( 12.30 pm ) මීගමු මහත්මා දේශපාලනයේ එක් සන්නාමයක් වු හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද වු නීතිඥ සරත් චන්ද්‍ර ගුණරත්න ඔහු නගරාධිපතිවරයා ලෙස කටයතු කළ කාලයේ රු ලක්ෂ 24 කට අක්කර 2කකටත් වඩා වැඩි ඉඩමක් මිලට ගෙන තිබුණි.
ඒ මීගමුව මහනගර සභාව සඳහාය.
එම ඉඩම මිගමුව කඩෝල්කැලේ ක්‍රිඩාපිට්ටනියට යාබදව ඇති සයන්ස් කොලේජ් දෙසට දිවෙන පාරේ දෙපසක භුමිය ප්‍රදේශයට අයත්ය.
අති දැවැන්ත වානිජ වටිනාකමකින් යුතු මේ ඉඩම අක්කර 2කයි රෑඩ් 1පර්චර්ස් 11 ක් වේ.
ලංසා පාලනය තුල ඔවුන් මිගමුවේ ඉඩම් ගැන සිතා සිටියේ ඒවා සියල්ල සිය බූදලයක් කියාය .
මේ අනුව සිංහ සමාජයටත්,ස්ටවුට් බියර් සමාගමටත්,මිගමුව ඡායාරූප ශිල්පින්ගේ සංගමයටත් ආදි වශයෙන් කොටස් කිපයකට මෙම ඉඩමේ කොටස් බෙදා දි තිබුණි.දැනට පුද්ගලික බස් නවත්වා ඇති භුමියද මීට අයත්ය.
රියදුරු පුහුණුවට එන පිරිස 8 ගහන තැන අයිති වන්නේද මේ ඉඩම් කොටසටය.
මෙම ඉඩම් පර්චස් එකක් වෙළඳ වටිනාකම රු ලක්ෂ 30ද ඉක්මනු ඇත.
මිගමුව මහනගර සභාවට විශාල ආදායමක් ලබාගත හැකි ආකාරයට මේ ඉඩම ඉතා පහසුවෙන් ප්‍රයෝජනයට ගතහැකිව තිබේ.
වත්මන් පුනරුද පාලනය සැබැවින්ම කල්පනා කලයුතුව ඇත්තේ අයවැයෙන් මිගමුවේ බදු ගෙවන ජනයා මත තවත් බර පැටවිමේ සාම්ප්‍රදායික ආදායම් උත්පාදනයට විකල්පයක් ලෙසින් මෙවැනි ඉඩම් වල දැවැන්ත ආයෝජනයන් සදහා යොමු වි සැලකිය යුතු ආදායම ක් ලබාගැනිම සම්බන්ධවය..
එහෙත් ගැටලුව වන්නේ මිගමුවේ වත්මන් පුනරුද පාලනය තුල සිටින අතිබහුතරයක් නියෝජිතයන්ට මේවා ගැන නිසි අවබෝධයක් තිබේද යන කරුණයි.
අඩුම තරමින් කඩොල් ප්‍රදේශය නියෝජනය කරන මාලිමා මන්ත්‍රිවරයා හෝ මේ ගැන දන්නේද යන්න පවා සැක සහිතය.
සමාජ දේශපාලන පරිචයක් අත්දැකිමක් නැති අතිබහුතරයක් සිටින වත්මන් මහනගර සභා පාලනයට මීගමුව අළුතින් ගොඩනැගිය හැකිද?












