spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාකරණය වු පරිපාලන අධිකාරියක් ..?

Must read

මීගමුව මහනගර සභාවේ මෙතෙක් පැවති අර්බුදය අද තවත් වටයකින් ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ නගරාධිපතිධුරයද ද මුල් කරගෙනය.
එයට ප්‍රධාන වී ඇත්තේ මීගමුව මහනගර සභාව තුළ අද පළාත් පාලන නීතියට එරෙහිව ගිය වෙනත් වැඩ සංස්කෘතියක් ක්‍රියාත්මකව පැවතීමයි.
මේ නිසාම මහනගර සභාවේ පරිපාලන අධිකාරිය යනු ලංසාකරණය වු දේශපාලන අධිකාරියේ අතකොළුවකි. තවත් ලෙසකින් කිවහොත් ලංසාකරණය වු පරිපාලන අධිකාරියකි.කොමසාරිස්ගේ සිට අනෙක් ප්‍රධාන නිළධාරින් හැසිරෙන්නේ තොත්ත බබාල ලෙසය.ඒපමණක් නොව නගරය සභාවේ දේපල තුට්ටු දෙකට බදුදි කෝටිපති ව්‍යාපාරිකයන්ට නගරයම විකුණන රජතුන්කට්ටුවක්ද ඇත.

බාල,නම් වු ඉජිනේරුවරායද රන්මුතු සහ බණ්ඩාර නම්වු තාක්ෂණික නිළධාරින්ද අද නගර සභාවේ පරිපාලන අධිකාරිය මෙහෙවන මාපියාවයි.

මේ තත්වයන් වර්ධනය විමට ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයාද වගකිව යුතුය. පසුගිය කාලය පුරා ඔහු ආරක්ෂා කලේ සහ පෝෂණය කලේ මේ සංස්කෘතියයි. මේ වැඩපිළිවෙල දැන් ඔහුටම පාරාවලල්ලක් බවට පත්ව ඇත. මේ නිසා ඇන්ටන් ජයවීර 2012 දෙසැ 20 වනදා මීගමුව මහනගර සභාවේ ප්‍රධාන නිළධාරින් සියළු දෙනා කැඳවා ඇත.් එහිදි ඔහු ට කියන්නට සිදුව ඇත්තේ මේ මහනගර සභාවේ නගරාධිපතිවරයා තමන් බවය.
එසේ කියන්නට වන්නේ මීගමුව තුල තවත් නගරාධිපතිවරුන් සේ කටයුතු කරන පිරිසක් සිටින නිසාය. මින් ඉදිරියට සියළු රාජ්‍ය නිළධාරීන් ක්‍රියාත්මක විය යුත්තේ එක එක මන්ත‍්‍රීන් ට ඕන ඕන විදියට නොව නගරාධිපතිවරයාගේ අනුදැනුම මත පමණක් බව ඇන්ටන් ජයවීරට ඔහුගේ ධුර කාලයෙන් වසරකට පසුවත් කියන්නට සිදුව තිබේ.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ මන්ත්‍රිවරුන්ගේ සියළු ඕනා එපාකම් සියල්ල පරිපාලන අධිකාරිය වෙත යා යුතුව ඇත්තේ තමන් හරහාම පමණක්ම බවය. නිදසුනක් ලෙස ඇතැම් දිනවල මහනගර සභා භූමිය පවා නිසි ලෙසින් පිළිසකර කරගැනීමට පවා සේවකයන් නොමැති වන්නේ ඇතැම් මන්ත්‍රිවරුන් විසින් එකී සේවයකයන් ඔවුන් ගේ ඕනා එපාකම් වෙනුවෙන් අනුයුක්ත කර ඇති නිසා බවද වාර්ථාවේ .
මෙසේ එක් පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් මීගමුවේ දේශපාලන අධිකාරියත් පරිපාලනයත් මෙහෙයවා ගැනීමට හැකිවීම හරහා අද මීගමුව පත්ව ඇත්තේ ඉමහත් අර්බුදයකටය. මේ තත්වය වර්ධනය වීමට වගකිය යුතු සමාජ ස්ථර ගණනාවක්ම වෙයි.
1 විණයක් නැති තම පුද්ගලික ලාභය මත ක්‍රියාත්මක විපක්ෂය මෙයට මුලික වශයෙන්ම වගකිව යුතුය.
2 මීගමුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක සරත් ගුණරත්න මහතා ද මීට වගකිය යුතු වන්නේ මීගමුව පාලනය කිරීමේ බලය එක පවුලක් අත සංකේන්ද්‍රනය වීමට ඉඩසලසා නිහඬවීම නිසාය.
3 හැමදේටම මැදිහත්වන පල්ලිය ඇතුළු සියළු ආගමික සිද්ධස්ථාන වල පැවිදි නායකයන් බහුතරයක් දෙනා තමන් වෙත ලැබෙන වරදාන බලාගෙන නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය.

4 සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද මේ තත්ත්වයන් මීගමුව තුළ ඇතිවෙන්නට ඉඩ දී නැසු කන්ව සිය ව්‍යාපෘති වල සිරවී සිටීම හරහා අද කිසි  සිවිල් ජනතාවක් ක්‍රියාත්මක නැති තත්වයකට සමාජය පත් කර තිබේ.
මේ සියල්ලේ ප්‍රථිපල ලෙසින් අද මීගමුව යනු නිතියේ ආධිපත්‍ය බිදවැටුන නිළධාරින් සිය වගකිම් හැර මුදල් හම්බකිරිම පමණක් කරන විපක්ෂයක් නැති ආරාජික නගරයක් බවට පත්ව ඇත. මෙය වෙනස් කරන්නේද යන්න 2013 වසරේ දී ඇති අභියෝගයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article