spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

13 හැවිරිදි සිසුවිය කෙලෙසු පුද්ලයෙකු, වස බී මීගමු රෝහලේ

Must read

13 හැවිරිදි පාසල් සිසුවියක් කාලයක් තිස්සේ ලිංගික අපහරණයට ලක් කර අවසානයේ ඇයව ගැබිනියක් බවට පත් කල පුද්ගලයෙකු වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත් කර මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වාර්තා වන පරිදි දංකොටුව, බුජ්ජම්පොල ප්‍රදේශයේ සිය මව සමග ජීවත් වන 08 වන වසරේ ඉගෙනුම ලබන මේ පාසල් සිසුවියගේ පියා විදේශ රැුකියාවක නිරත වේ.

ඇයගේ පයක හටගත් වේදනාවක් මත ඇයව, ඇයගේ මව විසින් වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත. එහිදී ඇගේ උදරය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බවට තහවුරු තර ගත් එම වෛද්‍යවරයා ඇගේ මුත්‍රා සාම්පලයක් ගෙන පරීක්ෂා කීරිමේදී ඇය ගර්භණීව ඇති බවට ස්ථීර වී ඇත. ඒ වන විටත් ඇය හත් මස් ගැබිණියක් බවද වැඩි දුරටත් අනාවරණය විය. ඒ අනුව මුලදී ඇයගෙන් කරන ලද ප්‍රශ්න කීරිම්  වලදී ඇය සත්‍ය ප්‍රකාශ කර නොමැති අතර එකිනෙකට වෙනස් ප්‍රකාශයන් කර ඇත. එහෙත් දංකොටුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇය අවසානයේ සත්‍ය පවසා  ඇත.

ඒ අනුව ඇයව මෙලෙස කාලයක් තිස්සේ ලිංගිකව අපහරණයට ලක් කර ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ. ඒ අනුව දංකොටුව පොලිසිය විසින් අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට යන බව සැලවී එම පුද්ගලයා සිය දිවි නසා ගැනීම සදහා වස වර්ගයක් පානය කර තිබේ. ඒ අනුව ඔහුව දංකොටුව රෝහලට යවා ඇති අතර දංකොටුව රෝහලෙන් එම සැකකරුව පසුගිය නොවැම්බර් 07 වැනි දා මීගමුව රෝහලට වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

මෙම බාලවයස්කාර දැරියගේ විදේශ ගත වී සිටි පියාද මෙම සිද්ධිය වාර්තා වී මේ වන විට මෙරටට පැමිණ ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම බලාවයස්කාර දැරිය අපහරණයට ලක් කරමින් ඇයව ගර්භනීභාවයට පත් කර ඇති මෙම පුද්ගලයා ඇගේ මවගේ අනියම් සහකරු බවයි.

මේ අනුව පසුගියදා මාරවිල අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුව මෙම බාලවයස්කාර දැරිය නායකකන්ද යහපත් එෙඞ්රාගේ කන්‍යාරාමයට ඇතුලත් කර තිබේ. මේ පිලිබදව දංකොටුව පොලිසිය වැඩි දුර පරීක්ෂන පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article