spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

25 වසරක සේවය සමරණ දරිජු !

Must read

Dariju 2

වසර  25ක්    තමන්  විසින්  ජනතාව  වෙනුවෙන්  කරන ලද   සේවය  දෙස  ආපස්සට  හැරී  බලන    කෙනෙකුට  සතුටට  පත්විය  හැක්කේ   තමන්ගේ  එම  සේවය  නිසි  ලෙස  සිදුවී  ඇත්නම්  පමණි.  මේ  අනුව  එසේ   සතුටු  සිතින්  ග්‍රාම  නිලධරියෙකු  ලෙස   නිවැරදිව  සහ  අවංකව  ඉටුකළ  තම  සේවය   පිළිබඳවත්,  ඔහු  සමාජයට  ලබාදී  ඇති  ආදර්ශය  පිළිබඳවත්  රෝහාන්  දරිජු  මහතා  අපි  හඳුනාගෙන  සිටියෙමු.  මේ   කෙටි  සටහන ඔහුගේ යුග මෙහෙවර පිළිබදවය.

ඔබේ  පවුලේ  විස්තර   පිළිඳව  යමක්   කිව්වොත්…

මගෙ  තාත්ත  ඇන්ටනි  දරිජු.  එයා  විශ්‍රාමික  විදුහල්පති වරයෙක්.  අම්ම  මර්සි  සිල්වා.  අපේ  පවුලෙ  මම  වැඩිමලා. මට  නංගි  කෙනෙකුයි,  මල්ලි කෙනෙකුයි  ඉන්නව. නංගි  සිතාරා  වරලත් ඝනකාධිකාරීවරියක්,  මල්ලි  චන්දන  දරිජු  ඇඟළුම්  ආයතනයක  ඉංජිනේරු  වරයෙක්.  මගෙ   බිරිඳ  මාරි  ප්‍රනාන්දු  පෞද්ගලික  අංශයේ   විධායක  නිලධාරිණියක්.  දුව   අමෝදා  දරිජු   ආවේමරියා  විදුහලේ  ඉගෙනගන්නෙ(10ශ්‍රේණියේ).

ඔබේ  අධ්‍යාපන  කටයුතු….

මගෙ  තාත්ත  වැල්ලවීදිය  ඉස්කෝලෙ  සේවය  කරන  කොට  මමත්  ඒ  ඉස්කෝලෙ  තමයි  ඉගෙනගත්තෙ.ඊට  පස්සෙ  කුරණ  ශාන්ත  ආනා,  ශා.  මරියා,  හරිශ්චන්ද්‍ර  වැනි  පාසැල්  වල  මම  ඉගෙනගත්තා.කුරණදි  5  ශිෂ්‍යත්වය  පාස්වෙල  ශා.  මරියා  විද්‍යාලෙට  ගියා  උසස්පෙළ  කළේ  හරිශ්චන්ද්‍ර  විදුහලේ.  1991   කොළඹ  ශ්‍රී  ලංකා  කාර්මික  විද්‍යාලෙට  ගියා .  වානිජ  විද්‍යා  ඩිප්ලෝමා    දක්වා  අධ්‍යාපනික  කටයුතුවල  නිරත වන  අතර  1992දි  පැවැත්වූ  ග්‍රමනිලධාරී  තනතුර  සඳහා  වූ  තරඟ  විභාගයකින්  සමත්වෙල  1993දි  ග්‍රාමසේවක  තනතුර  ලැබුවා.

ඔබවිසින්  සිදුකරන  ලද  සමාජ  මෙහෙවරයන්  ගැන  යමක්  කිව්වොත්…

මම  විවිධ  සමිති  සමාගම්වල  තනතුරු  දැරුව.  ඒව  කෙටියෙන්  දක්වන්නම්.

*ග්‍රාම  නිලධාරි  සුභ සාධන  සමීතියේ  ආරම්භක  ලේකම්  සහ  හිටපු  සභාපති.

*ප්‍රාද්ශීය  ලේකම්  කාර්්‍යාලයේ  සුභසාධන  සමීතියේ  උප  සභාපති.

*සමස්ත ලංකා  රාජ්‍යසේවා  එක්සත්  ග්‍රාමනිලධාරි  සංගමයේ  ආරම්භක  ලේකම්.(  අද  දක්වාම)

*මීගමුව  කතෝලික  සාසනාරක්ෂක  බලමංඩලයේ  උප  ලේකම්.

