spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෆොටෝ කොපි මැෂිමක් මුලින්ම මීගමුවට ගෙනා ස්ටැට් පෝටෝ

Must read

මීගමුව යනු මීට දශක කිහිපයක සිට සීඝ්‍රයෙන් නවිකරණයට සහ සංවර්ධනයකට ලක් වු ශි ලංකාවේ ප්‍රකට ප්‍රධානතම නගරයකි. එවන් වු නගරයක පුරා දශක 03 කටත් අධික කාලයක් මුුළුල්ලේ සිට මුද්‍රණ සේවා සපයමින් තවමත් එම කර්මාන්තයේම නියැලෙන සුවිශේෂී ව්‍යාපාරිකයෙකු මෙවර —මීපුර පිලිසදරට එක් කර ගත්තෙමු.
ඔහු නමින් ඛෙනඩික් ක්‍රිස්ටෝපර් ජයකොඩි හෙවත් අප කවුරුත් දන්නා හදුනන ක්‍රිෂ්ටි මහතායි. 1970 දශකය අගභාගයේදී ඔහු විසින් මීගමුව නගර මධ්‍යයේ මීමැඩුම ගොඩනැගිල්ලේ ආරම්භ කල — ස්ටැට් ෆොටෝ ˜ (ීඔAඔ ඡ්‍යධඔධ) අදටත් මීගමුව නගරයේ ඇති සියළු මුද්‍රණ සේවා සපයන ආයතයන වලින් ප්‍රධානතම සහ ප්‍රසිද්ධතම ආයතනයක් බවට පත් වී තිබේ.
විශේෂයෙන්ම ක්‍රිස්ටි මහතාව වඩාත් සුවිශේෂි වන්නේ මීගමුවට ප්‍රථමයෙන්ම ඡයා පිටපත් යන්ත්‍රයක් ගෙන ආ ව්‍යාපාරිකයා ලෙසයි. පහත පල වන්නේ ඔහු සමගින් සිදු කල එම පිලිසදරේ සංක්ෂිපතයකි.

ඔබේ පෞද්ගලික තොරතුරු සහ ව්‍යාපාරික පසුබිම ගැන දැනගන්න කැමතියි ?.
මගේ ගම පමුණුගම, මගේ පියා ව්‍යාපාරිකයෙක් , ඩී.ඒච්.ඒ. ජයකොඩි. මව ඇන්ටෝනියා ජයකොඩි. අපේ පවුලේ තුන් දෙනයි. මම තමයි බාලයා. මට වැඩිමල් අය්යලා දෙන්නයි. මම මුලික අධ්‍යාපනය ලැබුවේ පමුණුගම ශාන්ත ජෝශල් විදුහලෙන්. ඊට පස්සේ අධ්‍යාපනය ලැබුවේ කදාන මැසනඩ් විද්‍යාලයෙන්. ඔය අතරේදී මට ගුරුපත්වීමකුත් ආවා .මම ඒක අතහැරියා. මොකද මම ඒ වෙද්දී ව්‍යාපාරයකට යොමු වීමටයි අදහස් කර ගෙන හිටියේ. මම කලින් කිව්වා වගේ මාගේ පියා ව්‍යාපාරිකයෙක් ඒ කියන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම් හලක අයිතිකරුවෙක්. ඒ නිසාම අපේ පවුල් පසුබිමෙන්ම අපිව යොමු වෙලා තිබුනේ ව්‍යාපාරික පැත්තට.

