spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෙට මීගමුවේ නව පාලනය පිහිටුවන්නේ කොට්ටාශ 19 ක් දිනු එජාපයද ,07 ක් දිනු පොහොට්ටුවද…?

Must read

Oru picsපෙබරවාරි 10 වෙනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මීගමුවේ කොට්ටාශ 29 නි 19 ක් ජයගත් එජාපය  තුනෙන් දෙකක ජයතහවුරු කර ගත් අතර පොහොට්ටුවට හැකිව තිබුනේ කොට්ටාශ 07 ක් පමණක් ජයගැනිමටය.මේ අතර ශ්‍රිලනිපය සමත්ව තිබුනේ කොට්ටාශ 3 ක් පමණක් බලය රැකගැනිමටය.ඉන් දෙදෙනෙකු  මුස්ලිම් අපෙක්ෂකයන් විය.
අතිරේක ලයිස්තුවේ මන්ත්‍රිධුරද සමගින් පොහොට්ටුවට හිමි මන්ත්‍රිධුර ගණන 16 කි.
නිමල් ලංසා විසින් යෙදවු ස්වාධින කණ්ඩායම් 2ක් සදහාද අතිරේක ලයිස්තුවෙන් මන්ත්‍රිධුර දෙකක් ලැබි තිබේ.ඡන්ද 19 ක් පමණක් ගත් කෙහෙල් ඇවරියේ මන්ත්‍රිධුරයද ලොකු ගණනකට ලංසාටම විකිණි ඇත.
ඒ අනුව එජාපය මෙන්ම පොහොට්ටුවද අතද දැන් ඇත්තේ සම මන්ත්‍රින් ගණනකි.
හවුල් පාලන පිහිටුවිම පිළිබදව ශ්‍රිලනිපය විසින් කර ඇති ප්‍රකාශිත ස්ථාවරය වන්නේ ඔවුන්ට වැඩි වාසි අත්වන අයුරින් එසේ කිරිමට හැකි බවය.
ඒ අනුව මිගමුවේදි ශ්‍රිලනිපයට දෙපැත්තෙන්ම ඇරයුම් ඇත්තේ නියෝජ්‍ය නගරාධිපතිධුරය සදහාය.
එහෙත් ශ්‍රිලනිපය තුල ඇති අර්බුදය වන්නේ මෙසේ නියෝජ්‍ය නගරාධිපතිධුරය බලාසිටින දෙදෙනෙකු ශ්‍රිලනිපයේ මිගමුවේ පිල් දෙකෙන් ඉල්ලා සිටිමය.
ලලිත් පිලේ නියොජ්‍ය නගරාධිතිධුරය ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් හට  ඉල්ලා සිටියදි සකාවුල්ලා පිළ එය ෆරිස් වෙත ඉල්ලා සිටි.
එහෙත් මෙහි එක් වෙනසක් තිබේ.
නිමල් ලංසා විසින් දැනටමත් ලලිත් ටෙන්සිල් හට රු කෝටි 5 ක් සහ මෝටර් රථයක් ලබාදිමට යෝජනා කොට ඇත.
එමෙන්ම ෆරිස්ගේ මැතිවරණ ව්‍යාපාරය සදහාද නිමල් ලංසා විසින් රුපියල් මිලියනක් ලබාදි ඇතැයි පුවතක් සැලය.
ෆරිස් සියළු ප්‍රතිපත්ති පාවා දි දැනටමත් පොහොට්ටුව වැළද ගැනිමට දක්වන උනන්දුව විසින්ම ෆරිස් ගැන බොහෝ දේ කියවි අවසානය.
මේ පසුබිම තුල දැන් ඇත්තේ අතිදැවන්ත මුදල් ගණුදෙණුවකි..
එමෙන්ම සාකවුල්ලාගේ ඉදිරි පළාත් සභා සිහිනය මේ සියලු ගණුදෙනු අතරේ හොලමන්  කරමින් තිබේ.ඔහු බලන්නේ ඔහුට අවනත යැයි කියන මන්ත්‍රි 3 ක් සමගින් සුදුවක් කෙළිමටය.

මේ සැමට ඇත්තේ අතිශය පුද්ගලික න්‍යාය පත්‍රයන් බව මීගමුවේ ජනයාට වඩාත් හොදින් තේරුම් ගැනිමට තවත් දින කිහිපයක්ම ගතවෙනු ඇත.
මීගමුව ඉදිරියට ඔසවා තබන දේශපාලන සමාජ න්‍යාය පත්‍රයක් මේ සියලු ගේම් මැද්දේ වුව ගොඩනැගිය යුතුව තිබේ.
මේ කලු සල්ලි ,ඇතුළු සියළු ගේම් පරයා නැගි සිටින එක් ප්‍රබල සාධයක් පවති.
එනම් හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ස්ථාවරයයි.
ඇය කිසිලෙසකින් වත් මිගමුව තුල ලංසාගේ පවුල් පාලනය යළිත් ස්ථාපිත කිරිමට කිසිදු ඉඩක් ලබානොදිමේ ස්ථාවරයක සිටි.
ලලිත් ටෙන්සිල් යනු ඇයගේ මිගමු නියෝජිතයාය.
දුෂිත පාලනයකට එරෙහිව ලේවලින් අත්සන් තැබිමට තින්දු කිරිමම  ලලිත්ගේද සංකල්පයකි.
මේ සියල්ල දැන් එකට පෙළගැසෙමින් තිබේ.
තවත් එක් කරුණක් සදහන් කළ යුතුවම තිබේ.
එනම් ජවිපෙ මන්ත්‍රිධුර 3 ය.
එය මිගමුවේ අනාගත දේශපාලනය නිරෝගිමත් කරන ප්‍රධාන සාධකය විම දැන් නොවැලැක්විය හැක.
රටට යහපාලනය ගෙනඒමට තිරාණාත්මක දායකත්වයක් සැපයු මිගමුවට සාධාරණයක් ඉටුකිරිමට අදාලව ප්‍රබල පියවරයන් රැසක් අද දිනයේ පෙරට එනුු ඇත.
මේ සියළු වර්ධනයන් විසින් හෙට උදාවනු ඇත්තේ තවත් පවුල් පාලනයක නිමාවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article