මිනුවන්ගොඩ දී ජාතික ජන බලවේග ක්‍රියාධරයෙකුට පහරදීමක්

0
292

Untitled 9

මිනුවන්ගොඩ, තම්මිට ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුට ඊයේ (09/19) රාත්‍රියේ පහරදීමක් කර ඇතැයි වාර්තාවේ. එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් මෙම පහර දීම කර ඇතැයි ද එහිදී වාර්තා වුනි.
පහර කෑමට ලක් වූ “සිරිවර්ධන” නම් මෙම පුද්ගලයාගේ නාසය සහ මූහුණ ප්‍රදේශයට කරන ලද පහරදීම් හේතුවෙන් ඔහු මේ වන විට තුවාල ලබා, ප්‍රතිකාර පිණිස, ගම්පහ රෝහලට ඇතුලත් කරඇත.
මෙම පහර දීම සම්බන්ධ පුද්ගලයකු මේ වන විට මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. වාර්තා වන පරිදි එම සැකකරු ව අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here