spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අළෙවි කිරීමට සූදානම් කර තිබූ ඩොල්ෆින් මාළු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

(2.22pm) අද පාන්දර 5.30 ට පමණ මීගමුව පිටිපන ලෙල්ලමේදී  ඩොල්ෆින් මත්ස්‍යයෙකු මරා අළෙවි කිරීමට සූදානම් වී සිටි මාළු වෙළෙන්දෙකු  ධිවර දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්  සහ  මීගමුව නාවුක  බුද්ධි අංශ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා සතුව තිබී  ඩොල්ෆින් මාලු කිලෝ  27 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඔහුව මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. dolfin-seller
එහිදී ඔහුට රු 10000ක දඩයක් නියම කර තිබුණි. ඩොල්ෆින් මත්ස්‍යා මුහුදු ක්ෂීරපායි සත්ව ගනයට අයත් වන මත්ස්‍යයෙකු වන අතර මෙම මත්ස්‍යා ඇල්ලීම,හෝ අළෙවිකිරීම හෝ ලඟ තබාගැනීම  වරදක් වන අතර නීතියෙන් තහනම්  කර ඇත.
මෙම වැටලීම  මීගමුව දිස්ත්‍රික් ධීවර  කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂක රංජිත් බංඩාර මහතාගේ අධීක්ෂණයෙන් සිදුකළ අතර  වැටලීම සඳහා මීගමුව නාවුක  බුද්ධි අංශ නිලධාරීන් සහ ධීවර නිලධාරීවරුන් වන , එම්.පී.යූ.කේ. මාරසිංහ,ඒ.පී.එස් නවරත්න, ගාමිණී උදයකුමාර, සංවර්ධන නිලධාරී ඩබ්.එස්.කේ වික්‍රමආරච්චි, එස්.ටී. එදිරිසිංහ  යන මහත්වරුන් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article