spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොර බඩු ජාවාරම්කරුවන්ගේ නිල නොවන වරායක් බවට මිගමුව පත්වෙයි ?

Must read

මිගමුව කේන්ද්‍රකොට ගෙන හොර බඩු ජාවාරම් දැන් කාලයක් තිස්සේ සිදුකරගෙන යමින් තිබේ.

කේරල ගංජාවලින් පටන් ගත් මේ ජාවාරම පසුව ඉන්දියාවෙන් ගෙන්වනු ලබන කහ හරහා තවත් බොහෝ දැ ගෙන්වා බෙදාහරින ජාවාරම්කරුවන්ගේ නිල නොවන වරාය බවට පත්ව තිබේ.

මිගමුව ඒ තත්වයට පත්ව ඇත්තේ ජවාරාම්කරුවන්ගේ කටයුතු වලට බාධානොවන බව ඔවුන් දන්නා නිසාදැයි ප්‍රදේශාවාසිහු ප්‍රශ්ණ කරති.
එහිදි මුලිකව චෝදනාව එල්ල වන්නේ මිගමුවේ පොලිස් බළධාරින් වෙතය.
මේ පසුබිම තුල මේ ජාවාරම් ගැන රටේ වෙනත් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදිමෙන් පසු ඊයේ දිනයේ සහ අද අලුයමද වැටලිම් කිපයක් සිදුව තිබේ.
ඉන්දියාවෙන් ගෙන ආ කහ,බීඩි කොළ සහ එනසල් මේසේ අත්අඩංගුවට ගත් හොරබඩු අතර විය.
කාමච්චෝඩය මෙන්ම පෝරුතොට යන ප්‍රදේශද මේ ජාවාරම් කරුවන්ගේ මර්මස්ථාන බවට පත්ව තිබේ.
මේ ජාවාරම්කරුවන් බියෙන් සැකෙන් තොරව කාලයක සිට මේවා කරගෙන යන්නේ නම් ඒ විශ්වාසය මේ ජාවාරම්කරුවන්ට ලැබි ඇත්තේ කෙසේදැයි ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති.
පොලිසියේ නිහඩ බව ගැනද චෝදනා නැගේ .
මේ හොර බඩු අතර තවත් නිති විරෝධි දේවල්ද මේ ආකාරයෙන් මේ නිල නොවන වරාය හරහා රටට තුලට කොතෙක් නම් පැමිණ ඇතැද යන්න මේ වන විට සාධාරණ සැකයක්ව පවති.

මේ අතර navy.lk වෙබ් අඩවිය විසින් පසුගිය දිනක වයඹ මුහුදේ සිදුකර තිබුණ මේ හා සමාන ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුන වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙකක් (02), වියලි කහ කිලෝග්‍රෑම් 2790 පමණ තොගයක්, එන්සාල් කිලෝග්‍රෑම් 803 ක පමණ තොගයක්, ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි කුදිරමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයන්හීදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙ‍කක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එක් යාත්‍රාවක තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ පාර්සල් 425ක අසුරන ලද එන්සාල් කිලෝග්‍රෑම් 425 ක පමණ ප්‍රමාණයක් ඇතුළු තවත් ආහාර හා පරිභෝජන ද්‍රව්‍යයන් සමඟ යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 07 ක් ද, 2021 අප්‍රේල් 28 වන දින නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද යාත්‍රාවේ තිබූ මලු 93 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2790 ක පමණ තොගයක් සහ මලු 16 ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් 378 ක ප්‍රමාණයක් සමඟ යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 05 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස ඉන්දීය ඩව් යාත්‍රාවන් මඟින් රැගෙන එන ලද එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් සැළසුම් කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදාභාරයේ තබා ගැනීමට කටයුතු කළ අතර, පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය ජාතිකයින් 12 දෙනා සහ ඩව් යාත්‍රාවන් ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමට කටයුතු කරන ලදී.

අන්තර් ජාතික මුහුදු සීමාව හරහා ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීමට සහ එම ජාවාරම් කටයුතු හේතුවෙන් සිදුවිය හැකි කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ මුර සංචාර සිදු කරමින් සිටී.
ඡායා -navy.lk





- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article