ස්ටේසම ලඟ ත්‍රීවීල් සංගමයේ අවුරුදු සැමරුම..

0
222

 

 

මීගමුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ත්‍රී රෝද රථ හිමියන්ගේ සමිතිය විසින් 2026 අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන තම සංගමයේ සාමාජිකාවන් එක්ව අනෙකුත් ත්‍රිරෝද රථ සමිති වලට ආදර්ශයක් ගෙන දෙමින් වැඩසටහන් කීපයක් ක්‍රියාවටවට නංවා තිබුණි.

එදින පෙරවරුවේ සංගමයේ සාමාජිකාවන් එක්ව එකිනෙකා වැළඳ ගනිමින් ආචාර කර නව අවුරුද්දට සුභ පැතීම පළමුව සිදු කරන ලදී.

  1. IMG 20260102 WA0019IMG 20260102 WA0021IMG 20260102 WA0017IMG 20260102 WA0020

පසුව තම සංගමයේ නාම පුවරුව ඉදිරිපිට සියලු සාමාජිකයෝ එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

අනතුරුව කිරි උතුරුවා අලුත් අවුරුද්ද සාමෙන් හා සතුටෙන් ගත කිරීමට ප්‍රතිඥා දෙන ලදී.

මෙම අවස්ථාවට සංගමයේ පැරණි සාමාජිකයන්ට ආරාධනා කර තිබීම විශේෂ සිද්ධියක් විය.IMG 20260102 WA0012

සංඝමේ සභාපති ගාමිනී මහතා පසුගිය වර්ෂයේ තමන්ගෙන් සිදු වූ අඩුපාඩු හදාගෙන නව වර්ෂයට මුහුණ දීමට අදිටන් කර ගන්නා ලෙස,සාමාජිකයන් දැනුවත් කළේය,තමන් අදහන ආගම අනුව ස්ථානගතවී ආගම සිහිකිරීමට මෙහිදී අවස්ථාව සලසා දෙන ලදී,IMG 20260102 WA0007IMG 20260102 WA0020 1

සංග්‍රහ මේසය ඉතා හොඳින් සූදානම් කර තිබූ අතර දුම්රිය ස්ථානයේ සේවක මහතුන්ට ද මේ සඳහා ආරාධනා කර තිබුණි.

මෙම අවස්ථාව දැක බලා ගැනීමට පැමිණි අයටද කිරිබත් හා පැණිරස කැවිලි වලින් සංග්‍රහ කිරීම මෙහිදීී සිදුවිය.

දුම්රියෙන් ගමන් බිමන් යාමට පැමිණි විදේශීය සංචාරකයෝද සංග්‍රහ මේසයට සහභාගි වූහ,වෙනදා මෙම ත්‍රීවීල් රථවලින් ගමන් බිමන් යන මගීහූද මෙම අවස්ථාවට සහභාගි වී සතුට බෙදා ගත්හ.

රේමන්ඩ් ආපොන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here