මේ දවස් වල නැගල යන මාතෘකාව තමයි බන්ධනාගාර කේස් එක.
අපටත් තියෙනව එහෙම කේස් එකක් .හැබැයි මේකට දොස්තර මල්ලි කෙනෙකුත් පැටලිලා කියල තමයි තියෙන කසුකුසුව .
ලයිසන් පිස්තෝලෙකින් තමන්ගේ පාසැලේ මිතුරෙක්ට පාට් දාපු ව්‍යාපාරිකයෙක් දැන් ටික දවසකට කලින් පොලිස් අත්අඩංගුවට පත්වුනා.
බන්ධනාගාර ගතකරන්න කලින් එයාව මිගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගේනව.
එතනදි තමයි මෙයාව නේවාසිකව රෝහලේ ප්රතිකාරගත යුතුයි කියල යොමු වෙන්නේ .
ඒ කකුලෙ තිබුන කියන පොඩි තුවාලෙකට.
දැන් මේක වෙලා සති දෙකකටත් වැඩිද මන්ද.
මෙයාව මිගමුව රෝහලේ හතේ වාට්ටුවට යොමු කරනව.
දැන් සති දෙකකටත් ආසන්න කාලයක් තාමත් 7 වාට්ටුවේ.රෝහල්ගත වෙලා මේ තරම් දවසක් ඉන්න තරම් රෝගි තත්වයක් නැ කියන එක දැන් රෝහලේම කසුකුසුවක් බවට පත්වෙලා.
බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ හිටියත් මාච්චුත් ලොක් කරල නැතුවලු ඉන්නේ.
යසයි.
වැඩේ කියන්නේ මෙයාගේ සහෝදරයෙක් මිගමු රෝහලෙත් කලින් හිටපු වෛද්යවරයක්ලු.
මරු.
සිස්ටම් චේන්ජ් කරන්න කොයි තරම් ආන්ඩුව දැගලුවත් මෙහෙම තමයි ඉතින්.
සිස්ටම් අන්චේන්ජ් ?
නිමල් ප්‍රනාන්දු