ඔබ මුද්‍රණ කටයුතු පිලිබද ව්‍යාපාරයකට ප්‍රවිෂ්ඨවුණු ආකාරය ගැන කිව්වොත් ?.
මගේ පියාවත් අපේ පවුලේ කවුරුත් මුද්‍රණ ක්ෂේත්‍රය තුල ව්‍යාපාර කරපු අය නෙමෙයි. හැබැයි මාගේ පියාගේ යාඵවෙක් හිටියා ගෝමස් කියලා. එයා හිටියේ කොළඹ, බිස්ට්‍රල් වීදියේ. ඉතින් මාගේ පියාටත් අවශ්‍ය වුනා මාව මුද්‍රණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරයකට යොමු කරන්න. ඒ අනුව මාව ඒ ගෝමස් කියන මහත්මයා ළගට යැව්වා. එතැන මම මුද්‍රණ කර්මාන්තය ගැන හොදට ඉගෙන ගත්තා ,ඒ මුද්‍රණ යන්ත්‍ර ගැන එහෙම . මාස 03 ක් විතර ඒ වාගේ පුරුදු පුහුනු වෙලා ඇවිත් මීගමුව, මීමැඩුම ගොඩනැගිල්ලේ ලයනස් ස්ටුඩියෝ එක ඇතුලේ පොඩි ඉඩ ප්‍රමානයක මම ආරම්භ කලා ෆොටෝ කොපි සේවාව ඇතුඵ තවත් අංග කිහිපයක් එක්ක ස්ටැට් ෆොටෝ කියලා ආයතනයක්.
මම හිතන්නේ ඒ 1979 වසරේදී පමන. ඔය නම දැම්මෙත් අර මම කලින් කීව ගෝමස් කියන මහත්තයා මයි. ඡයා පිටපත් ඒ කියන්නේ ෆොටෝ ස්ටැට් කියන වචන මාරු කරලා —ස්ටැට් ෆොටෝ ˜ කියලා නම දැම්මා.
මම හිතන්නේ එදා මම තමයි මීගමුවට පළමුවෙන්ම ෆොටෝ කොපි යන්ත්‍රයක් ගෙනාවේ කියලා. ඒ ෆොටෝ කොපි යන්ත්‍රය ඇමෙරිකාවේ හදපු එකක්. මේ දැන් තියෙන ඉන්ක් පවුඩර් වලින් වාගේ නෙමෙයි එදා ඒ යන්ත්‍රයේ මුද්‍රණය වෙන්නේ ඉන්ක් ලික්විඩ් ඒ කියන්නේ තීන්ත දියරයකින් . ඒ මුද්‍රණ ක්‍රමය ඒ කාලේ සැහෙන්න ජනප්‍රිය වුනා. ඒ යන්ත්‍රය එක්ක ගල් අච්චු දාන රොනියෝ මැෂින් එකකුත් තිබුනා අපි ළග. ඉතින් , ඒ කාලයේ අපේ ආයතනය  හුගාක් ප්‍රිසිද්ධ වුනා.
මෙක පොඩියට එදා පටන් ගන්න කොට මේකේ වැඩ කෙරුවේ මමයි තව එක්කෙනෙකුයි පමනයි. ඔහොම ටික කාලයක් යනකොට මේක ලාභදායි ව්‍යාපාරයක් බවට පත් වුනා.

මේ ව්‍යාපාරික ආයතනය කරගෙන යාෙමිදී මතුවුනු බාධා මොනවාද ?
මේ ව්‍යාපාරය කරගෙන යාමේදී ඒච්චර ලොකු ලොකු බාධාවන් මතුව ආවේ නැහැ. විශේෂයෙන්ම මීට පෙර මීගමුවේ නොතිබුනු මේ ෆොටෝ කොපි සේවාවට කවුරුත් කැමැත්තක් දැක්වුවා.  ඒවාගේම 1980 වසර වෙනකොට කටුනායක නිදහස් වෙළද කලාපය ආරමිභ වීම ඒවාගේම තවත් ඇගඵම් කර්මාන්ත ශාලා බිහිවුනා. තවත් සංචාරක හෝටල් මීගමුව ආශ්‍රිත ආරම්භ වුනා. මේ සියඵ ව්‍යාපාරිකයන් අපේ ළගට ආවා ඒ අයගේ මුද්‍රණ කටයුතු කර ගන්න. ඒ මගින් අපිට හොද ප්‍රචාරයකුත් ලැබුනා. ඒ වාගේම මේ ෆොටෝ කොපි සේවාව හදුන්වා දෙන්න මමත් සමහර ආයතන වලට ගියා.  එලෙසම ටියුෂන් පංති බිහිවීමත් වැඩියෙන් සිදු වුනා. අපි ඒ කාලයෙම රෝනියෝ සේවාව සහ හැන්ඩ් ටයිපින් සේවාද හොදින් කරගෙන ගිය නිසා ඒ ටියුෂන් පන්ති කරන ගුරුවරුන් වැඩි වශයෙන් අපි ළගට ආවා ඒ අයගේ නිබන්ධන ප්‍රචාරක අත්පත්‍රිකා වාගේ දේවල් සකස් කර ගන්න. ඒවාගේම නීතිඥවරුන්ද ඔප්පු වාගේ දේවල් අරගෙන අපි ළගට ආවා. මේ නිසාම වසර දෙකක් තුනක් වැනි කෙටි කලකදී ඉතා යහපත් තත්වයකට  ව්‍යාපාරය පත් කර ගත හැකි  වුනා.

