කිසි දා සුද්ද නොවන කානු නිසා අපි සැමදා පීඩාවට ලක්වෙමු…..

0
578

IMG 20210604 WA0005
IMG 20210604 WA0025

මෙම පින්තූර වලින් දැක්වෙන්නේ දළුපත , පෙත්තන් ඇල උතුරා යාම නිසා අපේ ගෙදර ගංවතුරින් යටවී ඇති ආකාරයයි.

මීගමුවේ තමන්ට අදාල තැන්වල කානු පමණක් පිරිසිදු කරගන්නා මීගමු මහ නගර සභාව එසේ නොවන තැන් පිළිබඳව කිසිදා සොයා බැලීමක් නොකරති. ඒ නිසාම වැසි දිනවලදී ඇලවල් උතුරා යන හෙයින් , අප පීඩාවට ලක්වන බව නිතර නිතර හඬගා කියන නමුත් ඒවා බීරි අලින්ට වීණා ගායනා සේ වූ බව කිව යුතුය. ප්‍රදේශයේ සමහර දේශපාලකයෝ කානු පිරිසිදු කරන නියෝග පවා කඩකළේ තමන්ට ලැබෙන වාසි පදනම් කරගෙනය. එසේ අදාල බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසාම කානුවල මදුරුවන් බෝවීමේ ප්‍රතිඵලයක් ලෙස දළුපත ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් සලකුණු කළ ප්‍රදේශයක් විය. මෙවරද දළුපත, ගෝමස් වත්ත, රබර් වත්ත තැබෑරුම් වත්ත යන සෑම ස්ථානයකම ජනතාව තමන්ගේ නිවස තුළම ගංවතුර සමඟ පොරබදන ආකාරය දැකිය හැක. සමහරු නිවෙස් තුළ වතුර ඉවත් කිරීමට වතුරේ කාලය ⁣ගත කිරීම නිසාත්, කොරෝනා වසංගත තත්වය මත යාම් ඊම් කළ නොහැකි නිසාත් දැඩි අසරණ භාවයකට පත්ව ඇත.

IMG 20210604 WA0023
IMG 20210604 WA0025
IMG 20210604 WA0005
IMG 20210604 WA0029



ගංවතුර ආධාර යනු සමසේ නොබෙදෙන එකකි. පීඩාවට ලක්වන අය ගැන නිසි අවධානය යොමු නොකර සිදුකරන ප්‍රදර්ශණශීලී සහ සමහර දේශපාලකයින්ට ලකුණු දමා ගත හැකි වැඩකි. ඒනිසා ඒවා ගැන කතාකිරීමෙන් පලක් නැත. නමුත් අප මෙම සටහන තුළින් අද මතුවී ඇති ගංවතුර තත්වය ගැන වගකිවයුතු බලධාරීන්ට යම් අනතුරු ඇඟවීමක් කරමි. එනම් ඉදිරියේදී ඔබ ඔබේ ඇඟ බේරාගෙන කරන දේශපාලනය සහ අනෙකුත් වගකීම් විරහිත සියළු කටයුතු දෙස ජනතාවගේ පැත්තෙන් දැඩි අප්‍රසාදයක් එල්ලවීම ඔබට වැළැක්විය නොහැකි බව පමණක් සටහන් කරමු….
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here