හෝද හෝද මඩේ දාන සෙල්ලකන්දේ කුණු කන්ද…

0
193
IMG 20211119 WA0004
IMG 20211119 WA0012

මීගමුව , සෙල්ලකන්ද පාරේ , මීගමුව බස් ඩිපෝව පිටුපස නිතර ගොඩගැසෙන කුණු කන්දකි. එය දසත දුඟද හමමින් , කපුටන් සහ බල්ලන්ට ආහාර සපයමින්, ටික දවසක් තිබී පසුව මීගමුව නගරසභාව විසින් ඉවත් කරයි. එය ඉවත් කළ සැනින් නැවත ක්‍රමානුකූලව යථාතත්වයට පත්වෙයි.

මෙම කුණු ගොඩ නිර්මාණය කරන්නේ ඒ ආසන්නයේ සිටින අයට වඩා වෙනත් පිටස්තරව පැමිණෙන අයයි. සමහරු රාත්‍රියේදී මස් කටු, මාළු කටු වැනි විවිධ අපද්‍රව්‍ය දැමු පොහොර මළු හොරෙන්ම මෙහි ගෙනැවිත් දමා යති. අවට ප්‍රදේශවාසීන් විසින් සමහර අවස්ථාවල මෙවැනි අය අල්ලා අවවාද කර යවා ඇති නමුත් මෙය නතර වන්නේද නැත.

පොහොර මළු වල ඇති ලේ වැකි මස් වැදලි , කටු ආදිය බල්ලන් සහ කපුටන් විසින් පාර පුරා ඇද දමන හෙයින් මෙහි ගමන් කරන අය ඒ සියල්ල මැඩගෙන මේ ස්ථානයෙන් ගමන් කළ යුතුව ඇත.

“මෙම ස්ථානයේ කුණු දැමීම තහනම්” යනුවෙන් සඳහන් කළ කුඩා දැන්වීම් පුවරුවක් ඇත. නමුත් එයද වටකර මෙම කුණු පාර්සල් දමා තිබෙන ආකාරය දැකගතහැක. ප්‍රශ්ණය වන්නේ මෙම ස්ථානය මීගමුව සහ කටාන දේශ සීමාවේ පිහිටීමයි. මෙම හේතුව නිසාදෝ වගකිවයුතු අය වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

කෙසේ නමුත් මේ සඳහා ස්ථිර විසඳුමකට යායුතුයැයි අවට ප්‍රදේශවාසීන්ද පවසති. හොරෙන් විවිධ අපද්‍රව්‍ය දමන පිරිස ගැන අවධානයෙන් සිටියහොත් සහ ඒ සඳහා ආරක්ෂිත පියවරක් ගතහොත් මෙයට විසඳුමක් ලබාගතහැකි බව ඔවුන් පවසති . එබැවින් මේ ගැන විමසා බලා යම් පියවරක් ගන්නා මෙන් අදාල බලධාරීන්ට අප අවධාරණය කර කියා සිටිමු .
සැම්සන් ඥානසිරි

IMG 20211119 WA0009
IMG 20211119 WA0007

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here