spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලෙකෝ මේ මොකෝ …?

Must read

පසුගිය මාස කිහිපයේදී මීගමුව නගරය තුල උන් හිටි ගමන් විදුලිය ඇන හිටීම නිසා මීගමුව ලංකා විදුලිය පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ  ආයතනයට නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවේ බලවත් අප‍්‍රසාදය පල වේ.

මීගමුව නගරයේ ව්‍යාපාරිකයන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ බස්නාහිර පලාතේ සහ ගම්පහ දිස්තී‍්‍රක්කයේ වැදගත් හා ප‍්‍රධාන ආර්ථීක මරමස්ථානයක් වන මීගමුව නගරයට දෛනීකව විවිධ වානිජ අවශ්‍යතාවයන් සදහා රටේ නන් දෙසින් දහස් ගනණින් ජනතාව පැමිණෙන බවයි. එවන් තත්වයක් තුල නගරයේ විදුලි සැපයුම අඛන්ඩ හා විධිමත් ලෙස තිබිය යුතු වන අතර එලෙස සිදු නොවන විට තම ව්‍යාපාරික කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යාමට බාධා මතු වන බවද ඔවුන් පෙන්වා දේ.

එසේම මීගමුව යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම සංචාරක කලාපයකි. එලෙසම දැනට ලංකාවේ ඇති එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල වන කටුනායක ගුවන් තොටුපල මිගමුව නගරයට ආසන්නව පිහිටීම නිසාත් මේ නගරයේ නිරන්තරයෙන්ම විදේශීය සංචාරකයන් රැු`දී සිටිනු දැක ගත හැකිය. එලෙසම මෙහි වෙරළ කලාපයේ  සංචාරක හෝටල් සමුහයක් ඇති නිසාත්  විදුලිය යනු මීගමුවට ඉතා දැඩි ලෙස අවැසි සහ ඉතා විධිමත්ව හා වගකීම් සහිතව පවත්වා ගෙන යා යුතු සේවාවකි.

එලෙසම මීගමුවේ පවත්නා ධීවර කර්මාන්තයද අද වන විට  මහා පරිමානයෙන් සිදු කරනු කර්මාන්ත අතරින් එකකි. ඒ නිසා මෙහි වීශාල ලෙස මසුන් ගබඩා කරන ශීතාගාර වැනි මෙම කර්මාන්තයට අවැසි වන ප‍්‍රධාන පහසුකම් අඛන්ඩව පවත්වා ගෙන යා යුතුය. ඒ නිසා මීගමුවට විදුලිය යනු අත්‍යාවශ්‍ය සේවාවකි. එහෙත් මේ නගරය අශී‍්‍රත ප‍්‍රදේශයේ මෙලෙස අඛන්ඩව විදුලිය ඇන හිටීම මේ සිය`ඵ කර්මාන්ත වලට එල්ල කරන්නේ ඉතා අහිතකර තත්වයකි. එවැනි සේවාවක් අඛන්ඩව හා විධිමත්ව සැපයීමට නොහැකි වුවහොත් එහි බලපෑම සමස්ථ මීගමුව ප‍්‍රදේශයේ සිය`ඵ ව්‍යාපාරයන් වලට එය දැඩි ලෙස බලපාන ලබන බව අවිවාදිතය.

මේ පිලිබ`දව අදහස් දක්වන මීගමුව ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන ‘‘ බී‍්‍රටිෂ් ඔෆ්ටිකල්ස් ’’ හී අධිපති දෘෂ්ඨි විශේෂඥ වෛද්‍ය ඉයන් මහතා පවසන්නේ ලංකාවේ  මෙවැනි ප‍්‍රධාන හා සුප‍්‍රසිද්ධ නගරයක විධිමත්ව තිබිය යුතු විදුලි සේවාව අඛන්ඩව පවත්වා ගෙන යාමට අදාල වගකිව යුතු ආයතනයට නොහැකි නම් එය පෞද්ගලික අංශයට හෝ එම සේවාව නිසි ලෙස ලබා දිය හැකි වෙනත් රජයේ ආයතනයකට හෝ ලබා දී නගරයේ ව්‍යාපාරිකයන් ඇතු`ඵ එම ප‍්‍රජාවට අඛන්ඩ සේවාවක් ලබා දීමට නගර පරිපාලන බලධාරීන් පියවර ගත යුතු බවයි.  එලෙසම ඔහු පවසන්නේ මිගමු නගරයේ විදුලි සැපයීම විදුලි බල මන්ඩලයෙන් සිදු කල පෙර කාලයේදී ද මෙවන් තත්වයකට මුහුණ දුන්නත් ලෙකෝ ආයතනය මේ සේවාව භාර ගත් මුල් වර්ෂ එක, දෙක තුල ඉතාම වගකීමෙන් යුතුව විධිමත් හා අඛන්ඩ විදුලි සැපයුම් සේවාවක් පවත්වා ගෙන ගිය බවයි. එහෙත් මෑතක පටන් ලෙකෝ ආයතනයද එම වගකීම් පැහැර හරිමින් පෙර විදුලි බල මන්ඩලයෙන් ලබා දුන් අවිධිමත් හා අකාර්්‍යක්ෂම සේවාවට සමාන සේවාවක් සැපයීම ඉතාම කනගාටුදායක බවද ඔහු වැඩි දුරටත් පවසයි. තවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මීගමුව නගරය පාලනය කරන නගර සභා බලධාරීන්ගෙන්ද මේ ගැටඵව විසදා නගරයේ ව්‍යාපාරින ප‍්‍රජාවට විධිමත් හා අඛන්ඩ විදුලිය සැපයීමක්  සිදු කිරීමට යම් සැලසුම් සහගත වැඩ පිලිිවෙලක් කි‍්‍රයාත්මක කල යුතු බවයි. මෙලෙස නගරයේ විදුලිය ඇන හිටින අවස්ථා වලදී නගර සභාවේ හෝ වගකිව යුතු වෙනත් ආයතනයක මුලිකත්වයෙන් අධි බලැති ජෙනරේටරයකින් නගරයේ විදුලි සැපයුම යලි ලබා දීමේ හැකියාව පවතින බවත් ,ලොව වෙනත් දියුණු සුප‍්‍රසිද්ධ නගර වලද එවැනි ක‍්‍රම අනුගමනය කිරීම නිසා එවැනි නගර වල මෙලෙස විදුලිය ඇන නොසිටින බවද ඔහු පෙන්වා දේ.

