද පෙනී සිටි අතර මෙහි වැඩිදුර නඩු විභාගය එළඹෙන 21 වැනි (21/05) දින මීගමුව, මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here