CMU- හේලීස් වෘත්තීය සමිතියේ 70 වැනි සංවත්සරය සමරමින් එහි වාර්ෂික සම්මේලනය පසුගිය දා කොළඹ කොල්ලුපිටිය CMU ශාලාවේදී පැවැත්විණි. හේලීස් වෘත්තීය සමිතියේ සාමාජික සාමාජිකාවන්ට අමතරව CMU හි නිලධාරි මණ්ඩලය ද මීට එක්විය. සමගිව,එක්සත් සටන් ක්‍රියාමාර්ග තුලින් වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමත්, කම්කරු ව්‍යාපාරය තුල පැන නැගී ඇති ජාති, වර්ග හා ආගම් වාදය පරාජය කිරීමත්,අද දවසේ ප්‍රමුඛ වී ඇති බව හේලීස් වෘත්තීය සමිතිය සිය 70 වැනි සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබිණි.












