වැල්ලවිදියේ තරුණියගේ මරණයට හේතුවු හෝටල්කාරයා නිදැල්ලේ ..???

0
170

තරුණියකගේ ජිවිතයක් සමගින් සෙල්ලම් කළ හෝටල්කාරයෙකු නිසා තරුණ දියණියක් වැල්ලවිදිය ප්‍රදේශයේදි ගෙල වැල ලාගෙන මිය ගිය ගොස් තිබුනේ මිට දින 3 කට පමණ පෙරය.
ඇය සිය ජිවිත හානියට වගකිව යුතු පාපතරයෙකු ගැන ලිපියක ලියා තිබුණි. ඒ ලිපිය ඇගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ අවස්ථාවේදි අදාල බලධාරින්ට ලැබි තිබුන අතර ඒ අනුව මිගමුව පොලිසිය විසින් මේ පාපතරයාට අදාලව නීතිය ක්‍රියාත්මක කළයුතුව තිබේ.

වැල්ලවිදියේ ජනතාව මිනිමරුන්ට එරෙහිව කළු ඉරිදා සමරා ගෙවි ගොස් ඇත්තේ තවමත් දින කිපයකි.

ඒ වැල්ලවිදියේම ගමේ හෝටල්හිමියෙකු විසින් තරුණ දියණියගේ ජිවිතය බිලිගන්නට කටයුතු කර ඇතැයි දැනටමත් බරපතල චෝදනාවක් එල්ල වි තිබේ
මේ පාපතරයාට ගැලවි යාමට ඉඩදෙන්නේ නම් මිගමුව වැල්ලවිදියේ ජනතාවගේ කිතුණුකම මෙන්ම මිනිස්කම මොකටදැයි විමසිය යුතුව තිබේ.

සල්ලිකාරකම්, බලපුලුවන්කාරකම් මත නීති නමන අයුරු ඇස් පනාපිට දකිමින් සිටින මිගමුව තුල යුක්තිගරුක ජනයා මේ තරුණ දියණියට මරු කැදවු ඒ හෝටල්කාරයාට කෙසේවත් බේරියාමට ඉඩනොදිය යුතුව තිබේ.
තරුණ දියණිය සිය ජිවිතය අහිමිකරගැනිමට මත්තෙන් ලියා ඇතැයි කියන ලියුමක ඉතා පැහැදිලිව ඇයගේ දිවි අහිමිකරවිමට තුඩු දුන් පුද්ගලයා කව්දැයි ලියා තිබේ.
ඒ ගැන අදාල බලධාරින් දැනටමත් දැනුවත් අතර මාධ්‍ය විසින්ද ඔහු කව්දැයි නම්කර තිබේ.
තතු එසේව තිබියදි මිගමුව පොලිසිය අදාල පාපතරයාට එරෙහිව ලිහිල් නිතියක් අනුගමනය කිරිමට සැරසෙන්නේ නම් වැල්ලවිදිය ගමේ ඒ දියණිය වෙනුවෙන් පෙරට පැමිණිය යුතුව ඇත්තේ මිගමුවේ යුක්තිය අගයන දහම වෙනුවෙන් පේවි සිටින කිතුණු බොදුනු,හින්දු සහ මුසල්මානු ජනයාය.

දිවි අහිමිකරගත් තරුණිය විසින් සිය මරණයට වගකිව යුතුයැයි නම්කර ඇති තැනැත්තා මිගමුව වැල්ලවිදියේ Winston seafrot villa නම් වු හෝටලයේ ශ්‍රිලාල් ප්‍රනාන්දු නැමැත්තෙකි

ඩීල් පප්පන් , රජකරන , කරනම් ගසන, මිගමුව තුල මරණයක් අරභයා වුව ඩිල් නම් කියක් වැටෙයිදැයි අමුතුවෙන් කිව යුතුව නැත.
ඒ මන්දයත් මිගමුවේ ඇතැම් රාජ්‍ය නිළධාරින් සිටින්නේ නිතිය නමන්ටමදැයි සිතෙන තරමට ඒ ඇත්තෝ නිති නමන නිසාය…

යුක්තිය වෙනුවෙන් කළු කොඩි එසවු දහස් ගණන් ජනයා ජිවිතයක් බිලිගත් පාපතරයෙකුට බේරියාමට කිසිලෙසකින්වත් ඉඩ නොදිය යුතුව තිබේ. රටක් දැන් බලා සිටින්නේ දැන් ඒ ගැනය