පිට්ටනියක් හදන්න පස් ඇද මාර්ගය වාරිමාර්ගයක් කරයි.

0
227
IMG 20211112 WA0077
IMG 20211112 WA0078


” සාන්ත ආනා පාර ” දිවුලපිටිය පාරේ පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට ඇති පාරකි. මෙම පාර අයිති වන්නේ කටාන ආසනයටය. කටාන ප්‍රාදේශීය සභාවෙන් තාර දමා තිබුණු නමුත් අද තාර දැමූ බවක් වත් පෙනෙන්නට නැත .

පසුගිය කාලය තුළ සාන්ත නිකුලස් පුද්ගලික පාසැලට පිට්ටනියක් හැදීම සඳහා බර වාහන යොදා ගල් , පස් ආදිය අදින ලද්දේ මෙම පාරෙනි. තවමත් එලෙසම කටයුතු සිදුවන හෙයින් මෙම පාරේ ගමන් කිරීම අසීරුවී ඇති⁣ නමුත් පාර පරිහරණය කරන අය මේ සඳහා උනන්දුවක් දක්වන පාටකුත් නැත .

සාන්ත නිකලස් විදුහළ ට හැදෙන පිට්ටනිය ගැන සොයා බැලීම සඳහා නිරන්තරව පාසලේ නායක පියතුමන්ලා ද මෙම ස්ථානයට පැමිණෙති. නමුත් ඒ අය පාර පිළිබඳව සොයා බලන්නේ නැත . ඤඅදාල ජනතාව ද කිසිවක් සිදු නොවූනා සේ කටයුතු කරති.
වරක්, දෙවරක් ප්‍රදේශ වාසීන් මේ ගැන පියතුමන්ලා සමඟ සාකච්ඡා කළ නමුත් කිසිදු ප්‍රතිඵලයක් නොලැබිණ. ඔවුන්ගෙන් සමහර අයගේ දරුවන් මෙම පාසලට යන හෙයින් , එසේ නිහඬව සිටීමට හේතුවක් වන බව සමහරු පවසති.

කෙසේ නමුත් පාරේ ගමන් කරන්නෝ කාටදෝ බැන අඬගහමින් පාරේ යන එන බව පෙනේ. “වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව” යන කියමන සිහි වන්නේ පාර ගැන මේ වනවිට කිසිවෙකු කිසිදු පියවරක් නොගන්නා බැවිනි .
පිට්ටනිය හදන පාසලේ පියතුමන්ලාට සහ අනෙකුත් බලධාරීන්ට අප අවධාරණය කරන්නේ මෙම පාර හැදීම ඔබගේ යුතුකම සේම වගකීමක්ද වන බවයි.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here