හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගෝඨාගෝගම දි උපවාසයක් අරඹයි !

0
253

278331659 144647484753979 360103227542408945 nඅරගලය නොනවතින රැල්ලක් බවට පත්ව තිබේ. විවිධ තැන්වලින් විවිධ ආකාරයෙන් එය දැන් ශක්තිමත් වෙමින් තිබේ.

ශ්‍රි ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්  අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැය 24ක උපවාසයක් ආරම්භ  කර තිබේ.

 ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ එක්වී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස මේ රටේ නායකයන්ගෙන් ඉල්ලා පැය 24ක උපවාසයක නිරත වෙනවා” ධම්මික ප්‍රසාද් නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත පවසා තිබුණි.

ධම්මික ප්‍රසාද් පසුගිය සතියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කළේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස බලධාරීන්ට බලකරමිනි.
මුලාශ්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here