බිත්තර කඩෙන් මතුවන දියුණුවේ ආදර්ශය….

0
444

IMG 20211116 132235
IMG 20211114 110636

මීගමුව කටාන පාරේ ඇවෙන්ඩ්‍රා හෝටලය ආසන්නයේ ඇති M S A Shop කියන්නෙ නවාස් මුදලාලිගෙ බිත්තර කඩේ. නමුත් අද එම ස්ථානය කඩවල් තුනකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයක්. ඒ අනුව බිත්තර , කුකුළු මස්, සහ සිල්ලර බඩු යන පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය දේ මෙම ස්ථානයෙන් විශ්වාස⁣යකින් යුතුව ලබා ගැනීමේ හැකියාව තියෙනවා .
ඒ නවාස් මුදලාලිගෙ ව්‍යාපාරික හැකියාවෙ ප්‍රතිඵලයක්.

IMG 20211116 132047
IMG 20211116 132027


ඒ අනුව පළමුව කුඩාවට පටන්ගත්ත බිත්තර කඩයට කුකුළු මස් කඩයත්, ඉන්පස්සෙ සිල්ලර කඩයත් ඒකතු වෙනවා . නවාස් මුදලාලි කියන්නෙ වසර හයකට පෙර පටන් ගත්ත මෙම බිත්තර වෙළඳාම කරගෙන යාමට තමන්ගෙම කුකුළු ෆාම් එක නිසා වඩාත් පහසු වූ බවයි. ඒනිසා ඒ සමගම මස් කඩයද ඉන් පසු සිල්ලර කඩය දක්වා පැමිණි ගමන තුළ අද සාර්ථක පියවරක් තබා ඇති බව ප්‍රකාශ කළේ ලොකු සතුටකින්.
ඔහුගේ කඩේ ඇතුලට එබිකම් කර බලන විට එහි බිත්ති වල කුරුටු ගා ඇති පාඨ වලින් MSA Shop එකට ඔහුගෙ අදහස්වල බලපෑම කියැවෙනව.

  • කොරෝනාවලට බෙහෙත් ඇත, ඉරිසියාවට බෙහෙත් නැත .

*කාසි සද්ද කළාට , නෝට්ටු සද්ද නැත .

  • අලිය යනව පේ⁣න්නෙ නෑ, කූඹිය යනව පේනව.

    සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here