
2026 වසරේදී මීගමුවට සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන 591 ට අධික මුදලක් ලැබීමට නියමිතව බවට වාර්තා වුණි. මේ බව අනාවරණය වූයේ අද (04/03/2026) පස්වරුවේ, මීගමුව හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන, ප්‍රධාන ශාලාවේ, පැවති 2026 වසරේ මාර්තු මාසයට අදාළ මීගමුව සංවර්ධන කම්ටු රැස්විමේදීය.
අද දින පැවැති මෙම සංවර්ධන කමිටු රැස්වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු,මීගමුව නගරාධිපති, රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු, නාගරික කොමසාරිස්, නුවණී සුදුසිංහ , මීගමුව ප්‍රාදේශීය ලේකම්, රසිකා මල්ලවරච්චි යන මහත්ම මහත්මාවීන් සහභාගී වුහ.
මෙහිදී මෙම සංවර්ධන කමිටු රැස්වීම සංවිධානය කරමින් මෙහෙයවන මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , සංවර්ධන කමිටු රැස්වීම්වල කාර්යභාරයන් සම්බන්ධීකරණය කරන සහකාර අධ්‍යක්ෂිකා ඈන් වින්සන්පුල්ලේ මහත්මිය විසින් 2026 වසරට අදාළව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විශේෂ අනාවරණයක් කළාය.
එහිදී ඇය අනාවරණය කළේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ 2026 වසරේදී සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ප්‍රධාන වැඩසටහන් 07 ක් යටතේ මුදල් ප්‍රතිපාදන ලැබීමට නියමිත බවයි.
ඒ අනුව, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ව්‍යාපෘතීන් 25 ක් සඳහා රුපියල් මිලියන 19.10 ක්, පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් 06 ක් සඳහා රුපියල් මිලියන19.32 ක් ,සංචාරක සංවර්ධන වැඩසටහන් 25 ක් සඳහා , රුපියල් මිලියන 471.67 ක් , ප්‍රජා ශක්ති වැඩසටහන් 38 ක් සඳහා රුපියල් මිලියන 60.0 ක් , ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන් 08 ක් සඳහා රුපියල් මිලියන 20.91 ක්, ග්‍රාම ප්‍රබෝධ වැඩසටහන් 03 ක් සඳහා රුපියල් මිලියන 0.58 ක් ලැබීමට නියමිත අතර ක්‍රීඩා පිටි සංවර්ධන වැඩසටහනක් සඳහා වැය වෙන මුදල මෙතෙක් ඇස්තමේන්තු ගත කර නොමැති බවද මෙහිදී ප්‍රකාශ වුණි. ඒ අනුව සහකාර අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළේ මේ වන විට ලැබී ඇති ප්‍රධාන වැඩසටහන් 07 යටතේ මෙම වසරට අදාලව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයය තුළ සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති 98 ක් සඳහා රුපියල් මිලියන 591.57 ක මුදලක් මේ වන විට ලැබීමට නියමිත බවයි. එලෙසම මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා දැනට ඇස්තමේන්තු ගත කර ඇති එම මුදල් ප්‍රමාණයන් යම් ආකාරයකට වෙනස් විය හැකි බවද ඇය එහිදීී වැඩිදුරටත් පැවසීය.
අද පැවැති මෙම මීගමුව සංවර්ධන කමිටු රැස්වීම සඳහා මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ මොහොමඩ් නුස්රි (සජබ) සහ සජිත් මෝගන් (ස්වාධීන) යන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා මෙන්ම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයකම සේවයේ නියුතු උසස් නිලධාරීන් නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.












