.
1951 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 75 ක් පිරීම නිමිති කරගෙන එම 75 වෙනි සංවත්සරය සැමරීමට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරන පාපැදි සවාරිය ඊයේ දින (27/02/2026) උදෑසනදී මීගමුව , ගල්කන්ද හංදියෙන් ආරම්භ කරන ලදී.
27 වන වතාවට මෙවර පවත්වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා එහි ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගි වූ අතර තවත් ගුවන් හමුදා උසස් නිලධාරින් පිරිසක්ද මෙම ආරම්භක අවස්ථාව සඳහා
සහභාගි වූහ.
මෙවර මෙම පාපැදි සවාරිය අදියර 04 කින් පැවැත්වෙන අතර එහි සමස්ත දුර ප්‍රමාණය වන්නේ කිලෝ මීටර 424.8 කි. මෙහි ප්‍රථම අදියර මීගමුවේ සිට පුත්තලම දක්වා වන අතර එම ප්‍රථම අදියර සඳහා කිලෝමීටර 127.5 ක් ආවරණය කළ යුතු වේ. එලෙසම මෙවර මෙම පාපැදි සාවාරිය සඳහා කණ්ඩායම් 32 ක් නියෝජනය කරමින් පාපැදි ක්‍රීඩකයින් 233 දෙනෙකු සහභාගී වන අතර ඉන්දියාව , රුසියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය වැනි විදේශ වලින් ද මෙවර මෙම පාපැදි සවාරිය සඳහා ක්‍රීඩකයන් 30 දෙනෙකු පමණ සහභාගී වීම ද විශේෂත්වයකි.
මීගමුව ගිනි නිවන ඒකකයෙන් පාපැදි ක්‍රීඩකයන් 09 දෙනෙක්.
තවද මෙම 27 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරීය සදහා ප්‍රථම වතාවට මීගමුව මහා නගර සභාවට අනුයුක්ත මීගමුව ගිනි නිවන ඒකකයේ සෙවයේ නියුතු පාපැදි ක්‍රීඩකයන් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ. එම පාපැදි ක්‍රීඩකයන් 09 දෙනා සඳහා පූර්ණ මූල්‍ය
අනුග්‍රහය ලබා දී තිබෙන්නේ තව නොබෝ දිනකින් මීගමුව පුරවරයේදී විවෘත වීමට නියමිත “”ලයිෆ් ලයින් ” (Life Line) පුද්ගලික රෝහලේ අධිපති සහ මිගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා විසිනි.
මෙම පාපැදි සවාරියේ ආරම්භක අවස්ථාව සඳහා, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු, නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ, ලයිෆ් ලයින් පුද්ගලික රෝහලේ අධිපති සහ මීගමුව සංචාරකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණ කුමාර සහ මිගමුව මහා නගර සභා ප්‍රධාන ඉංජිනේරු සුමින්ද යන මහත්ම මහත්මාවීන් ද සහභාගි වූහ.
ඡයාරූප .-
එන්.ඉසෙඩි. සාජහාන්



















