spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුව ආවරණ නැතිවම, කොත් වහන්සේ නිරාවරණය කළ ජනපති..

Must read

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි

උස අඩි 282යි අගල් හයක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්‍රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ.

ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ අතින් සිදුවිය.

“සඳහිරු සෑ රඳුන්” ඉදිකිරීමේදී සිදුකළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතිකපත් පිරිනැමිණ.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නැවතත් ඉහළ අගයක් ගනිමින් පවතින බවට සෞඛ්‍ය අංශ පවසන පසුබිමක ජනපතිවරයාගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස විවේචනයට ලක්ව තිබුණි.
පවතින තත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශ උපරිමයෙන් පිළිපදින ලෙසින් බලධාරින් විසින් දැඩිව අවධාරණය කරමින් සිටින පසුබිමක ජනපතිගේ මෙම ක්‍රියාව සැබැවින්ම අවාදර්ශයක් බව බොහෝ අය කියති.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article