අප හා අදහස් දැක් වූ පොත් පත් අලෙවි හලක හිමිකරුවෙකු සදහන් කලේ විදුලිය ඇන හිට ඇති  අවස්ථා වලදී ලෙකෝ ආයතනයේ දුරකථන කි‍්‍රයාවිරහිත වීම හෝ එක්කෝ එන්ගේජ් වීම අනිවාර්්‍යත්‍යන් සිදු වන අතර ඇතැම් දිනවල එම කාර්ාලයට ගොස් ඒ පිලිබ`දව විමසීම් කල විටදී එහි කාර්්‍යය මන්ඩලය පවසන්නේ විදුලි සේවාවේ අ`ඵත් වැඩියාකීරීම් සිදු කරන නිසා එලෙස නොදන්වාම විදුලිය ඇන හිට ඇති බවයි. එහිදී එම ව්‍යාපාරිකයා පවසන්නේ රාතී‍්‍ර 10 හෝ 11 පසුවී සිට පසුදා පාන්දර වන තෙක්ම  අ`ඵත් වැඩියාකීරීම් සිදු කිරීමට එම සේවකයන් ට වැඩි හැකියාවක් ඇතත් කිසිදු දිනෙක එම වේලාවන් වලට ඔවුන්  අළුත් වැඩියාකීරීම් සිදු නොකරන බවයි. එමෙන්ම ඔහු වැඩි දුරටත් අවධාරනය කරන්නේ නගරයේ ව්‍යාපාරිකයන්ටත් නගරයට පැමිනෙන හා නගරයේ වසන සමස්ථ ජනතාවටත් කරදරයක් හිරිහැරයක් හෝ පාඩුවක් සිදු නොවන පරිදි විදුලි සැපයුමේ එම අළුත් වැඩියාකීරීම් සිදු කල යුතු බවයි.  එහෙත් එවැනි සාධනීය මට්ටමින් මෙම ගැට`ඵවට විස`දුම් සෙවීමට තරම් මීගමුව ලෙකෝ ආයතනයේ බලධාරීන්ට හා නිලධාරීන්ට උවමනාවක් නැතැයි ඔහු වැඩි දුරටත් චෝදනා කරති.

ලෙකෝ ආයතනය සම්බන්ධයෙන් නැගෙන මේ චෝදනාවන්ට එම නිලධාරීන්ගේ අදහස් වීමසා සිටීමට දින කිහිපයකදී කිහිප වතාවකදීම එම කාර්්‍යාලයේ 031-2222914 සහ 031-2222349 යන දුරකථන අංක වලට කථා කර

‘‘ මීපුර ’’ පුවත් පතෙන් කථා කරන්නේ යැයි ප‍්‍රකාශ කල විට, එහි සිටින නිලධාරියෙකු ඒ සෑම අවස්ථාවකදීම ප‍්‍රකාශ කලේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා ඇතුඵ කාර්යාලයේ වගකීම් දරණ නිලධාරීන් සියළු දෙනා කොළඹ ප‍්‍රධාන කාර්්‍යාලයේ පැවැත්වෙන රැුස්වීම් වලට සහභාගී වීමට ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මීගමුවේ ව්‍යාපාරිකයන් ඇතු`ඵ බහුතර නගරවාසීන් ලොකෝ ආයතනය සම්බන්ධයෙන් දැනට කලක පටන් කරනු ලබන මේ චෝදනාවන් හා විවේචන සරල කරුණු යැයි ප‍්‍රකාශ කරමින් බැහැර කිරීමට හැකියාවක් නැත. මීගමුව තුල අද වන විට සිදු කරනු ලබන බහුතර ව්‍යාපාරික කටයුතු ස`දහාද, ව්‍යාපාරයන් පවත්වා ගෙන යනු ලබන ස්ථානයන්ටද අත්‍යාවශ්‍ය සාධකය වන්නේ විදුලි සේවාවයි. එලෙස අත්‍යාවශ්‍යම සේවාවක් විධිමත්ව හා  අඛන්ඩව නොලැබුනු විටදී එම ව්‍යාපාර පවත්වා ගත නොහැකි තත්වයට පත් වීම ස්වභාවික තත්වයකි.  මේ පිලිබ`දව සරල හා කෙටි විස`දුම් ලබා නොදී ස්ථීරසාර සැලසුම් සහගත විස`දුම් ලබා දී අඩුම තරමින් මීගමුව නගරය තුල හෝ විධිමත් හා අඛන්ඩ විදුලි සේවාවක් සැපයීමට ලොකෝ ආයතනයේ බලධාරීන් මෙන්ම නගර සභාවේ බලධාරීන් ද ඉතා ඉක්මනින් කි‍්‍රයා කාරී විය යුතුව තිබේ. එසේ නොවන්නට මීගමු නගරයේ ව්‍යාපාරිකයන් වෙතින් එල්ල වන මේ විවේචන හා චෝදනා මතු දිනෙක මීට වඩා තවත් දැඩි වනු නොවනුමානය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article