ළමා පරපුර විනාශ කරන මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවකු මීගමුවේදී කොටුවෙයි.

0
3112

( 9.00 am ) කලක් සිට ඉතා රහසිගත අන්දමින් පාසල් ළමුන්ට ගංජා මිශ්‍රිත මදනමෝදක පෙති අලෙවි කලේ යැයි කියන දේශීය බෙහෙත් අලවි සැලක (ආයුර්වේද) පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 10 වෙනිදින නියෝග කළේය.

මෙලෙස නියෝග ලැබුවේ සෙවනගල දෙනගම පදිංචි සෙහාන් සත්සර නමැත්තෙකි,IMG 20251013 WA0009 IMG 20251013 WA0010 IMG 20251013 WA0008 IMG 20251013 WA0007 IMG 20251013 WA0006

මෙම වෙළඳසැල මීගමුව වැල්ල වීදියේ පිහිටා ඇත, මෙම ස්ථානයට අවට පාසල් වල ළමුන් පැමිණ නිතර යන එන බවත් ඔවුන් ඉතා රහසි ගත අන්දමින් පෙති වර්ගයක් මිලදි ගන්නා බවත් ඇතැම් ළමෝ වෙළඳ සැලෙන් පිටතට යනවාත් සමගම මෙම පෙති මුඛයට දාගන්නා බව ට මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති එන්.එස්. හසීම් මහත්මියට ලැබුණු තොරතුරක් මත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල් වත්ත මහතා දැනුවත් කිරීමෙන් පසු මෙම වැටලීම කර ඇත,

ප්‍රජා පොලිස් ඒකගේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.රෝහණ,31298 වීරසිංහ ,35086 එදිරිසිංහ, කා.පොකො.7026 මනිෂා,යන නිලධාරි නිලධාරිනියන් විසින් උපාය දූතයෙකු යොදවා මත්පෙති (මදන මෝදක)241ක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි.මෙම මත් පෙතිවලින් කොටසක් කැසියර් මේසේ ලාච්චුවේ ද තවත් කොටසක් පාසල් බෑගයකද බහ තිබුණු බව පොලිසිය කියයි.ඇතැම් සිසුන් මෙම පෙතිවර්ග මිලදී ගැනීමම සඳහා පාසල් කාලයෙන් පසු විවිධ සේවාවන්වල යෙදී මුදල් උපයන බවට තොරතුරු ලැබුණු බවද පොලිසිය සඳහන් කළේය, දූෂන මර්දනඅංශයේ නඩු කටයුතු මෙහෙයවන පො.සැ.33626 රාජකරුණා නිලධාරියා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කළේය.

රේමන් අපෝන්සු මීගමුව 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here