2013 නි.නගරාධිපති සකාවුල්ලාගේ අභියෝග..

0
151

01. මීගමුවේ සිටින ධීවර ජනතාව ගත්විට ඒ අයගෙන් බහුතරයකට තමන්ගේම කියා ඉඩමක් නිවසක් තබා කුලියටවත් ඉන්න හිටින්න තැනක් නොමැතිවීම විශාල ගැටළුවක් බවට  පත් වී තියෙනවා. රජයේ ඉඩම්ද සැලකිය යුතු විශාල ප්‍රමානයේ ඒවා නොවෙයි. මගේ මතය නම් නිවාස නැති අයට අඩුම තරමින් පර්චස් 06 ක ප්‍රමානයක්වත් තිබිය යුතුයි කුඩා  නිවසක් වත් ඉදිකර ගැනීමට
නමුත් දැනට මීගමුවේ තියෙන රජයට අයත් ඉඩම් ප්‍රමානය එක්ක සසදා බැලීමේදී එය කල නොහැකි කාර්්‍යයක් .

මෙතනදී මම යෝජනා කරන්නේ අර සුනාමී ව්‍යවසනයේදී එයින් නිවාස නොමැතිව අනාථ වු අයට ලබා දුන් පරිදි මහල් නිවාස සංකීර්ණ ඉදි කරමින් හෝ මේ නිවාස නොමැති අයට ලබා දිය යුතුයි

02  ඩෙංගු ව්‍යවසනය වාගේ අවධානම් සහිත තත්වයන් මැඩපැවැත්න‍ිමට සහ යම් ආකාරයකින් අවම ලෙස පාලනය කිරීමට ජනතා සහයෝගය ලබා ගැනීම මීගමුව තුල විශාල අභියෝගයක් බවට පත්ව තිඛෙනවා. විශේෂයෙන්ම දමිළ සහ මුස්ලිම් වැසියන් බොහෝ විට තමන්ගේ වර්ගයා ජීවත් වන ප්‍රදේශ වල කෙසේ හෝ ජීවත් වීමට පෙළඹී තිඛෙනවා   සමහර කුඩා ප්‍රමානයේ නිවෙසක පවුල් 03 ක් 04 ක් ජීවත් වන අවස්ථාද මීගමුව තුල දැක ගැනීමට හැකියි’   මෙවැනි තත්වයක් පෙර සදහන් කල පරිදි වසංග රෝග තත්වයක් මැඩපැවැත්වීමටත් පාලනය කිරීමටත් විශාල බාධාවක් විය හැකියි’

03.ගිය වර්ෂ කිහිපය තුල මීගමුව කලාපයේ පාසල් අධ්‍යාපනය පිලිබ`දව දේශපාළඥයෙකු හැටියටත් ගුරු උපදේශකයෙකු හැටියටත් මට සැහීමකට පත් වි්ය නොහැකියි’ ග ඒ නිසා මීගමුව දරුවන්ට විශේ්ෂයෙන්ම සාක්ෂරතාවය සේම උසස් අධ්‍යාපනය වෙත යොමු කර එයින් හොද ප්‍රතිඵල ලබා ගැනීමට උනන්ද කල යුතුව තිඛෙනවා’   මෙම අභියෝගය කෙසේ හෝ ජයගත යුතුව තිඛෙනවා .මොකද අද වෙද්දී මීගමුවේ වීශේෂයෙන්ම ධීවර පවුල් වල දරුවන් පාසල් අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවකින් තොරවයි එහි නිරත වෙන්නේ

මීගමුව තුල  පසුගිය විභාග ප්‍රතිඵල එලෙසම විශ්ව විද්‍යාල වලට මීගමුවෙන් ඇතුළු වූ ළමුන් සංඛ්‍යාව සහ මීගමුවේ පාසල් වලට දරුවන් ඇතුළු කිරීිම කොපමනද  ආදී කරුණු ගැන ඉතා හොද අධ්‍යනයකින් පසුව නිමල් ලාංසා ඇමතිතුමා විසින් යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා මේ වෙද්දී මීගමුවේ පාසල් අධ්‍යාපනය නංවා පාසල් වලට අඛන්ඩව නොඑන ළමුන්ව නැවත පාසල් වලට ගෙන්වා ගන්න
එය හොද වැඩපිලිවෙලක් ග එතුමා මීගමුවේ සියළු විදුහල්පතිවරුන් ගුරු උපදේශකයන් ගෙන්වා මහඇමතිතුමත් එකතු කර ගෙන විශේෂ සාකච්ජාවක් පවත්වා විශේ්ෂයෙන්ම ගුරුවරුන්ට යම් වගකීම් පවරා පාසල් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් කටයුතු කර තිඛෙනවා.

එමෙන්ම ආර්ථික අපහසුකම් වලින් යුත් දිලිඳු පවුල් වලට උදව් අපකාර කරමින් ඒ පවුල් වල ඉන්න අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන ළමුන්ව පාසල්ට ගෙන්වා ගැනීමට පෙළඹවීමත් මෙම වැඩපිලිවෙලේ එක් කොටසක්