*මීගමුව  අන්තර්  ආගමික  කමිටුවේ  සාමාජිකයෙක්.

*මීගමුව  සංස්කෘතික  බලමංඩලයේ  භාණ්ඩාගාරික.

*මීට  අමතරව  ආගමික  වශයෙන්  දේවස්ථානවල  කටයුතු  සඳහා  විශේෂයෙන්  මැදිහත්  වෙනවා  වගේම  ළමා  සමාජ,  ප්‍රජා  පොලිස්  ඒකක,  තරුණ  සමීති,  ග්‍රාමසංවර්ධන  සමීති,  ක්‍රීඩා  සමීති  වැනි  පොදු  දේවල්  වලදී    මෙන්ම  විවිධ  ජනතා  ප්‍රශ්ණ  වලදීද  මැදිහත්ව  කටයුතු  කරනවා.මේ  සියල්ලටම  වඩා  මම  ලේඛන  කලාවට  වැඩි  ඇල්මක්  දක්වනවා.  ඥාණාර්ථ  ප්‍රදීපය,  භක්තිප්‍රබෝධනය,  මීපුර  වැනි  පුවත්පත්වලට  ලිපි  සම්පාදනය  කළා.    ඡායාරූප  ශිල්පයටත්  ඇල්මක්  දැක්වූවා.

මෙසේ    ක්‍රියාත්මක  වූ  සමාජසේවා  කටයුතු  නිසාත්,  සේවා  කාලය  තුළ  අනිසි  වරදාන  වරප්‍රසාද  වලට  නතු  නොවී  සේවය  කළ  නිසාත්  මම  මේ  වසර 25  ගැන  සතුටින්  තමයි  ඉන්නෙ. කුරණ  කියන්නෙ  බුද්ධිමතුන්  උගතුන්  වැඩි  ප්‍රමාණයක්  ජීවත්වන  ප්‍රදේශයක්  ඒ  කාරණයත්  මගේ  සතුටට  හේතුවක්.  අවසාන  වශයෙන්  මට  කියන්න  තියෙන්නෙ    තමන්ගෙ   සේවය   නිසියාකාරව  ඉටුකිරීමත්,  රාජ්‍ය දේපල  රැක ගැනීමත් ,  කිසිදු  දේශපාලන  අධිකාරියකට  නතු  නොවි   කොන්ද  කෙලින්  තබාගෙන   රාජකාරිය  කිරීමට  හැකිවීමත්    රාජ්‍ය  සේවකයෙකු  සතුවියයුතු   ප්‍රධානතම  ගුනාංග  වියයුතු  බවයි.

රොහාන්  දරිජු  සිනාමුසු  මුහුණින්  යුතුව  මේ  අදහස්   ඉදිරිපත්  කරන  අතර   තම  සේවා  දායකයින්ගේ   සේවාවන්ද  නිසි  පරිදි  ඉටුකළේ   රාජකාරිය  ප්‍රමුඛ  තැන  තබමිනි.  වසර  25ක  ඔහුගේ   සේවාකාලයේ  වැදගත්  කම  ඉන්  මොනවට  පැහැදිළවිය.   වසර  25ක  සේවය  සමරණ  මේ  මොහොතේ   ඉදිරියටත්  එලෙසම  තම  සේවාව  නිසිලෙස  ඉටුකිරීමට   හැකි වේවායි  අපි  හද  පත්ලෙන්ම  ඔබට  සුභ  පතමු.
එමෙන්ම රොහාන් දරිජු මහතා සමගින් තවත් ග්‍රාම නිළධාරින් තිදෙනෙකුද සිය 25 වසක සේවාමය දිවිය සැමරුම එදිනට යෙදි තිබුණි.ඒ සැමටට මිපුර අපේ සුපැතුම් එක්කරනු කැමැත්තෙමු !
ජාරාජිර්ණ වෙමින් යන දේශපාලන අධිකාරියක අණසක යටතේ පවතින නගරයක පරිපාලනම කටයුතු ප්‍රතිපත්තිගරුකව කිරිමම ප්‍රබල අභියෝගයකි.
ඒ අභියෝගයට වඩාත් ශක්තිමත්ව මුහුණ දිමට මේ සැමට හැකිවේවාය යන්න අපේ අවසන් ප්‍රාර්ථනයයි.Dariju 1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article