ස්ටැට් ෆොටෝ කියන ආයතනය අද වෙද්දී සෑම මුද්‍රණ කටයුත්තක්ම සිදු කර ගත හැකි ආයතනයක්. මෙහෙම තත්වයකට පත් කර ගත්තේ කොහොමද?

1980 වන විට පෑලියගොඩ සිට පුත්තලම වැනි  ප්‍රදේශ වලින් පවා අපිව හොයාගෙන ආවා. විශේෂයෙන්ම මේ ෆොටෝ කොපි සේවා ලබා ගන්න. ඉන් පස්සේ අපි ගෙනාවා ඉලෙක්ට්‍රොනික් ෆොටෝ කොපි යන්ත්‍රයක්. අර මම මුලින් කිව්වා වාගේ මේ යන්ත්‍රය මුද්‍රණ කටයුතු කෙරුනේ දියර තීන්තෙන් නෙමෙයි. මේකේ මුද්‍රණ කටයුතු කෙරුනේ පවුඩර් එකකින්. දියර තීන්ත වලින් ගත්තු ෆොටෝ කොපියක් හරියට වේල්න්න වෙලාවක් ගත වුනා. හැබැයි පවුඩර් ක්‍රමයේදී එහෙම ප්‍රශ්න වුනේ නැහැ. අනෙක ඒ ෆොටෝ කොපි එකේ තත්වයත් බොහෝම ඉහලයි. ඒ යන්ත්‍රයත් ඇමරිකන් එකක්. ඒත් එක්කම ගම් උදා වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වෙද්දී නිවාස ගොඩනැගිලි ආදියත් අඵතින්ම ගොඩ නැගෙන්න පටන් ගත්තා.
ඒක නිසා ගොඩනැගිලි සැලසුම් මුද්‍රණ සේවාව පටන් ගන්න අවශ්‍ය වුනා. ඒ සදහා අපි ඒ කාලයේ රුපියල් ලක්ෂ එකහමාරක් දීලා ප්ලැන් පි්‍රන්ටින් යන්ත්‍රයක් ගෙනාවා. ඒ නිසා එතැන් පටන් අපි වඩාත් කාර්්‍ය බහුල තත්වයකට පත් වුනා. විශාල පිරිසක් අපේ ආයතනයට එන්න පටන් ගත්තා. ඒත් එක්කම බයින්ඩින්, ලැමිනේටින් යන්ත්‍ර ත් අපි ගෙනවා. 1983 වසර වෙද්දී රෝනියෝ මුද්‍රණ සේවාවේම කොටසක් ලෙස ඉලෙක්ට්‍රොනික් ස්ටෙන්සිල් කටින් යන්ත්‍රයකුත් අපි ගෙනවා. රෝනියෝ මුද්‍රණ වල පෙර පැවැති තත්වයට වඩා ඉතා හො`ද තත්වයක් මේ නිසා ලැබුනා. 1995 වසරේ පරිඝනක යොදා ගෙන කොම්පියුටර් ටයිප් සෙටින් පටන් ගත්තා . ඒත් එක්කම ඩුප්ලෝ මුද්‍රණ කටයුතු කරන්න ඒ සදහාද අපි ඩුප්ලෝ යන්ත්‍රයක් ගෙනවා. ඉන් පසුව මෑතක සිට වර්ණ ෆොටෝ කොපි යන්ත්‍ර හරහා වර්ණ ෆොටෝ කොපි සේවාවද අපි ආරම්භ කලා. ඒවාගේම මුද්‍රනයක සුපැහැදිලි බව, ගුණාත්මක බව, සහ උසස් තත්වය එකට මුසුකර ගෙන සෘජුවම පරිඝනකය හරහා වර්ණ හෝ ක`ඵ-සුදු ෆොටෝ කොපි ලබා දීමේ සේවාවත් අපි ආරම්භ කලා. ඒවාගේ මේ සියඵම මුද්‍රණ කටයුතු වාගේම ඔෆ්සෙට් මුද්‍රණ සේවා පවා අප විසින් කර දෙනවා. මේ වෙද්දී අපේ ආයතනය මීමැඩුම ගොඩනැගිල්ලේ වෙනමම ආයතනයක් විදිහට 09 දෙනෙකුගෙන් පමන සමන්විත වන සේවක මඩුල්ලක් සම`ග ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යනවා.

