21 ට කලින් මීගමුවේ කඩ වස්සන්න නගරාධිපති මැදිහත්වෙලා ?

0
223
239383734 1708964182647814 4857288123161671100 n

කතෝලික සභාව විසින් මේ රජයට විරෝධය පළකරමින් දැවැන්ත විරෝධතාවයක් අගෝස්තු 21 වෙනිදා ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.
මේ අනුව යමින් මිගමුවේ පියතුමන්ලා මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ද ඒදිනට මිගමුවේ කඩ වසා දමා දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරිමට සැලසුම් කරගෙන යමින් සිටිති.
තතු එසේව තිබියදි ඊයේ දිනයේ මිගමුවේ නගරාධිපති දයාන් ලංසා විසින් මිගමුවේ වෙළද සංගම් නියෝජිතයන් කැදවා විශේෂ රැස්විමක් මිගමුව මහනගර සභාවේදි පවත්වා තිබේ.
නගරාධිපති දයාන් ලංසාගේ මැදිහත්විමෙන් පැවැති මෙම රැස්විමේදි හෙට සිට ( 19 ) සතියක කාලයකට මිගමු නගරයේ සියළු කඩ වසා දැමිමට තිරණය කර තිබේ.
රටතුල පවතින කොරෝනා අර්බුදය හමුවේ රජය කිසිදු විද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් එය පාලනය කිරිම සදහා රට වැසිමට පියවර නොගන්නා පසුබිමක ඇතැම් නගරවල වෙළද සංගම් විසින් යම් කාලයක එම නගර වල කඩ වසාදැමිමට දැනටමත් කටයුතු කරමින් ඇතැයිද මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
එහෙත් මිගමුවේදි කඩ වැස්සවිමට මුලිකත්වය ගෙන කටයුතු කිරිමට දේශපාලකයෙකු විසින් උනන්දුවෙන් කටයුතු කිරිම පිටුපස ඇති උවමනාව ඉතා පැහැදිලි යැයි කටුවාපිටිය ප්‍රදේශයේ වැසියෙකුද මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය .
ඇමති ජොන්ස්ටන් කියා සිටින්නේ මේ කඩ වැස්සවිම පිටපසු විපක්ෂයේ දේශපාලකයන් රජයට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here