spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොඳ ලේ ,කුණු ලේ සහ කඩවුණු පොරොන්දුව

Must read

මෙවර   පළාත් පාලන  මැතිවරණයට  ඉදිරිපත්වූ   ශ්‍රි.  ල.  ප. නියෝජිතයින්ගේ  මාධ්‍ය  සාකච්ඡාවක්   එහි  ප්‍රධාන  සංවිධායක  ලලිත්  ටෙන්සිල්  මහතාගේ  නිවසේදී   පවත්වන්නට  යෙදින. ඊයේ  (27දා)   පැවති  මෙම සාකච්ඡාවේදී   ඉහතකී  නියෝජිතයින්  විසින් මැතිවරණ  සමයේදී   මේ  ස්ථානයේදීම  ලේ වලින්  අත්සන් කරනලද   පොරොන්දු  පත්‍රය  ප්‍රදර්ශණය  කරමින්  තමන්  ඉදිරියේ  එසේ  පොරොන්දු  දුන්  මෙම  පිරිස   පිළිබදව  පියවරක්  ගන්නා  බවට  සහතික විය.

මෙම  ලේ  අත්සන  තබන  අවස්ථාවේ  මීගමු  ඉතිහාසයේ   කිසිදිනෙක  සිදුනොකළ  ක්‍රියාවක්  කිරීමට  ලැබීමෙන්  ශ්‍රි. ල. නි. ප. සාමාජිකයෝ   උදම්  ඇනීය.  මෙම  සිදුවීම  ජාතික  නාලිකාවන්හි  ප්‍රදර්ශණය  වීමෙන්  රටපුරා  ජනතාවද  මේ  පිරිසිදු   දේශපාලනය  අගය  කළ බවට  සැකයක්  නැත.  මෙම  අවස්ථාවේ  එක්  මහත  දෙහෙත  ඇති  කාන්තාවක්  වෙනුවෙන්  එක්  පුද්ගලයෙක්  (  ඇගේ  පියා විය හැක)  ඈ  ලේවලින්   අත්සන්  කරන  අවස්ථාවේ  ගත්  ඡායාරූපයක්   අපෙන්  ඉල්ලා  සිටිආකාරය  මට  මතක්විය.  ඒ අනුව එම ඡායාරූපය ලබාදීමට   විමසීමේදී  ඇයලේ පොරොන්දුව  කඩකර   මුදලට  විකිණී  ඇතිබව  දැනගන්නට  ලැබින. කෙසේ  නමුත්  මෙසේ   අත්සන්  කළ  සියළු   දෙනාගේ  එම  අවස්ථාවේදී  ගත්  ඡායාරූප  අප සතුව ඇත.  මින්  පිරිසක්   හොද  ලේ  ඇති  අය  ලෙසත්,  අනෙක්  පිරිස  කුණුලේ  ඇති  පිරිස  ලෙසත්   වර්ග  කිරීමක්  කළහැකි   බවත්,    පොරොන්දුව   කඩකළහැක්කේ  කුණු  ලේ  ඇති  අයට  පමණක්  බවත්   සැබෑ  ශ්‍රි. ල. නි. ප. සාමාජිකයෝ  පවසති. එනිසා  මේ  පිරිස  අප  ඔවුන්ගේ  දැනගැනීම උදෙසා  පහත සදහන්   කරමු.list-3new list 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article