අද තිඛෙන නව තාක්ෂනය ගැන මොකද හිතන්නේ ?.
ඇත්තෙන්ම අද අපි හමුවේ තියෙන මේ නව තාක්ෂනය නිසා සියඵ කාර්්‍යයන් ලෙහෙසි පහසු වී තියෙනවා. අපි මේ ව්‍යාපාරයන් පටන් ගනිද්දී වාගේ නෙමෙයි ජංගම දුරකතනය වාගේ දේවල් නිසා කිසිදු ගැට`ඵවක් නැතිව රස්තියාදුයක් නැතිව කොළඹින් පවා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ඉක්මනින්ම ගෙන්වා ගන්න පු`ඵවන්. ඒවාගේම අපි කරන මුද්‍රණ සේවාවන් වල ගුණාත්මකභාවය ද ඉතා ඉහලයි. ඒවාගේම අපි ළඝට එන අයට අවශ්‍ය වේලාවට ඒ කටයුතු කර දීමට හැකියාවක් තියෙනවා. මේ සියඵම දේවල් වඩාත් පහසු වී තිඛෙන්නේ මේ නව තාක්ෂනය නිසයි.

මේ ව්‍යාපාරයට පිවිසීමට බලාපොරොත්තු වන නවක ව්‍යාපාරිකයෙකුට දිය හැකි උපදෙස් මොනවාද ?
මේ ව්‍යාපාර පමනක් නෙමෙයි මොන ව්‍යාපාරයක් පටන් ගන්න හැදුවත් ඒ ව්‍යාපාරිකයා එම ව්‍යාපාරයේ සෑම ක්ෂේත්‍රයක් ගැනම හො`ද දැනුමත් සහ අවබෝධයක් තිබිය යුතුයි. ඒවාගේම ඒ තුල ඔහු ප්‍රායෝගීකය නියැලිය හැකි පුහුණුවත් තිබිය යුතුයි. මම මේ ව්‍යාපාරය පටන් ගන්න කලින් එදා තිබුන මුද්‍රණ යන්ත්‍ර කි්‍රයාකරවන්න කැඩුනාහම හදන්න පවා ඉගෙන ගත්තා. ඒවාගේම මේ අඵත් පරිඝනක ක්ෂේත්‍රය ගැන මම මාගේ පුතාට මේ වෙද්දී හොද දැනුමක් ලබා දීලා තියෙනවා. මම මාගේ පුතාව රජයේ මුද්‍රණාලය මගින් මෙහෙයවපු  පරිඝනක මුද්‍රණ කටයුතු පිලිබව විතෙහ්ෂ පාඨමාලාවකට යොමු කරලා, එයාට ඒ දැනුම ලබා දීලා තියෙනවා. දැන් මට කිසිම අභියෝගයක් ගැට`ඵවක් නැහැ. අනාගතයේ ඇති වෙන ඕනෑම අභියෝගයකට අපිට මුහුණ දෙන්න පු`ඵවන්. ඒක නිසා ව්‍යාපාරයේ ප්‍රායෝගීක පැත්ත ගැන ව්‍යාපාරිකයාට හො`ද අවාබෝධයක් තිබිය යුතුයි. ඒවාගේම ලාභය ගැනම නොසිතා අපි සෑම විටම පාරිභෝගිකයාගේ විස්වාශය රැකිය යුතුයි. හරි වෙලාවට ඔහුගේ කාර්්‍යය අපි ඉටු කල යුතුයි. එලෙසම අපි සෑමවිටම අවංකවිය යුතුයි. එලෙසම ව්‍යාපාරය කරගෙන යද්ධි අපේ පුර්ණ කැපවීම ඒ ස`දහා ලබා දිය යුතුයි. මම හිතන්නේ මේ කාරණා හරියට ඉටු වුනොත් ව්‍යාපාරය සාර්ථක කර ගන්න පුඵවන්.

ස්ටැට් ෆොටෝ
මීමැඩුම ගොඩනැගිල්ල, පළමු මහල ,රාජපක්ෂ බ්‍රෝඩ්වේ, මීගමුව.
දුර. ෆැක්ස්. අංකය-.. 031-2233210
ජංගම දුර. අංක-.. 071-6664233 / 071-9845715

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article